4. 3.
1. නග්න වැ නහන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: සනහා නම් පියෝහි දුකුළා වෙයි, සනහා අවසන්හි පචිති ඇවැත් වේ.
2. පමණ ඉක්මවූ දියසළුව කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: කරවා නම් පියෝහි දුකුළා වෙයි, කරවූ කල්හි පචිති ඇවැත් වේ.
3. මෙහෙණකගේ සිවුරක් ගෙත්තම් හැර හෝ ගෙත්තම් හරවා හෝ නො ම ගෙත්තම් කරණ ගෙත්තම් කරවීමට වෑයම් නො කරණ මෙහෙණ එක් ම පචිති ඇවැතට පැමිණේ.
4. පස් දවසක් පිරිබෝ කිරීම් විසින් හෝ අවුගැස්සීම් විසින් හෝ සිවුරු පෙරැළිම ඉක්මවන මෙහෙණ එක් ම පචිති ඇවැතට පැමිණේ.
5. පෙරළා දියයුතු සිවුර දරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: දරා නම් පියෝහි දුකුළා වෙයි. දැරූ කල්හි පචිති ඇවැත් වේ.
6. මෙහෙණ ගණයාගේ චීවරලාභයට අනතුරු කරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: අනතුරු කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, අනතුරු කළ කල්හි පචිති ඇවැත් වේ.
7. දැහැමි සිවුරු බෙදීම වළකන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: වළකා නම් පියෝහි දුකුළා වෙයි, වැළකූ කල්හි පචිති ඇවැත් වේ.
8. ගිහියකුට හෝ පිරිවැජියකුට හෝ පිරිවැජියකට හෝ ශ්‍රමණ සිවුරක් දෙන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: දේ නම් පියෝහි දුකුළා වෙයි, දුන් කල්හි පචිති ඇවැත් වේ.
9. දුර්‍වල වූ චිවරාශායෙන් චීවරකාලසමය ඉක්මවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: ඉක්මවා නම් පියෝහි දුකුළා වෙයි, ඉක්ම වූ කල්හි පචිති ඇවැත් වේ.
10. දැහැමි කෙළින් සිවුර ඉදිරීම වළකන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: වළකා නම් පියෝහි දුකුළා වෙයි, වැළකූ කල්හි පචිති ඇවැත් වේ.
තෙවන නහාන වර්‍ග යි.
4. 4.
1. මෙහෙණ දෙනමක් එක් ඇඳෙකැ හෝනාහු නම් දෙ ඇවැතකට පැමිණෙති: හොවිත් නම් පියෝහි දුකුළා වෙයි, හොත් කල්හි පචිති ඇවැත් වේ.
2. මෙහෙණ දෙනමක් එකක් ම ඇතිරීම් පෙරැවීම් කොට ඇති වැ හෝනාහු නම් දෙ ඇවැතකට පැමිණෙති: හොවිත් නම් පියෝහි දුකුළා වෙයි, හොත් කල්හි පචිති ඇවැත් වේ.
3. දැන දැන මෙහෙණක්හට අපහසුබව කරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: අපහසුබව කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, අපහසුබව කළ කල්හි පචිති ඇවැත් වේ.
4. ගිලන් වූ සද්ධිවිහාරිණියකට නො ම උවැටන් කරණ උවැටන් කරවීමට වෑයම් නො කරණ මෙහෙණ එක් ම පචිති ඇවතට පැමිණේ.
5. මෙහෙණක්හට නිවහනක් දී කිපියා නො සතුටුසිත් ඇත්තී (ඇය) ඉන් බැහැර කරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: බැහැර කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, බැහැර කළ කල්හි පචිති ඇවැත් වේ.
6. තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි නො හරිණ ගිහිසසඟ ඇති මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: ඤත්තියෙන් දුකුළා වෙයි, කම්වදන් අවසන්හි පචිති ඇවැත් වේ.
7. සැක සහිත යැයි දන්නා ලද ප්‍රතිභය සහිත වූ තමා වසන රට තුළ සත්‍වාවන් නැති වැ සැරිසරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: පිළිපදී නම් පියෝහි දුකුළා වෙයි, පිළිපන් කල්හි පචිති ඇවැත් වේ.
8. සැකසහිත යැයි දන්නා ලද ප්‍රතිභය සහිත වූ අන් රටෙක සත්‍වාවන් නැති වැ සැරිසරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: පිළිපදී නම් පියෝහි දුකුළා වෙයි, පිළිපන් කල්හි පචිති ඇවැත් වේ.
9. වස් කාලය තුළ සැරිසරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: පිළිපදී නම් පියෝහි දුකුළා වෙයි, පිළිපන් කල්හි පචිති ඇවැත් වේ.
10. වුසූ වස් ඇති මෙහෙණ සැරිසැරීමට නො යන්නී එක් ම පචිති ඇවැතට පැමිණේ.
සිවුවන තුවට්ට වර්‍ග යි.
4. 5.
1. රජුගේ ක්‍රිඩාගාරයක් හෝ චිත්‍රාගාරයක් හෝ උපවනයක් හෝ ක්‍රිඩොද්‍යානයක් හෝ ක්‍රීඩා පුෂ්කරීණියක් හෝ දක්නට යන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: යේ නම් දුකුළා ඇවැත් වෙයි, යම් තැනෙක සිටියා බලා නම් පචිති ඇවැත් වේ.
2. දික් හඟලා පුටුවක් හෝ පලඟක් හෝ පරිභෝග කරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: පරිභෝග කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, පරිභෝග කළ කල්හි පචිති ඇවැත් වේ.
3. හූ කටින මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: හූ කටී නම් පියෝහි දුකුළා වෙයි, හූ වතෙක්හි හූ වතෙක්හි පචිති ඇවැත් වේ.
4. ගිහියනට මෙහෙවර කරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: මෙහෙ කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, මෙහෙ කළ කල්හි පචිති ඇවැත් වේ.