චතුෂ්කය
1. ඇවැතෙක් ඇත සිය වදනින් අවදියි. පර වදනින් නැඟී සිටී. ඇවැතෙක් ඇත පර වදනින් අවදියි, සිය වදනින් නැඟී සිටී. ඇවැතෙක් ඇත සිය වදනින් අවදියි, සිය වදනින් නැඟී සිටී. ඇවැතෙක් ඇත පර වදනින් අවදියි, පර වදනින් නැඟී සිටී.
ඇවැතෙක් ඇත කායද්වාරයෙන් අවදියි වාග්ද්වාරයෙන් නැඟී සිටී. ඇවැතෙක් ඇත වාග්ද්වාරයෙන් අවදියි කායද්වාරයෙන් නැඟී සිටී. ඇවැතෙක් ඇත කායද්වාරයෙන් අවදියි, කායද්වාරයෙන් නැඟී සිටී. ඇවැතෙක් ඇත වාග් ද්වාරයෙන් අවදියි වාග් ද්වාරයෙන් නැඟී සිටී.
ඇවැතෙක් ඇත නිදිගත්තේ අවදියි පිබිදියේ නැඟී සිටී. ඇවැතෙක් ඇත පිබිදියේ අවදියි නිදිගත්තේ නැඟී සිටී. ඇවැතෙක් ඇත නිදිගත්තේ අවදියි, නිදිගත්තේ නැඟී සිටී. ඇවැතෙක් ඇත පිබිදියේ අවදියි පිබිදියේ නැඟී සිටී.
ඇවැතෙක් ඇත අචිත්තක වූයේ අවදියි සචිත්තක වූයේ නැඟී සිටී. ඇවැතෙක් ඇත සචිත්තක වූයේ අවදියි අචිත්තක වූයේ නැඟී සිටී. ඇවැතෙක් ඇත අචිත්තක වූයේ අවදියි අචිත්තක වූයේ නැඟී සිටී. ඇවැතෙක් ඇත සචිත්තක වූයේ අවදියි සචිත්තක වූයේ නැඟී සිටී.
ඇවැතෙක් ඇත අවදනේ දෙසයි දෙසනුයේ අවදී. ඇවැතෙක් ඇත අවදනේ නැඟී සිටියි, නැඟී සිටිනුයේ අවදී.
ඇවැතෙක් ඇත කර්‍මයෙන් අවදියි අකර්‍මයෙන් නැඟී සිටී. ඇවැතෙක් ඇත අකර්‍මයෙන් අවදියි කර්‍මයෙන් නැඟී සිටී. ඇවැතෙක් ඇත කර්‍මයෙන් අවදියි කර්‍මයෙන් නැඟී සිටී. ඇවැතෙක් ඇත අකර්‍මයෙන් අවදියි අකර්‍මයෙන් නැඟී සිටී.
2. නො දුටුයෙහි දිටැයි කියන සුලු බව, නො ඇසුයෙහි ඇසිණැයි කියනසුලුබව, අමුතයෙහි මුතැයි කියනසුලුබව, නො දතුයෙහි දතැයි කියනසුලුබවැයි අනරිය බැවහර සතරෙකි.
නො දුටුයෙහි නො දිටැයි කියනසුලුබව, නො ඇසුයෙහි නො ඇසිණැයි කියන සුලුබව, අමුතයෙහි අමුතැයි කියනසුලුබව, නො දතුයෙහි නො දතැයි කියනසුලුබවැයි අරිය බැවහර සතරෙකි.
දුටුයෙහි නො දිටැයි කියනසුලුබව, ඇසුයෙහි නො ඇසිණයි කියන සුලුබව, මුතයෙහි අමුතැයි කියනසුලුබව, දතුයෙහි නො දතැයි කියනසුලුබවැයි අනෙකුදු අනරිය බැවහර සතරෙකි.
දුටුයෙහි දිටැයි කියනසුලුබව, ඇසුයෙහි ඇසිණැයි කියනසුලුබව, මුතයෙහි මුතැයි කියනසුලුබව, දතුයෙහි දතැයි කියනසුලුබවැයි අරිය බැවහර සතරෙකි.
3. භික්‍ෂූන්ට භික්‍ෂූණීන් හා සාධාරණවූ පරිජි සතරෙකි. භික්‍ෂුණීන්ට භික්‍ෂූන් හා අසාධාරණවූ පරිජි සතරෙකි.
පිරිකර සතරෙකි: රැකියයුතු වූ ගෝපනය කටයුතු වූ මමායනය කටයුතු වූ පරිභෝග කටයුතු වූ පිරිකරෙක් ඇත, රැකියයුතු වූ ගෝපනය කටයුතු වූ මමායනය කටයුතු වූ පරිභෝග නොකටයුතු වූ පිරිකරෙක් ඇත, රැකියයුතු වූ ගෝපනය කටයුතු වූ මමායනය නො කටයුතු වූ පරිභෝග නො කටයුතු වූ පිරිකරෙක් ඇත, නො රැකියයුතු වූ ගෝපනය නො කටයුතු වූ මමායනය නො කටයුතු වූ පරිභෝග නො කටයුතු වූ පිරිකරෙක් ඇති.
ඇවැතෙක් ඇත හමුවෙහි අවදියි නො හමුවෙහි නැඟී සිටියි. ඇවැතෙක් ඇත නො හමුවෙහි අවදියි හමුවෙහි නැඟී සිටියි. ඇවැතෙක් ඇත හමුවෙහි අවදියි හමුවෙහි නැඟී සිටියි. ඇවැතෙක් ඇත නො හමුවෙහි අවදියි නො හමුවෙහි නැඟී සිටී.
ඇවැතෙක් ඇත නො දන්නේ අවදියි දන්නේ නැඟී සිටීසි, ඇවැතෙක් ඇත දන්නේ අවදියි නො දන්නේ නැඟී සිටියි, ඇවැතෙක් ඇත නො දන්නේ අවදියි නො දන්නේ නැඟී සිටියි, ඇවැතෙක් ඇත දන්නේ අවදියි දන්නේ නැඟී සිටී.
4. සිවු අයුරකින් ඇවැතට අවදියි: කායද්වාරයෙන් අවදියි, වාග්ද්වාරයෙන් අවදියි, කායද්වාරයෙන් හා වාග්ද්වාරයෙන් අවදියි, කර්‍ම වාක්‍යයෙන් අවදී. සඟමැදහි ගණමැදහි පුඟුලක්හු වෙතැ ලිඟුපිරිවැටුමෙනැයි අනෙකුදු සිවු අයුරකින් ඇවැතට අවදී.
කායද්වාරයෙන් නැඟී සිටියි, වාග්ද්වාරයෙන් නැඟී සිටියි, කායද්වාරයෙන් හා වාග්ද්වාරයෙන් නැඟී සිටියි, කර්‍ම වාක්‍යයෙන් නැඟී සිටීයි සිවු අයුරකින් ඇවැතින් නැඟී සිටී.