9. සමථ සමථයට සාධාරණවාරය
ශමථයෙන් ශමථයට සාධාරණයහ, ශමථයෝ ශමථයට අසාධාරණයහ. කිසිවිටෙක ශමථයෝ ශමථයට සාධාරණ වෙති, කිසිවිටෙක ශමථයෝ ශමථයට අසාධාරණ වෙත්.
කිසිවිටෙක ශමථයෝ ශමථයට කෙසේ සාධාරණ වෙත් ද, කිසිවිටෙක ශමථයෝ ශමථයට කෙසේ අසාධාරණ වෙත් ද යත්:
1. යේභුය්යසිකාව සම්මුඛාවිනයට සාධාරණ වෙයි, සතිවිනයට අමූළ්හවිනයට පටිඤ්ඤාතකරණයට තස්සපාපිය්ය සිකාවට තිණවත්ථාරකයට අසාධාරණ වේ.
2. සතිවිනය සම්මුඛාවිනයට සාධාරණ වෙයි, අමූළ්හවිනයට පටිඤ්ඤාතකරණයට තස්සපාපිය්යසිකාවට තිණවත්ථාරකයට යේභුය්යසිකාවට අසාධාරණ වේ.
3. අමූළ්හවිනය සම්මුඛාවිනයට සාධාරණ වෙයි, පටිඤ්ඤාතකරණයට තස්සපාපිය්යසිකාවට තිණවත්ථාරකයට යේභුය්යසිකාවට සතිවිනයට අසාධාරණ වේ.
4. පටිඤ්ඤාතකරණය සම්මුඛාවිනයට සාධාරණ වෙයි, තස්සපාපිය්යසිකාවට තිණවත්ථාරකයට යේභුය්යසිකාවට සතිවිනයට අමූළ්හවිනයට අසාධාරණ වේ.
5. තස්සපාපිය්යසිකාව සම්මුඛාවිනයට සාධාරණ වෙයි, තිණවත්ථාරකයට යේභුය්යසිකාවට සතිවිනයට අමූළ්හවිනයට පටිඤ්ඤාතකරණයට අසාධාරණ වේ.
6. තිණවත්ථාරකය සම්මුඛාවිනයට සාධාරණ වෙයි. යේභුය්යසිකාවට සතිවිනයට අමූළ්හවිනයට පටිඤ්ඤාතකරණයට තස්සපාපිය්යසිකාවට අසාධාරණ වේ. මෙසේ කිසිවිටෙක ශමථයෝ ශමථයට සාධාරණ වෙති, මෙසේ කිසිවිටෙක ශමථයෝ ශමථයට අසාධාරණ වෙත්.
නවවන සමථ සමථයට සාධාරණවාරය නිමි.
10. සමථ සමථයට තද්භාගියවාරය
ශමථයෝ ශමථයට තද්භාගීය වෙති, ශමථයෝ ශමථයට ආන්යභාගීය වෙත්. කිසිවිටෙක ශමථයෝ ශමථයට තද්භාගීය වෙති, කිසිවිටෙක ශමථයෝ ශමථයට අන්යභාගීය වෙත්.
කිසිවිටෙක ශමථයෝ ශමථයට කෙසේ තද්භාගීය වෙත් ද, කිසිවිටෙක ශමථයෝ ශමථයට කෙසේ අන්යභාගීය වෙත් ද යත්:
1. යේභුය්යසිකාව සම්මුඛාවිනයට තද්භාගීය වෙයි, සතිවිනයට අමූළ්හවිනයට පටිඤ්ඤාතකරණයට තස්සපාපිය්යසිකාවට තිණවත්ථාරකයට අන්යභාගීය වේ.
2. සතිවිනය සම්මුඛාවිනයට තද්භාගීය වෙයි, අමූළ්හවිනයට පටිඤ්ඤාතකරණයට තස්සපාපිය්යසිකාවට තිණවත්ථාරකයට යේභුය්යසිකාවට අන්යභාගීය වේ.
3. අමූළ්හවිනය සම්මුඛාවිනයට තද්භාගීය වෙයි, පටිඤ්ඤාතකරණයට තස්ස පාපිය්යසිකාවට තිණවත්ථාරකයට යේභුය්යසිකාවට සතිවිනයට අන්යභාගීය වේ.
4. පටිඤ්ඤාතකරණය සම්මුඛාවිනයට තද්භාගීය වෙයි, තස්සපාපිය්යසිකාවට තිණවත්ථාරකයට යේභුය්යසිකාවට සතිවිනයට අමූළ්හවිනයට අන්යභාගීය වේ.
5. තස්සපාපිය්යසිකාවට සම්මුඛාවිනයට තද්භාගීය වෙයි, තිණවත්ථාරකයට යේභුය්යසිකාවට සතිවිනයට අමූළ්හවිනයට පටිඤ්ඤාතකරණයට අන්යභාගීය වේ.
6. තිණවත්ථාරකය සම්මුඛාවිනයට තද්භාගීය වෙයි, යේභුය්යසිකාවට සතිවිනයට අමූළ්හවිනයට පටිඤ්ඤාතකරණයට තස්සපාපිය්යසිකාවට අන්යභාගීය වේ. මෙසේ කිසිවිටෙක ශමථයෝ ශමථයට තද්භාගීය වෙති, මෙසේ කිසිවිටෙක ශමථයෝ ශමථයට අන්යභාගීය වෙත්.
දසවන සමථ සමථයට තද්භාගීයවාරය නිමි.
11. සමථසම්මුඛාවිනයවාරය
ශමථය සම්මුඛාවිනය වෙයි, සම්මුඛාවිනය ශමථය වෙයි. ශමථය යේභුය්යසිකාව වෙයි, යේභුය්යසිකාව ශමථය වෙයි. ශමථය සතිවිනය වෙයි, සතිවිනය ශමථය වෙයි. ශමථය අමූළ්හවිනය වෙයි. අමූළ්හවිනය ශමථය වෙයි. ශමථය පටිඤ්ඤාතකරණය වෙයි, පටිඤ්ඤාතකරණය ශමථය වෙයි. ශමථය තස්සපාපිය්යසිකාව වෙයි, තස්සපාපිය්යසිකාව ශමථය වෙයි. ශමථය තිණවත්ථාරකය වෙයි, තිණවත්ථාරකය ශමථය වේ.
1. යේභුය්යසිකාව සතිවිනය අමූළ්හවිනය පටිඤ්ඤාතකරණය තස්සපාපිය්යසිකාව තිණවත්ථාරකය යන මේ ශමථයෝ ශමථ වෙති, සම්මුඛාවිනය නො වෙයි. සම්මුඛාවිනය ශමථය ද සම්මුඛාවිනය ද වේ.
2. සතිවිනය අමූළ්හවිනය පටිඤ්ඤාතකරණය තස්සපාපිය්යසිකාව තිණවත්ථාරකය සම්මුඛාවිනය යන මේ ශමථයෝ ශමථ වෙති, යේභුය්යසිකාව නො වෙයි. යේභුය්යසිකාව ශමථය ද යේභුය්යසිකා ද වේ.