7. සමථවාරය
1. කාසසඟරායෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හුගේ කාසසඟය ඉවසන කාසසඟරායෙන් තෙත් වූ “මෙහෙණ පිළිබඳ ඇවැත්හු සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳෙද් ද යත්: කාසසඟරායෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හුගේ කාසසඟය, ඉවසන කාසසඟරායෙන් තෙත් වූ මෙහෙණ පිළිබඳ ඇවැත්හු සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛා විනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසි විටෙක සම්මුඛා විනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙත්. ...
2. දිහි විනවා වළඳන මෙහෙණ පිළිබඳ ඇවැත්හු සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳෙද් ද යත්: දිහි විනවා වළඳන මෙහෙණ පිළිබඳ ඇවැත්හු සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයන් සන් හිඳෙත්.
සත්වන සමථවාරය නිමි.
8. සමුච්වයවාරය
1. කාසසඟරායෙන් තෙත්වූ මිනිස් පිරිමියක්හුගේ කාසසඟය ඉවසන කාසසඟරායෙන් තෙත් වූ මෙහෙණ කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: කාසසඟරායෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හු ගේ කාසසඟය ඉවසන කාසසඟරායෙන් තෙත් වූ මෙහෙණ තුන් ඇවැතකට පැමිණෙයි: අකු ඇටයෙන් යට දණ මඬලින් උඩ ගැණීම ඉවසා නම් පරිජි ඇවැත් වෙයි. අකුඇටයෙන් උඩ දණ මඬලින් යට ගැණීම ඉවසා නම් ථුලැසි ඇවැත් වෙයි, කය පිළිබැඳියක් ගැණීම ඉවසා නම් දුකුළා ඇවැත් වේ. කාසසඟරායෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හුගේ කාසසඟය ඉවසන කාසසඟරායෙන් තෙත් වූ මෙහෙණ මේ තුන් ඇවැතට පැමිණේ.
ඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත් අතුරෙන් කෙතෙක් විපත් බෙජෙත් ද සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කෙතෙක් ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු ද සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නගිත් ද සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කිනම් අධිකරණයෙක් ද සත්වැදෑරුම් ශමථයන් අතුරෙහි කෙතෙක් ශමථයෙන් සන්හිඳෙත් ද යත්:
ඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් කිසිවිටෙක ශීලවිපත්තිය ද කිසි විටෙක ආචාර විපත්තියදැයි විපත් දෙකක් බෙජෙත්. සත්වැදෑරුම් ආපත්ති ස්කන්‍ධයන් අතුරෙහි කිසිවිටෙක පාරාජිකාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක ථුල්ලච්චයාපත්ති ස්කන්‍ධයෙන් ද කිසිවිටෙක දුෂ්කෘතාපත්ති ස්කන්‍ධයන් දැයි තුන් ආපත්ති ස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු ය. සවැදැරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නගිති: කයින් ද සිතින් ද නගිති, වචනයෙන් නො නඟිත්. සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණයි. සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසි විටෙක සම්මුඛා විනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛයා විනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙත්. ...
2. දිහි විනවා වළඳන මෙහෙණ කෙතෙක් ඇවතට පැමිණේ ද යත්: දිහි විනවා වළඳන මෙහෙණ දෙ ඇවතකට පැමිණෙයි: “වළඳන්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි. පරගලායෙහි පරගලායෙහි පිළිදෙස්නී ඇවැත් වේ. දිහි විනවා වළඳන මෙහෙණ මේ දෙ ඇවතට පැමිණේ.
ඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් කෙතෙක් විපත්තීන් බෙජෙත් ද, සත්වැදෑරුම් ආපත්ති ස්කන්‍ධයන් අතුරෙන් කෙතෙක් ආපත්ති ස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහ ද, සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයන් නගිත් ද, සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කිනම් අධිකරණයෙක් ද, සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳෙත් ද යත්: