එකාදශකය
1. අනුපසපන් වූ එකොළොස් පුද්ගලයෝ උපසපන් නො කටයුත්තාහ, උපසපන් වූවාහු (ලිඞ්ගනාසනායෙන්) නැසිය යුත්තාහ, අකැප පාදුකා එකොළොසෙකැ, අකැප පාත්‍ර එකොළොසෙකැ, අකැප සිවුරු එකොළොසෙකැ, භික්‍ෂුණීන් පිළිබඳ යාවතතියක එකොළොසෙකැ, විචාළ යුතු අන්තරායකරධර්‍ම එකොළොසෙකැ, ඉටිය යුතු සිවුරු එකොළොසෙකැ, විකපුන් නො කටයුතු සිවුරු එකොළොසෙකැ, එකොළොස්වන අරුණු නැගීමෙහි නිසගි වෙයි, කප්පිය ගණඨීහු එකොළොසෙකැ, කැප වීඨ එකොළොසෙකැ. අකැප පොළෝ එකොළොසෙකැ, කැප පොළෝ එකොළොසෙකැ, නිස සන්හිඳුවීම් එකොළොසෙකැ, නො වැන්දයුතු පුද්ගලයෝ එකොළොස් දෙනෙකැ, පරම එකොළොසෙකැ, වර එකොළොසක් ඉල්වූහ. සීමාදෝෂ එකොළොසෙකැ, ආක්‍රෝශ පරිභව කරණ පුද්ගලයා කෙරෙහි එකොළොස් ආදීනව කෙනෙක් කැමැති විය යුත්තාහ.
2. සෙවුනා ලද වඩනා ලද බහුල වශයෙන් කරණ ලද යානයක් මෙන් කරණ ලද පිහිටක් මෙන් කරණ ලද නැවැත නැවැතත් උපදවන ලද හැම ලෙසින් පුහුණු කරණ ලද මොනවට පටන් ගන්නා ලද මෛත්‍රීචේතෝවිමුක්තිය පිළිබඳ අනුසස් එකොළොසෙක් කැමැති විය යුතු යැ: සුවසේ නිදයි සුවසේ පුබුදියි, නපුරු සිහින නොදකියි, මනුෂ්‍යයන්ට ප්‍රිය වෙයි, අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙයි, දෙවියෝ රකිති, ඔහුගේ සිරුරට ගිනි හෝ විෂ හෝ සැත් හෝ නොවදියි, සිත වහා එකඟ වෙයි, මුවපැහැය වෙසෙසින් පහන් වෙයි, නුමුළා වැ කලුරිය කෙරෙයි, මත්තෙහි රහත්වන්නට නොහැකි වූ යේ බඹලොව උපදියි, සෙවුනා ලද වඩනාලද බහුල වශයෙන් කරණ ලද යානයක් මෙන් කරණ ලද පිහිටක් මෙන් කරණ ලද නැවැත නැවැත උපදවන ලද හැම ලෙසින් පුහුණු කරණ ලද මොනවට පටන් ගන්නා ලද ත්‍රෛතිචේතෝවිමුක්තිය පිළිබඳ මේ අනුසස් එකොළොස කැමැති විය යුතුයි.
එකාදශකය නිමි.
එහි නාමාවලිය:
1. නාසෙතබ්බ යැ පාදුකා යැ පාත්‍ර යැ, චීවර යැ යාවතතියක යැ පුච්ජිතබ්බ යැ අධිට්ඨාන යැ විකප්පන යැ.
2. අරුණුග්ගමන යැ ගණ්ඨීකා යැ වීය යැ අකප්පිය කප්පිය පඨවී යැ නිස්සය ය අවන්‍දිය යැ පරම යැ වර යැ සීමාදෝස යැ අක්කෝසක යැ. මෙත්තාචේතෝවිමුක්ති එකාදසානිසංස යැ යි (මොහු) නම් කරණ ලදහ.
ඒකුත්තරිකය නිමි.
එහි නාමාවලිය:
1. එකක යැ දුක යැ තික යැ චතුක්ක යැ පඤ්චක යැ ඡක්ක යැ සත්තක යැ අට්ඨක යැ නවක යැ දසක යැ ඒකාදසක යැයි,
2. අවබෝධ කළ දහම් ඇති තාදී ගුණයෙන් යුත් මහාවීර සර්‍වඥයන් වහන්සේ විසින් හැම සත්නට හිත පිණිස නිර්‍මල ඒකුත්තරිකය දෙසන ලදි.
