දශකය
1. ආඝාතවස්තු දශයෙකැ, ආඝාත ප්‍රතිවිනය දශයෙකැ, විනීත වස්තු දශයෙකැ, දශවස්තුක මිථ්‍යාදාෂ්ටීහු යැ, දශවස්තුක සම්‍යග්දෘෂ්ටීහු යැ, දශ අන්තග්‍රගාහික දෘෂ්ටීහු යැ, මිච්ඡත්ත දශයෙකැ, සම්මත්ත දශයෙකැ, අකුශලකර්‍මපථ දශයෙකැ, කුශල කර්‍මපථ දශයෙකැ, නො දැහැමි ලහගැන්වීම් දශයෙකැ, දැහැමි ලහගැන්වීම් දශයෙකැ. හෙරණුන් පිළිබඳ සිකපද දශයෙකැ, අඞ්ග දසයෙකින් යුත් හෙරණ නැසිය යුතු වේ.
2. අඞ්ග දශයෙකින් යුක්තවූ විනයධර තෙමේ බාලයෙකැයි මැ ගණනට යෙයි: තමා පිළිබඳ කථාවසානය නො උගණියි, පරා පිළිබඳ කථාවසානය නො උගණියි, තමාගේ කථාවසානයෙහි ගතයුතු තෙපුල නො ඉගෙණ, පරාගේ කථාවසානයෙහි ගතයුතු තෙපුල නො ඉගෙණ, නො දැහැමින් විනිශ්චය කරවයි, ප්‍රතිඥා නො කිරීමෙන් විනිශ්චය කරවයි, ඇවැත නො දනියි, ආපත්තිමූලය නො දනියි, ආපත්තිසමුදය නො දනියි, ආපත්ති නිරෝධය නො දනියි, ආපත්තිනිරොධගාමිනී පටිපදාව නො දනී.
අඞ්ග දශයෙකින් යුක්ත වූ විනයධර තෙමේ පණ්ඩිතයෙකැයි මැ ගණනට යෙයි: තමා පිළිබඳ කථාවසානය උගණියි, පරා පිළිබඳ කථාවසානය උගණියි, තමාගේ කථාවසානය ඉගෙණ පරාගේ කථාවසානය ඉගෙණ දැහැමින් විනිශ්චය කරවයි, ප්‍රතිඥා වෙන් යුතුව විනිශ්චය කරවයි, ඇවැත දනියි, ආපත්තිමූලය දනියි, ආපත්තිසමුදය දනියි, ආපත්තිනිරෝධය දනියි, ආපත්තිනිරෝධගාමිනීපටිපදාව දනී.
3. අනෙකුදු අඞ්ග දශයෙකින් යුක්ත වූ විනයධර තෙමේ බාලයෙකැයි මැ ගණනට යෙයි: අධිකරණය නොදනියි, අධිකරණ මූලය නො දනියි, අධිකරණ සමුදය නො දනියි, අධිකරණ නිරෝධය නො දනියි, අධිකරණ නිරෝධගාමිනීපටිපදාව නො දනියි, වස්තුව නො දනියි, නිදානය නො දනියි, ප්‍රඥප්තිය නො දනියි, අනුප්‍රඥප්තිය නො දනියි, කථාමාර්‍ගය නො දනී.
අඞ්ග දශයෙකින් යුක්ත වූ විනයධර තෙමේ පණ්ඩිතයෙකැයි මැ ගණනට යෙයි: අධිකරණය දනියි, අධිකරණ මූලය දනියි, අධිකරණ සමුදය දනියි, අධිකරණ නිරෝධය දනියි, අධිකරණ නිරෝධ ගාමිනී පටිපදාව දනියි, වස්තුව දනියි, නිදානය දනියි, ප්‍රඥප්තිය දනියි, අනුප්‍රඥප්තිය දනියි, කථාමාර්‍ගය දනී.
4. අනෙකුදු අඞ්ග දශයෙකින් යුක්ත වූ විනයධර තෙමේ බාලයෙකැයි මැ ගණනට යෙයි: ඤත්තිය නො දනියි, ඤත්තිකරණය නො දනියි, පළමු වැ කියයුත්තෙහි දක්‍ෂ නො වෙයි, පසු වැ කියයුත්තෙහි දක්‍ෂ නො වෙයි, සුදුසු කල් නො දන්නේත් වෙයි, ඇවැත් නො ඇවැත් නො දනියි, ලුහු ගුරු ඇවැත් නො දනියි, සාවසේස අනවසේස ඇවැත් නො දනියි, තුළුල් නො තුළුල් ඇවැත් නො දනියි, ඔහු විසින් ආචාර්‍ය්‍ය පරම්පරාව මොනවට නො ඉගෙණගන්නා ලද මොනවට නො මෙනෙහි කරණලද මොනවට නො විමසන ලද වේ.
අඞ්ග දශයෙකින් යුක්තවූ විනයධරතෙමේ පණ්ඩිතයෙකැයි මැ ගණනට යෙයි: ඤත්තිය දනියි, ඤත්තිකරණය දනියි, පළමු වැ කිය යුත්තෙහි දක්‍ෂ වෙයි, පසු වැ කිය යුත්තෙහි දක්‍ෂ වෙයි, සුදුසු කල් දන්නේත් වෙයි, ඇවැත් නො ඇවැත් දනියි, ලුහුගුරු ඇවැත් දනියි. සාවසේස අනවසේස ඇවැත් දනියි, තුළුල් නොතුළුල් ඇවැත් දනියි, ඔහු විසින් ආචාර්‍ය්‍ය පරම්පරාව මොනවට ඉගෙණගන්නාලද මොනවට මෙනෙහි කරණලද මොනවට විමසනලද වේ.
5. අනෙකුදු අඞ්ග දශයෙකින් යුක්ත වූ විනයධරතෙමේ බාලයෙකැයි මැ ගණනට යෙයි: ඇවැත් නො ඇවැත් නො දනියි, ලුහුගුරු ඇවැත් නො දනියි, සාවසේස අනවසේස ඇවැත් නො දනියි, තුළුල් නොතුළුල් ඇවැත් නො දනියි, පෙළ විසිනුදු අනුව්‍යඤ්ජන විසිනුදු ඔහු විසින් විස්තර වශයෙන් උභය ප්‍රාතිමෝක්‍ෂය මොනවට පුහුණු නො කරණලද මොනවට නො බෙදන ලද මොනවට නො පවත්වන ලද මොනවට විනිශ්චය නො කරණ ලද වෙයි, ඇවැත් නො ඇවැත් නො දනියි, ලුහුගුරු ඇවැත් නො දනියි, සාවසේස අනවසේස ඇවැත් නො දනියි, තුළුල් නොතුළුල් ඇවැත් නො දනියි, අධිරකණයෙහිදු විනිශ්චය කුශල වූයේ නො වේ.
අඞ්ග දශයෙකින් යුක්තවූ විනයධර තෙමේ පණ්ඩිතයෙකැයි මැ ගණනට යෙයි: ඇවැත් නො ඇවැත් දනියි, ලුහුගුරු ඇවැත් දනියි, සාවසේස අනවසේස ඇවැත් දනියි, තුළුල් නො තුළුල් ඇවැත් දනියි, පෙළ විසිනුදු අනුව්‍යඤ්ජන විසිනුදු ඔහු විසින් විස්තර වශයෙන් උභය ප්‍රාතිමෝක්‍ෂය