4. 1.
1. අමු සුදුලුහුණු අනුභව කරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: “අනුභව කරන්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි පචිති ඇවැත් වේ.
2. සම්බාධ ස්ථානයෙහි ලොම් බැහැර කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: බැහැර කරවා නම් පියෝහි දුකුළාවෙයි, බැහැර කරවූ කල්හි පචිති ඇවැත් වේ.
3. තලඝාතනය කරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, කළ කල්හි පචිති ඇවැත් වේ.
4. ජතුමට්ටකය (ලහමට) ගන්නා මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: ගණී නම් පියෝහි දුකුළා වෙයි, ගත් කල්හි පචිති ඇවැත් වේ.
5. අයිරා දැඟුල් පුරුකකට වඩා උදකශුද්ධිය ගන්නා මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: ගණී නම් පියෝහි දුකුළා වෙයි, ගත් කල්හි පචිති ඇවැත් වේ.
6. වළඳන මහණක්හට පැනින් හෝ විජිනියෙන් හෝ උවැටන් කරමින් සිටින මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: අත්පසෙහි සිටී නම් පචිති ඇවැත් වෙයි, අත්පස හැර සිටී නම් දුකුළා ඇවැත් වේ.
7. අමු ධාන්ය විනවා වළඳන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: වළඳන්නෙමියි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි පචිති ඇවැත් වේ.
8. මල හෝ මූ හෝ කෙළ හෝ කසළ හෝ ඉඳුල් හෝ භිත්තියෙන් පිටත හෝ පවුරෙන් පිටත හෝ දමන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: දමා නම් පියෝහි දුකුළා වෙයි, දැමූ කල්හි පචිති ඇවැත් වේ.
9. මල හෝ මූ හෝ කෙළ හෝ කසළ හෝ ඉඳුල් හෝ නිල් තණ බිමෙකැ දමන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: දමා නම් පියෝහි දුකුළා වෙයි, දැමූ කල්හි පචිති ඇවැත් වේ.
10. නටනු හෝ ගයනු හෝ වයනු හෝ දක්නා පිණිස යන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: යේ නම් දුකුළා ඇවැත් වෙයි. යම් තැනෙක සිටියා බලා නම් හෝ අසා නම් හෝ පචිති ඇවැත් වේ.
පළමුවන ලසුණ වර්ග යි.
4. 2.
1. පහන් නැති රෑ අඳුරෙහි එකලා මිනිස් පිරිමියක්හු හා එකලා වැ වෙත සිටින මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: අත්පසෙහි සිටී නම් පචිති ඇවැත් වෙයි, අත්පස හැර සිටී නම් දුකුළා ඇවැත් වේ.
2. පිළිසන් පියෙසෙක්හි එකලා මිනිස් පිරිමියක්හු හා එකලා ව වෙත සිටින මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: අත්පසෙහි සිටී නම් පචිති ඇවැත් වෙයි, අත්පස හැර සිටී නම් දුකුළා ඇවැත් වේ.
3. එළිමහනෙහි එකලා මිනිස් පිරිමියක්හු හා එකලා වැ වෙත සිටින මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: අත්පසෙහි සිටී නම් පචිති ඇවැත් වෙයි, අත්පස හැර සිටී නම් දුකුළා ඇවැත් වේ.
4. වීථියෙහි හෝ විනිවිද නො ගිය කුඩා වීථියෙහි හෝ සතර මංසන්ධියෙහි හෝ එකලා මිනිස් පිරිමියක්හු හා එකලා වැ වෙත සිටින මෙහෙණ දෙ ඇවතකට පැමිණෙයි: අත්පසෙහි සිටී නම් පචිති ඇවැත් වෙයි, අත්පස හැර සිටි නම් දුකුළා ඇවැත් වේ.
5. පෙරැබත්හි කුලයන් කරා එළඹ ආසනයෙහි හිඳ හිමියන් නො පිළිවිස බැහැර යන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: පළමු පියවර අගුව ඉක්මවා නම් දුකුළා ඇවැත් වෙයි, දෙවන පියවර ඉක්මවා නම් පචිති ඇවැත් වේ.
6. පසුබත්හි කුලයන් කරා එළඹ හිමියන් නො පිළිවිස ආසනයෙහි හිඳිනා මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: හිඳී නම් පියෝහි දුකුළා වෙයි, හුන් කල්හි පචිති ඇවැත් වේ.
7. විකාලයෙහි කුලයන්ට එළඹ හිමියන් නොපිළිවිස ශය්යාවක් අතුට හෝ අතුරුවා හෝ හිඳින මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: හිඳී නම් පියෝහි දුකුළා වෙයි, හුන් කල්හි පචිති ඇවැත් වේ.
8. නපුරු කොට ගැණීමෙන් නපුරු කොට දැකීමෙන් මෙරමාහට අවමන් කරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: අවමන් කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, අවමන් කළ කල්හි පචිති ඇවැත් වේ.
9. තමාට හෝ අන් උපසපන් මෙහෙණකට හෝ නිරයෙන් හෝ බඹසරින් හෝ සාපකරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: සාප කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, සාප කළ කල්හි පචිති ඇවැත් වේ.
10. තමන් වෙර පැහැර පැහැරැ හඬන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: පහරා නම් හඬා නම් පචිති ඇවැත් වෙයි, පහරා නම් නො හඬා නම් දුකුළා ඇවැත් වේ.
දෙවන රත්තන්ධකාර වර්ග යි.