සඤ්චරිත්ත සමුට්ඨානය
26. සඤ්චරිත්තය ද කුටිකාරය ද විහාරකාරය ද (චීවර) ධොවනය ද (චීවර) පටිග්ගහනය ද අඤ්ඤාතකවිඤ්ඤත්තිය ද තතුත්තරිසාදියනය ද උපක්ඛට දෙසිඛය ද රාජසිඛය ද,
27. කෝසිය මිස්සකය ද සුද්ධකාලකය ද ද්වේභාගය ද ජබ්බස්සය ද නිසීදන (සත්ථත) යද එළකලෝම ධොවාපනය ද රූපිය පටිග්ගහණය ද (රූපියවෝහාර කයවික්කය) නානාප්රකාර දෙසිඛය ද,
28. ඌනපඤ්චබන්ධනය ද වස්සිකසාටිකය ද සුත්තවිඤ්ඤාපනය ද විකප්පා පජ්ජනිය ද ද්වාරකෝස-චීවරදාන-චීවර සිබ්බන තෙසිඛය ද පූවපවාරණ පච්චය පවාරණ-ජෝතිසමාදහන තෙසිඛය ද,
29. රතනය ද සූචිඝරය ද මඤ්චකාරාපනය ද තූල නිසීදන කණ්ඩු පටිච්ඡාදන තෙසිඛය ද වස්සිකසාටික සුගතචීවර දෙ සිඛය ද විඤ්ඤත්තිය ද අඤ්ඤචේතාපනය ද,
30. සඞ්ඝික දෙ සිඛය ද මහාජනික දෙසිඛය ද පුග්ගල ලහුක ගරුක තෙ සිඛය ද විඝාස දෙසිඛය ද උදකසාටිකා සමණචීවර දෙසිඛය ද,
31. මේ සමපණස් සිකපදයෝ සතැනකින් උපදිති: කයින් උපදිති, වචනයෙන් සිතින් නූපදිත්, වචනයෙන් උපදිති, කයින් සිතින් නූපදිත්.
32. කයින් ද වචනයෙන් ද උපදිති, සිතින් නූපදිත්, කයින් ද සිතින් ද උපදිති වචනයෙන් නූපදිත්, වචනයෙන් ද සිතින් ද උපදිති, කයින් නූපදිත්, (කාවිසිමුනි) තිදොරින් උපදිත්. මොහු සඤ්චරිත්ත සිකපදය හා සමවූවෝ සමුට්ඨාන සයක් ඇත්තෝ වෙත්.
සඤ්චරිත්ත සමුට්ඨානය නිමි.
සමානුභාසන සමුට්ඨානය
33. භේදානුවත්තක දුබ්බච කුලදූසක දුට්ඨුල්ලපටිච්ඡාදන දිට්ඨිඅප්පටි නිස්සජ්ජන පස් සිඛ ද ඡන්දය ද උජ්ජග්සික දෙ සිඛය ද අප්පසද්ද දෙ සිඛය ද නබ්යාහරණය ද,
34. ඡමා නීවාසන ඨාන තෙසිඛය ද, පච්ඡතො ගමන උප්පථගමන දෙසිඛය ද වජ්ජපටිච්ඡාදන උක්ඛිත්තානුවත්තන හත්ථගහන තෙසිඛය ද ඔසාරණය ද ප්රත්යාඛ්යානය ද,
35. කිස්මිඤ්චිදේව සිඛය ද සංසට්ඨ දෙ සිඛය ද ‘රොදනය ද විසිබ්බන දුක්ඛිත දෙ සිඛය ද (පුන) සංසට්ඨ නවුපසම දෙසිඛය ද ආරාම පවාරණ දෙ සිඛය ද,
36. අන්වද්ධ මාසය ද සහජීවී දෙසිඛය ද චීවරය ද ද්වේවස්සානුබන්ධනය දැයි මේ සත්තිස් සිකපදයෝ කය වචන සිතින් උපදිත් නුයි සියල්ලෝ සමානුභාසනය මෙන් එක සමුට්ඨානයක් ඇත්තෝ වෙත්.
සමානුභාසන සමුට්ඨානය නිමි.
කඨින සමුට්ඨානය
37. උබභතකඨින තෙසිඛය ද පඨමපත්ත භේසජ්ජ දෙසිඛය ද අච්චෙකචීවරය ද සාසඞ්කය ද (සේනාසන) නපක්කම දෙ සිඛය ද,
38. භික්බුනුපස්සය ද පරම්පරභෝජනය ද අනතිරිත්තය ද නිමන්තණය ද වික්කප්පනය ද අන්තෙපුර සිඛය ද විකාලෙ ගාමප්පවේසනය ද වොසාසමාන සිඛය ද ආරඤ්ඤක සිඛය ද,
39. උස්සයවාදිකා පත්තසන්නිචය දෙ සිඛය ද පුරේභත්ත පච්ඡාභත්ත විකාල (කුලුපසඩ්කමන) තෙ සිඛය ද පඤ්චාහික සඞ්සාටිචාර චීවරසඞ්කමනීය දෙ සිඛය ද ආවස්ථ දෙ සිඛය ද,
40. පසාඛ සිඛය ද (නො පිළිවිස අස්නෙහි හිඳීම) ආසනසිඛය දැයි මේ එකුන්තිස් සිකපදයෝ කය වචන දෙකින් උපදිත්. සිතින් නූපදිති, තිදොරින් උපදිත්.
කඨින සමුට්ඨානය නිමි.
එළකලෝම සමුට්ඨානය
41. එළකලෝමය ද සහසෙය්ය දෙ සිඛය ද ආහච්චපාද ආවස්ථ පිණ්ඩ භෝජන දෙ සිඛය ද ගණභෝජන විකාලභොජන සන්නිධිකාර තෙ සිඛය ද දත්තපෝණ සිඛය ද අචේලක සිඛය ද,
42. උය්යුත්ත සේනා දෙ සිඛය ද උය්යොධිකය ද සුරාපාන නහාන දෙ සිඛයා, දුබ්බණ්ණ කරණය ද පාටිදේසනික දෙසිඛය ද ලසුණ උපතිට්ඨන නච්චන තෙසිඛය ද,
43. නහාන අත්ථරණ තුවට්ටසයන තෙ සිඛය ද එසේ ම අන්තොරට්ඨ තිරෙ රට්ඨ දෙ සිඛයද අන්තොවස්ස චිත්තාගාර දෙසිඛය ද ආසන්දි සුක්තකන්තන දෙ සිඛය ද
44. වෙය්යාවච්ච සහත්ථ දෙ සිඛය ද අභික්ඛුකාවාසය ද ඡත්තුපාහන යාන සඞ්ඝාණී තෙ සිඛය ද ඉත්ථාලඞ්කාර ගන්ධචුණ්ණ වාසිත යන තෙසිඛය ද,
45. භික්ඛුනී සික්ඛමානා සාමණෙරී ගිහිනි (උම්මද්දන) සිවුසිඛය ද අසංකච්චික සිඛය දැයි සිවුසාළිස් සිකපදයෝ
46. කයින් නගිති, වචනයෙන් සිතින් නො නගිත්, කයින් ද සිතින් ද නගිති, වචනයෙන් නො නගිත්, සියල්ලෝ එළකලෝමකසිඛය සමාන වූවෝ ද්විසමුට්ඨානික වෙත්.
එළකලෝම සමුට්ඨානය නිමි.