ද්විතීය පාරාජික සමුට්ඨානය
17. අදත්තාදානය ද මනුස්සවිග්ගහය ද උත්තරීමනුස්සධම්මය ද දුට්ඨුල්ලය ද අත්තකාමපාරිචරියාව ද අමූලය ද අඤ්ඤභාගිය ද දෙවන අනියතය ද,
18. අච්ජින්දනය ද පරිණාමනය ද මුසාවාදය ද ඔමසවාදය ද (භික්ඛු) පෙසුඤ්ඤය ද උදුට්ඨුල්ලාපත්තිආරෝචනය ද පඨවිඛණනය ද භූතගාමය ද අඤ්ඤවාදකය ද උජ්ඣාපනය ද,
19. නික්කඩ්ඪනය ද සිඤ්චනය ද ආමිසහේතුව ද භූත්තාවි (පවාරණ) ය ද ඒහාවුසො ගාමං වා යනු ද අනාදරිය ද හිංසාපනකය ද අපනිධානය ද ජීවිතවෝරෝපනය ද,
20. ජානං සප්පාණකං යනු ද (උක්කෝටන) කම්මය ද ඌනවිසතිවස්සය ද සංවාසය ද නාසනය ද සහධම්මිකය ද විලේඛය ද මොහනකය ද අමූලකය ද,
21. කුක්කුච්චය ද ධම්මිකය ද චීවරය ද පුග්ගලපරිණාමනය ද ‘කිංතො’ යනු ද අකාලචීවරය ද චීවර අච්ජින්දනය ද දුග්ගහීතය ද (නිරයාදීන්) අභිසපනය ද,
22. ගණචීවරන්තරාය ද චීවරවිහඞ්ගය ද දුබ්බලචීවරය ද කඨිනුද්ධාරය ද අඵාසුකරණය ද උපස්සය ද අක්කෝසනය ද චණ්ඩීකෘත්යය ද මච්ඡරිය ද ගබ්භිනී වුට්ඨාපනය ද පායන්තී වුට්ඨාපනය ද,
23. “ද්වෙ වස්සා“ යනු ද “සඞ්ඝේන අසම්මතං” යනු ද ගිහීගත තෙසිඛය ද කුමාරීභූත තෙසිඛය ද ඌන ද්වාදසවුට්ඨාපනය ද (පරිපුණ්ණද්වාදස) අසම්මත වුට්ඨාපනය ද,
24. ‘අලං තාව’ යනු ද “සොකාවස්සං” යනු ද ඡන්දදානය ද අනුවස්සවුට්ඨාපනය ද ද්වේවුට්ඨාපනය දැයි, මේ සැත්තෑ සිකපදයෝ තිකසමුට්ඨානහ යි කරණ ලද හ.
25. කයින් ද සිතින් ද නැගෙති, වචනයෙන් නො නැගෙත්, වචනයෙන් ද සිතින් ද නැගෙති, කයින් නො නැගෙත්, මෙසේ දෙවන පරිජිය මෙන් තිදොරින් උපදිත්.
දුතිය පාරාජික සමුට්ඨානය නිමි.
සඤ්චරිත්ත සමුට්ඨානය
26. සඤ්චරිත්තය ද කුටිකාරය ද විහාරකාරය ද (චීවර) ධොවනය ද (චීවර) පටිග්ගහනය ද අඤ්ඤාතකවිඤ්ඤත්තිය ද තතුත්තරිසාදියනය ද උපක්ඛට දෙසිඛය ද රාජසිඛය ද,
27. කෝසිය මිස්සකය ද සුද්ධකාලකය ද ද්වේභාගය ද ජබ්බස්සය ද නිසීදන (සත්ථත) යද එළකලෝම ධොවාපනය ද රූපිය පටිග්ගහණය ද (රූපියවෝහාර කයවික්කය) නානාප්රකාර දෙසිඛය ද,
28. ඌනපඤ්චබන්ධනය ද වස්සිකසාටිකය ද සුත්තවිඤ්ඤාපනය ද විකප්පා පජ්ජනිය ද ද්වාරකෝස-චීවරදාන-චීවර සිබ්බන තෙසිඛය ද පූවපවාරණ පච්චය පවාරණ-ජෝතිසමාදහන තෙසිඛය ද,
29. රතනය ද සූචිඝරය ද මඤ්චකාරාපනය ද තූල නිසීදන කණ්ඩු පටිච්ඡාදන තෙසිඛය ද වස්සිකසාටික සුගතචීවර දෙ සිඛය ද විඤ්ඤත්තිය ද අඤ්ඤචේතාපනය ද,
30. සඞ්ඝික දෙ සිඛය ද මහාජනික දෙසිඛය ද පුග්ගල ලහුක ගරුක තෙ සිඛය ද විඝාස දෙසිඛය ද උදකසාටිකා සමණචීවර දෙසිඛය ද,
31. මේ සමපණස් සිකපදයෝ සතැනකින් උපදිති: කයින් උපදිති, වචනයෙන් සිතින් නූපදිත්, වචනයෙන් උපදිති, කයින් සිතින් නූපදිත්.
32. කයින් ද වචනයෙන් ද උපදිති, සිතින් නූපදිත්, කයින් ද සිතින් ද උපදිති වචනයෙන් නූපදිත්, වචනයෙන් ද සිතින් ද උපදිති, කයින් නූපදිත්, (කාවිසිමුනි) තිදොරින් උපදිත්. මොහු සඤ්චරිත්ත සිකපදය හා සමවූවෝ සමුට්ඨාන සයක් ඇත්තෝ වෙත්.
සඤ්චරිත්ත සමුට්ඨානය නිමි.
සමානුභාසන සමුට්ඨානය
33. භේදානුවත්තක දුබ්බච කුලදූසක දුට්ඨුල්ලපටිච්ඡාදන දිට්ඨිඅප්පටි නිස්සජ්ජන පස් සිඛ ද ඡන්දය ද උජ්ජග්සික දෙ සිඛය ද අප්පසද්ද දෙ සිඛය ද නබ්යාහරණය ද,
34. ඡමා නීවාසන ඨාන තෙසිඛය ද, පච්ඡතො ගමන උප්පථගමන දෙසිඛය ද වජ්ජපටිච්ඡාදන උක්ඛිත්තානුවත්තන හත්ථගහන තෙසිඛය ද ඔසාරණය ද ප්රත්යාඛ්යානය ද,
35. කිස්මිඤ්චිදේව සිඛය ද සංසට්ඨ දෙ සිඛය ද ‘රොදනය ද විසිබ්බන දුක්ඛිත දෙ සිඛය ද (පුන) සංසට්ඨ නවුපසම දෙසිඛය ද ආරාම පවාරණ දෙ සිඛය ද,
36. අන්වද්ධ මාසය ද සහජීවී දෙසිඛය ද චීවරය ද ද්වේවස්සානුබන්ධනය දැයි මේ සත්තිස් සිකපදයෝ කය වචන සිතින් උපදිත් නුයි සියල්ලෝ සමානුභාසනය මෙන් එක සමුට්ඨානයක් ඇත්තෝ වෙත්.
සමානුභාසන සමුට්ඨානය නිමි.