12. සඞ්ග්රහවාරය
1. කායසංසර්ගය ඉවසීම් හේතුයෙන් සිදුවන ඇවැත්හු සප්තාපත්තිස්කන්ධයන් අතුරෙන් කෙතෙක් ආපත්තිස්කන්ධයෙන් සඞ්ග්රහ කරණ ලදහු ද යත්: කායසංසර්ගය ඉවසීම් හේතුයෙන් සිදුවන ඇවැත්හු සප්තාපත්තිස්කන්ධයන් අතුරෙන් කිසිවිටෙක පාරාජිකාපත්තිස්කන්ධයෙන් ද කිසිවිටෙක සඞ්ඝාදිසේසාපත්තිස්කන්ධයෙන් ද කිසි විටෙක ථුල්ලවච්චයාපත්තිස්කන්ධයෙන් ද කිසිවිටෙක පාචිත්තියාපත්තිස්කන්ධයෙන් ද කිසිවිටෙක දුෂ්කෘතාපත්තිස්කන්ධයෙන් දැයි පස් ආපත්තිස්කන්ධයෙකින් සඞ්ග්රහ කරණ ලදහු ය. ...
2. දිහි විනවා වැළඳීම් හේතුයෙන් සිදුවන ඇවැත්හු සප්තාපත්තිස්කන්ධයන් අතුරෙන් කෙතෙක් ආපත්තිස්කන්ධයෙන් සඞ්ග්රහ කරණ ලදහු ද යත්: දිහි විනවා වැළඳීම් හේතුයෙන් සිදුවන ඇවැත්හු සප්තාපත්තිස්කන්ධයන් අතුරෙන් කිසිවිටෙක පාටිදේසනීයාපත්තිස්කන්ධයෙන් ද කිසිවිටෙක දුෂ්කෘතාපත්තිස්කන්ධයෙන් දැයි දෙ ආපත්තිස්කන්ධයෙන් සඞ්ග්රහ කරණ ලදහු ය.
සිවුවන සඞ්ග්රහවාරය නිමි.
13. සමුට්ඨානවාරය
1. කායසංසර්ගය ඉවසීම් හේතුයෙන් සිදුවන ඇවැත්හු සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නගිත් ද යත්: කායසංසර්ගය ඉවසීම් හේතුයෙන් සිදුවන ඇවැත්හු සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නගිති: කයින් ද සිතින් ද නගිති, වචනයෙන් නො නගිත්. ...
2. දිහි විනවා වැළඳීම් හේතුයෙන් සිදුවන ඇවැත්හු සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නගිත් ද යත්: දිහි විනවා වැළඳීම් හේතුයෙන් සිදුවන ඇවැත්හු සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් සිවුසමුට්ඨානයෙකින් නගිත්. කිසිවිටෙක කයින් නගිත්, වචනයෙන් නො නගිත්, සිතින් නො නගිත්. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද නගිත්, සිතින් නො නගිත්, කිසිවිටෙක කයින් ද සිතින් ද නගිත්, වචනයෙන් නො නගිත්. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නගිත්.
පස්වැනි සමුට්ඨානවාරය නිමි.
14. අධිකරණවාරය
1. කායසංසර්ගය ඉවසීම් හේතුයෙන් සිදුවන ඇවැත්හු සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කිනම් අධිකරණයෙක් ද යත්: කායසංසර්ගය ඉවසීම් හේතුයෙන් සිදුවන ඇවැත්හු සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් අපත්තාධිකරණ යි. ...
2. දිහි විනවා වැළඳීම් හේතුයෙන් සිදුවන ඇවැත්හු සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කිනම් අධිකරණයෙක් ද යත්: දිහි විනවා වැළඳීම් හේතුයෙන් සිදුවන ඇවැත්හු සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණ යි.
සවැනි අධිකරණවාරය නිමි.