පඤ්චකය
1. ආපත්ති පසෙකැ. ආපත්තිස්කන්ධ පසෙකැ. විනීතවස්තු පසෙකැ. ආනන්තරික කර්ම පසෙකැ. නියත පුද්ගලයෝ පස් දෙනෙකැ. ඡේදනක ආපත්ති පසෙකැ. පස් අයුරෙකින් ඇවැතට පැමිණෙයි, මුසාබිණීම හේතු කොට ගෙණ ඇවැත් පසෙකි.
2. පස් අයුරෙකින් විනය කර්මයට නො පැමිණේ: තෙමේ හෝ විනය කර්මය නො කෙරෙයි. මෙරමා හෝ ආරාධනය නො කෙරෙයි. ඡන්දය හෝ පාරිසුද්ධිය හෝ නො දෙයි. කර්මය කරණු ලබන කල්හි පිළිකෙව් කෙරෙයි. යළි කර්මය කළ කල්හි අධර්මදෘෂ්ටි ඇත්තේ හෝ වෙයි.
පස් අයුරෙකින් විනය කර්මයට පැමිණේ. තෙමේ හෝ විනය කර්මය කෙරෙයි. මෙරමා හෝ ආරාධනය කෙරෙයි. ඡන්දය හෝ පාරිසුද්ධිය හෝ දෙයි. කර්මය කරණු ලබන කල්හි පිළිකෙව් නො කෙරෙයි. යළි කර්මය කළ කල්හි ධර්මදෘෂ්ටි ඇත්තේ හෝ වෙයි.
3. පිණ්ඩපාතික මහණහට කැප දෑ පසෙක: අනාමන්තචාර යැ ගණභෝජන යැ පරම්පරභෝජන යැ අනධිෂ්ඨාන යැ අවිකල්පන යි.
4. පසඟින් යුත් මහණ පවිටු වුව ද ක්ෂීණාස්රව වුව ද සැක කරණ ලද්දෙක් නැවැත නැවැත සැක කරණ ලද්දෙක් වෙයි: වෙසඟනන් ඇසුරුකරන්නේ හෝ යැ. වැන්දඹුවන් ඇසුරු කරන්නේ හෝ යැ. යොවුන් බවට පත් අවිවාහක ස්ත්රීන් ඇසුරු කරන්නේ හෝ යැ. පණ්ඩකයන් ඇසුරු කරන්නේ හෝ යැ. භික්ෂුණීන් ඇසුරු කරන්නේ හෝ යි.
5. තෙල් පසෙක: තල තෙලැ අබ තෙලැ මී තෙලැ එරඬු තෙලැ වුරුණු තෙලි.
වුරුණු තෙල් පසෙක: වලස් තෙලැ මස් තෙලැ කිඹුල් තෙලැ හූරු තෙලැ කොටළු තෙලි.
6. ව්යසන පසෙක: ඥාතිව්යසන යැ භොග ව්යසන යැ රෝග ව්යසන යැ ශීල ව්යසන යැ දාෂ්ටි ව්යසන යි.
සම්පත්ති පසෙක: ඥාතිසම්පත්ති යැ භෝගසම්පත්ති යැ ආරෝග්යසම්පත්ති යැ සීලසම්පත්ති යැ දිට්ඨිසම්පත්ති යි.
7. උපාධ්යායයා කෙරෙන් නිස මිදීම් පසෙක: උපාධ්යාය තෙමේ බැහැර ගියේ හෝ වෙයි, උපැවිදි වූයේ හෝ වෙයි, කලුරිය කෙළේ හෝ වෙයි, අන්තොටුබවට ගියේ හෝ වෙයි, ඇණවීම මැ පස් වැනි වේ.
පුද්ගලයෝ පස් දෙනෙක් උපසපන් නො කටයුතු වෙති: උනු විසි වයස් ඇත්තේ යැ. විකල වූ අවයව ඇත්තේ යැ. වස්තු විපන්න යැ, ථෙය්යසංවාසාදි දුෂ්කෘත කර්ම ඇත්තේ යැ පිරිපුන් පා සිවුරු නැත්තේ යි.
8. පාංශුකූල පසෙක: සොහොන් පිළි යැ අවන් පිළි යැ මීයන් කෑ පිළි යැ වේයන් කෑ පිළි යැ ගින්නෙන් දැවුණු පිළි යි.
අනෙකුදු පාංශුකූල පසෙක: ගෙරින් කෑ පිළි යැ එළුවන් කෑ පිළි යැ තුඹස් සිසාළ පිළි යැ බිසෙවුමඩු පිළි යැ මිනී ඔතා ගෙණ පිළි යි.
9. අවහාර පසෙක: සොරසිතින් ගැන්ම යැ සැහැසිකමින් ගැන්ම යැ පිරිකපා ගැන්ම යැ පිළිසන් කොට ගැන්ම යැ කුසපත් පෙරැළි කොට ගැන්ම යි.
10. මහ සොරු පස් දෙනෙක් ලොව්හි විද්යමාන වෙති.
නො විසඳිය යුතු භාණ්ඩ පසෙකි.
නො බෙදිය යුතු භාණ්ඩ පසෙකි.
පස් ඇවැතෙක් කයින් නඟියි, වචනයෙන් නො නඟියි, සිතින් නො නඟී.
පස් ඇවැතෙක් කයින් ද වචනයෙන් ද නඟියි, සිතින් නො නඟී.
පස් ඇවැතෙක් දේශනාගාමීනි යැ.
සඞ්ඝ වර්ග පසෙකි.
පාමොක් උදෙසීම් පසෙකි.
සියලු පසල් දනවුහි විනයධරයකු පස්වැනි කොට ඇති ගණයා විසින් උපසම්පදා කර්ම කළ යුතු යි.
කඨිනය ඇතිරීමෙහි අනුසස් පසෙකි.
විනය කර්ම පසෙකි.
තුන් යළ තෙක් කීමෙහි ඇවැත් පසෙකි.