13. සමුට්ඨානවාරය
1. කායසංසර්‍ගය ඉවසීම් හේතුයෙන් සිදුවන ඇවැත්හු සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නගිත් ද යත්: කායසංසර්‍ගය ඉවසීම් හේතුයෙන් සිදුවන ඇවැත්හු සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නගිති: කයින් ද සිතින් ද නගිති, වචනයෙන් නො නගිත්. ...
2. දිහි විනවා වැළඳීම් හේතුයෙන් සිදුවන ඇවැත්හු සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නගිත් ද යත්: දිහි විනවා වැළඳීම් හේතුයෙන් සිදුවන ඇවැත්හු සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් සිවුසමුට්ඨානයෙකින් නගිත්. කිසිවිටෙක කයින් නගිත්, වචනයෙන් නො නගිත්, සිතින් නො නගිත්. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද නගිත්, සිතින් නො නගිත්, කිසිවිටෙක කයින් ද සිතින් ද නගිත්, වචනයෙන් නො නගිත්. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නගිත්.
පස්වැනි සමුට්ඨානවාරය නිමි.
14. අධිකරණවාරය
1. කායසංසර්‍ගය ඉවසීම් හේතුයෙන් සිදුවන ඇවැත්හු සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කිනම් අධිකරණයෙක් ද යත්: කායසංසර්‍ගය ඉවසීම් හේතුයෙන් සිදුවන ඇවැත්හු සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් අපත්තාධිකරණ යි. ...
2. දිහි විනවා වැළඳීම් හේතුයෙන් සිදුවන ඇවැත්හු සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කිනම් අධිකරණයෙක් ද යත්: දිහි විනවා වැළඳීම් හේතුයෙන් සිදුවන ඇවැත්හු සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණ යි.
සවැනි අධිකරණවාරය නිමි.
15. සමථවාරය
1. කායසංසර්‍ගය ඉවසීම් හේතුයෙන් සිදුවන ඇවැත්හු සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳෙත් ද යත්: කායසංසර්‍ගය ඉවසීම් හේතුයෙන් සිදුවන ඇවැත්හු ශමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙත්. ...
2. දිහි විනවා වැළඳීම් හේතුයෙන් සිදුවන ඇවැත්හු සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳෙත් ද යත්: දිහි විනවා වැළඳීම් හේතුයෙන් සිදුවන ඇවැත්හු සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් සමථයෙන් සන්හිඳෙත්.
සත්වැනි සමථවාරය නිමි.