6. අධිකරණවාරය
1. කාසසඟරායෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හුගේ කාසසඟය ඉවසන කාසසඟරායෙන් තෙත් වූ මෙහෙණ පිළිබඳ ඇවැත් සිවුවැදෑරුම් අධිකරණ අතුරෙන් කිනම් අධිකරණයෙක් ද යත්: කාසසඟරායෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හුගේ කාසසඟය ඉවසන කාසසඟරායෙන් තෙත් වූ මෙහෙණ පිළිබඳ ඇවැත් සිවුවැදෑරුම් අධිකරණ අතුරෙන් ආපත්තාධිකරණ යි. ...
2. දිහි විනවා වළඳන මෙහෙණ පිළිබඳ ඇවැත් සිවුවැදෑරුම් අධිකරණ අතුරෙන් කිනම් අධිකරණයෙක් ද යත්: දිහි විනවා වළඳන මෙහෙණ පිළිබඳ ඇවැත් සිවු වැදෑරුම් අධිකරණ අතුරෙන් ආපත්තාධිකරණ යි.
සවන අධිකරණ වාරය නිමි.
7. සමථවාරය
1. කාසසඟරායෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හුගේ කාසසඟය ඉවසන කාසසඟරායෙන් තෙත් වූ “මෙහෙණ පිළිබඳ ඇවැත්හු සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳෙද් ද යත්: කාසසඟරායෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හුගේ කාසසඟය, ඉවසන කාසසඟරායෙන් තෙත් වූ මෙහෙණ පිළිබඳ ඇවැත්හු සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛා විනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසි විටෙක සම්මුඛා විනයෙන් ද තිණවත්ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙත්. ...
2. දිහි විනවා වළඳන මෙහෙණ පිළිබඳ ඇවැත්හු සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳෙද් ද යත්: දිහි විනවා වළඳන මෙහෙණ පිළිබඳ ඇවැත්හු සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්ථාරකයෙන් දැයි තුන් ශමථයන් සන් හිඳෙත්.
සත්වන සමථවාරය නිමි.