2. අත්‍ථවස වර්‍ගය
1. දෙ කරුණක් පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට සිකපද පණවන ලදි සඞ්ඝයාගේ මනා පිළිගැන්ම පිණිස යැ, සඞ්ඝයාගේ පහසුබව පිණිස යැ. මේ දෙකරුණ පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට සිකපද පණවන ලදි.
2. දෙ කරුණක් පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට සිකපද පනවන ලදී. දුසිල් පුඟුලන්ගේ නිගැන්ම පිණිස යැ, ප්‍රියශීලී භික්‍ෂුන්ගේ පහසු විහරණය පිණිස යැ, මේ දෙ කරුණ පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට සිකපද පණවන ලදි.
3. දෙ කරුණක් පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට සිකපද පණවන ලදී. දිටුදැමියෙහි විඳියයුතු දුක්ගැහැට වළකනු පිණිස යැ, පරලෙව්හි විඳියයුතු දුක්ගැහැට නසනු පිණිස යැ. මේ දෙ කරුණ පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට සිකපද පණවන ලදි.
4. දෙ කරුණක් පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට සිකපද පණවන ලදි. දිටුදැමියෙහි පස් පව් වළකනු පිණිස යැ, පරලෙව්හි විඳියයුතු විපාක දුක් නැසීම පිණිස යැ. මේ දෙ කරුණ පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට සිකපද පණවන ලදි.
5. දෙ කරුණක් පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට සිකපද පණවන ලදි. දිටුදැමියෙහි හළයුතු පව් වළකනු පිණිස යැ, පරලොව්හි විඳියයුතු විපාක දුක් නැසීම පිණිස යැ. මේ දෙ කරුණ පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට සිකපද පණවන ලදි.
6. දෙ කරුණක් පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට සිකපද පණවන ලදි. දිටුදැමියෙහි ලැබිය හැකි (ගැරහුම් ඈ) බිය වළකනු පිණිස යැ, පරලොව්හි විඳියයුතු විපාක දුක් නැසීම පිණිස යැ. මේ දෙ කරුණ පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට සිකපද පණවන ලදි.
7. දෙ කරුණක් පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට සිකපද පණවන ලදි. දිටුදැමියෙහි වන සුලු අකුසල් ධම් වළකනු පිණිස යැ. පරලෙව්හි විඳියයුතු විපාක දුක් නැසීම පිණිස යැ. මේ දෙ කරුණ පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට සිකපද පණවන ලදි.
8. දෙ කරුණක් පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට සිකපද පණවන ලදි. ගිහියනට අනුකම්පා පිණිස යැ, ලමුඅදහස් ඇති පුඟුලන්ගේ වගබැඳුම් බිඳීම පිණිස යැ. මේ දෙ කරුණ පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට සිකපද පණවන ලදි.
9. දෙ කරුණක් පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට සිකපද පණවන ලදි. නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස යැ, පැහැදුනවුන්ගේ අයිරා පැහැදීම පිණිස යැ. මේ දෙ කරුණ පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට සිකපද පණවන ලදි.
10. දෙ කරුණක් පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට සිකපද පණවන ලදි. ශාසනයාගේ චිරකල් පැවැත්ම පිණිස යැ, විනයට රුකුල් පිණිස යැ. මේ දෙ කරුණ පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට සිකපද පණවන ලදි.
දෙවන අත්‍ථවසවර්‍ග යි
3. පඤ්ඤත්ත වර්‍ගය
1. දෙ කරුණක් පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට පාතිමොක්ඛය පණවන ලදි. … පාතිමෝක්ඛද්දෙසය. පණවන ලදි. … පාතිමෝක්ඛඨපනය පණවන ලදි. … පවාරණය පණවන ලදි. … පවාරණඨපනය පණවන ලදි. … තජ්ජනීය කර්‍මය පණවන ලදි. … නියස්ස කර්‍මය පණවන ලදි. … පබ්බාජනීයකර්‍මය පණවන ලදි. … පටිසාරණීය කර්‍මය පණවන ලදි. … උක්ඛේපනීය කර්‍මය පණවන ලදි. … පරිවාසදානය පණවන ලදි. … මූලායපටිකස්සනය පණවන ලදි. … මානත්තදානය පණවන ලදි. … අබ්භානය පණවන ලදි. … ඔසාරණීයය පණවන ලදි. … නිස්සාරණීයය පණවන ලදි. … උපසම්පදාව පණවන ලදි. … අපලෝකන කර්‍මය පණවන ලදි. … ඤත්තිකර්‍මය පණවන ලදි. … ඤත්තිදුතිය කර්‍මය පණවන ලදි. … ඤත්තිචතුත්‍ථ කර්‍මය පණවන ලදි...
තෙවන පඤ්ඤත්ත වර්‍ග යි
4. අප්‍රඥප්තයෙහි ප්‍රඥප්ත වර්‍ගය
1. නො පණවනලද්දෙහි පණවනලදි. … පණවනලද්දෙහි නැවැත පණවන ලදි. … සම්මුඛාවිනය පණවනලදි. … සතිවිනය පණවනලදි. … අමූළ්හවිනය පණවනලදි. … පටිඤ්ඤාතකරණය පණවනලදි. … යේභුය්‍යසිකාව පණවන ලදි. … තස්සපාපිය්‍යසිකාව පණවනලදි. … තිණවත්‍ථාරකය පණවනලදි. සඞ්ඝයාගේ මනා පිළිගැන්ම පිණිස යැ. සඞ්ඝයාගේ පහසුබව පිණිස යැ. මේ දෙකරුණ පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට තිණවත්‍ථාරකය පණවන ලද්දේ යි.