උපෝසථාදි පුච්ඡාවිස්සජ්ජනය
පුච්ඡා
1. උපෝසථ කර්‍මයෙහි ආදිය කවරෙ යැ, මධ්‍යය කවරෙයැ, අවසානය කවරෙ යැ, පවාරණ කර්‍මයෙහි ආදිය කවරෙ යැ, මධ්‍යය කවරෙ යැ, අවසානය කවරෙ යැ, තජ්ජනීය කර්‍මයෙහි ආදිය කවරෙ යැ, මධ්‍යය කවරෙ යැ, අවසානය කවරෙ යැ, නියස්ස කර්‍මයෙහි ... පබ්බාජනීය කර්‍මයෙහි ... පටිසාරණීය කර්‍මයෙහි ... උක්ඛේපනීය කර්‍මයෙහි ... පරිවාසදානයෙහි ... මූලායපටිකස්සන කර්‍මයෙහි ... මානත්ත දානයෙහි ... අබ්භාන කර්‍මයෙහි ... උපසම්පදා කර්‍මයෙහි ආදිය කවරෙ යැ. මධ්‍යය කවරෙ යැ, අවසානය කවරේ යැ යත්:
2. තජ්ජනීය කර්‍මයාගේ සන්හිඳුම්හි ආදිය කවරෙ යැ, මධ්‍යය කවරෙ යැ, අවසානය කවරෙ යැ, නියස්ස කර්‍මයාගේ සන්හිඳුම්හි ... පබ්බාජනීය කර්‍මයාගේ සන්හිඳුම්හි ... පටිසාරණීය කර්‍මයාගේ සන්හිඳුම්හි ... උක්ඛේපනීය කර්‍මයාගේ සන්හිඳුම්හි ආදිය කවරෙ යැ, මධ්‍යය කවරෙ යැ, අවසානය කවරෙ යැ යත්:
3. සතිවිනයයෙහි ආදිය කවරෙ යැ, මධ්‍යය කවරෙ යැ. අවසානය කවරෙ යැ, අමූළ්හවිනයෙහි ... තස්සපාපිය්‍යසිකායෙහි .... තිණවත්‍ථාරකයෙහි ... භික්ඛුනෝවාදකසම්මුතියෙහි ... තිචීවරඅවිප්පවාස සම්මුතියෙහි ... සන්‍ථතසම්මුතියෙහි ... රුපියඡඩ්ඩකසම්මුතියෙහි ... සාටියගාහාපකසම්මුතියෙහි ... පත්තගාහාපකසම්මුතියෙහි ... දණ්ඩසම්මුතියෙහි ... සික්කාසම්මුතියෙහි ... දණ්ඩසික්කාසම්මුතියෙහි ආදිය කවරෙ යැ, මධ්‍යය කවරෙ යැ, අවසානය කවරෙ යැ යත්:
පුච්ඡා නිමි.
විස්සජ්ජනය
1. උපෝසථ කර්‍මයෙහි ආදිය කවරෙ යැ, මධ්‍යය කවරෙ යැ, අවසානය කවරෙ යැ, යත්: සාමග්ගිය උපෝසථ කර්‍මයෙහි ආදිය වෙයි, (පාමොක් දෙසීම්) ක්‍රියාව මධ්‍යය වෙයි, (පාමොක්) නිමාව අවසානය වේ.
2. පවාරණ කර්‍මයෙහි ආදිය කවරෙ යැ, මධ්‍යය කවරෙ යැ, අවසානය කවරෙ යත්: සාමග්ගිය පවාරණ කර්‍මයෙහි ආදිය වෙයි, (පවාරණ ඤත්ති පවාරණ කථා සංඛ්‍යායාත) ක්‍රියාව මධ්‍යය වෙයි, (සඞ්ඝ නවකයා ගේ “පස්සන්තෝ පටිකරිස්සාමි” යන වචන සංඛ්‍යායාත) නිමාව අවසානය වේ.
3. තජ්ජනීය කර්‍මයෙහි ආදිය කවරෙ යැ, මධ්‍යය කවරෙ යැ, අවසානය කවරෙ යැ, යත්: වස්තුව ද පුද්ගලයා ද තජ්ජනීය කර්‍මයෙහි ආදිය වෙයි, ඤත්තිය මධ්‍යය වෙයි, කර්‍මවාක්‍යය අවසානය වේ.
4. නියස්ස කර්‍මයෙහි ... පබ්බාජනීය කර්‍මයෙහි ... පටිසාරණීය කර්‍මයෙහි ... උක්ඛේපනීය කර්‍මයෙහි ... පරිවාසදානයෙහි ... මූලායපටිකස්සනයෙහි ... මානත්තදානයෙහි ... අබ්භාන කර්‍මයෙහි ...