10. 2.
සඞ්ඝාදිශේෂ කාණ්ඩාදිය
1. විවාද කරණ මෙහෙණ අධිකරණ කිරීම් හේතුයෙන් තුන් ඇවැතකට පැමිණෙයි: එකක්හට ඇරොජා නම් දුකුළා ඇවැත් වෙයි, දෙවැන්නකුට ඇරොජා නම් ථුලැසි ඇවැත් වෙයි, අධිකරණය නිමිකල්හි සඟවෙසෙස් ඇවැත් වේ.
2. සෙරෙක උපසපන් කරවීම් හේතුයෙන් තුන් ඇවැතකට පැමිණෙයි: ඤත්තියෙන් දුකුළා වෙයි, දෙකම්වදනින් ථුලාසීහු වෙතී. කම්වදන් අවසන්හි සඟවෙසෙස් ඇවැත් වේ.
3. එකලා වැ අන් ගමකට යෑම් හේතුයෙන් තුන් ඇවැතකට පැමිණෙයි: යේ නම් දුකුළා ඇවැත් වෙයි, පළමු පියවර පරික්‍ෂේපය ඉක්මවා නම් ථුලැසි ඇවැත් වෙයි, දෙවන පියවර ඉක්මවා නම් සඟවෙසෙස් ඇවැත් වේ.
4. සමගසඟුන් විසින් ධර්‍මයෙන් විනයෙන් ශාස්තෘශාසනයෙන් උඛෙව්නීකම් කළ මෙහෙණක කාරක සඞ්ඝයා නො පිළිවිස (කාරක) ගණයාගේ අදහස් නො දැන ඇතුළත් කර ගැණීම් හේතුයෙන් තුන් ඇවැතකට පැමිණෙයි: ඤත්තියෙන් දුකුළා වෙයි, දෙකම් වදනින් ථුලැසීහු වෙති, කම්වදන් අවසන්හි සඟවෙසෙස් ඇවැත් වේ.
5. මෙවුන්දම්රායෙන් තෙත් වූ මෙහෙණක් මෙවුන්දම්රායෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හුගේ අතින් කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ සියතින් පිළිගෙණ වැළඳීම් හේතුයෙන් තුන් ඇවැතකට පැමිණෙයි: “කන්නෙමි, වළඳන්නෙමි” යි පිළිගණී නම් ථුලැසි ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි සඟවෙසෙස් ඇවැත් වෙයි, දිය දැහැටි පිළිගණී නම් දුකුළා ඇවැත් වේ.
6. ආර්‍ය්‍යාව, තෙල පුරුෂපුද්ගල තෙමේ මෙවුන්දම්රායෙන් තෙත් වූයේ හෝ නො තෙත් වූයේ හෝ තොපට කුමක් කෙරේ ද, යම්හෙයෙකින් තෙපි මෙවුන්දම්රායෙන් නො තෙත් වහු ද, එබැවින් ආර්‍ය්‍යාව, තෙල පුරුෂපුද්ගල තෙමේ යම් කෑයුතු දැයක් හෝ බිදිය යුතු දැයක් හෝ තොපට දේ ද, තෙපි එය සියතින් පිළිගෙණ කව හෝ වළඳව හෝ කියා මෙහෙයවීම් හේතුයෙන් තුන් ඇවැතකට පැමිණෙයි: ඇයගේ වචනයෙන් “කන්නෙමි වළඳන්නෙමි’ යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි ථුලැසි ඇවැත් වෙයි, වළඳා නිමි කල්හි සඟවෙසෙස් ඇවැත් වේ.
7. කිපියා වූ මෙහෙණක් තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි වරද නො හැරීම් හේතුයෙන් තුන් ඇවැතකට පැමිණෙයි: ඤත්තියෙන් දුකුළා වෙයි. දෙ කම්වදනින් ථුලැසීහු වෙති, කම්වදන් අවසන්හි සඟවෙසෙස් ඇවැත් වේ.
8. කිසියම් අධිකරණයෙක්හි පරදවන ලද මෙහෙණක් තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි වරද නො හැරීම් හේතුයෙන් තුන් ඇවැතකට පැමිණෙයි: ඤත්තියෙන් දුකුළා වෙයි, දෙකම්වදනින් ථුලැසීහු වෙති, කම්වදන් අවසන්හි සඟවෙසෙස් ඇවැත් වේ.
9. ගිහියන් හා එක් වූ මෙහෙණක් තුන්යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි වරද නො හැරීම් හේතුයෙන් තුන් ඇවැතකට පැමිණෙයි: ඤත්තියෙන් දුකුළා වෙයි, දෙ කම්වදනින් ථුලැසීහු වෙති, කම්වදන් අවසන්හි සඟවෙසෙස් ඇවැත් වේ.
10. “ආර්‍ය්‍යාවෙනි, තෙපි ගිහියන් හා එක්ව මැ වසව, තෙපි වෙන්ව නො වසව,” කියා මෙහෙයවන මෙහෙණ තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි වරද නො හැරීම් හේතුයෙන් තුන් ඇවැතකට පැමිණෙයි: ඤත්තියෙන් දුකුළා වෙයි, දෙ කම්වදනින් ථුලැසීහු වෙති, කම්වදන් අවසන්හි සඟවෙසෙස් ඇවැත් වේ. ...
දස සඟවෙසෙස් නිමි.
යට කී සෙයින් විස්තර කටයුතු යැ, හේතුව පමණෙක් මැ වෙනසි.
11. දිහි විනවා වැළඳීම් හේතුවෙන් කෙතෙක් ඇවතට පැමිණේ ද යත්: දිහි විනවා වැළඳීම් හේතුයෙන් දෙ ඇවැතකට පැමිණෙයි: “වළඳන්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි පිළිදෙස්නී ඇවැත් වේ. දිහි විනවා වැළඳීම් හේතුයෙන් මේ දෙ ඇවතට පැමිණේ.
දෙවන කතාපත්තිවාරය නිමි.