1. 5.
පාටිදේසනීය කාණ්ඩය
1. ගිතෙල් විනවා වළඳන මෙහෙණ පිළිබඳ පාටිදේසනීය සිඛ කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි පණවන ලදී. කවරක ඇරැබ ද යත්: සවග මෙහෙණන් ඇරැබ ය. කිනම් වස්තුයෙක යත්: සවග මෙහෙණෝ ගිතෙල් විනවා වැළඳුහ. ඒ වස්තුයෙක් යැ, පඤ්ඤත්ති එකෙකි. අනුපඤ්ඤත්ති එකෙකි. සවැදැරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සතරෙකින් නඟී. ...
2. තල තෙල් විනවා වළඳන මෙහෙණ පිළිබඳ පාටිදේසනීය සිඛ කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි පණවන ලදි. කවරක ඇරැබ ද යත්: සවග මෙහෙණන් ඇරැබ ය. කිනම් වස්තුයෙක යත්: සවග මෙහෙණෝ තල තෙල් විනවා වැළඳුහ. ඒ වස්තුවෙහි යැ. පඤ්ඤත්ති එකකි. අනුපඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සතරකින් නඟී. ...
3. මී විනවා වළඳන මෙහෙණ පිළිබඳ පාටිදේසනීය සිඛ කොතන්හි පණවන ලද ද යත්: සැවැතෙහි පණවන ලදි. කවරක ඇරැබ ද යත්: සවග මෙහෙණන් ඇරැබ ය. කිනම් වස්තුයෙක යත්: සවග මෙහෙණෝ මී විතවා වැළඳුහ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. අනුපඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති, සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සතරකින් නඟී. ...
4. උක්සකුරු විනවා වළඳන මෙහෙණ පිළිබඳ පාටිදේසනීය සිඛ කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි පණවන ලදි. කවරක ඇරැබද යත්: සවග මෙහෙණන් ඇරැබ ය. කිනම් වස්තුයෙක යත්: සවග මෙහෙණෝ උක් සකුරු විනවා වැළඳුහ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. අනුපඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සතරකින් නඟී. ...
5. දිය මස් විනවා වළඳන මෙහෙණ පිළිබඳ පාටිදේසනීය සිඛ කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි පණවන ලදි. කවරක ඇරැබ ද යත්: සවග මෙහෙණන් ඇරැබ ය. කිනම් වස්තුයෙක යත්: සවග මෙහෙණෝ දියමස් විනවා වැළඳුහ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. අනුපඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සතරකින් නඟී. ...
6. ගොඩමස් විනවා වළඳන මෙහෙණ පිළිබඳ පාටිදේසනීය සිඛ කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි පණවන ලදි. කවරක ඇරැබ ද යත්: සවග මෙහෙණන් ඇරැබ ය. කිනම් වස්තුයෙක යත්: සවග මෙහෙණෝ ගොඩමස් විනවා වැළඳුහ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. අනුපඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සතරකින් නඟී. ...
7. කිරි විනවා වළඳන මෙහෙණ පිළිබඳ පාටිදේසනීය සිඛ කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි පණවන ලදි. කවරක ඇරැබ ද යත්: සවග මෙහෙණන් ඇරැබ ය. කිනම් වස්තුයෙක යත්: සවග මෙහෙණෝ කිරි විනවා වැළඳුහ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. අනුපඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සතරකින් නඟී. ....
8. දිහි විනවා වළඳන මෙහෙණ පිළිබඳ පාටිදේසනීය සිඛ කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි පණවන ලදි. කවරක ඇරැබ ද යත්: සවග මෙහෙණෝ ඇරැබ ය. කිනම් වස්තුයෙක යත්: සවග මෙහෙණෝ දිහි විනවා වැළඳුහ. ඒ වස්තු යෙහි යැ.
පඤ්ඤත්ති එකකි. අනුපඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සතරකින් නඟී. කිසිවිටෙක කයින් නඟී. වචනයෙන් නොනඟී. සිතින් නොනඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද නඟී, සිතින් නොනඟී. කිසිවිටෙක කයින් ද සිතින් ද නඟී. වචනයෙන් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
අට පිළිදෙස්නීහු නිමියහ.
එහි වස්තුනාමාවලිය:
සප්පි යැ, තෙල යැ, මධු යැ, ඵාණිත යැ, මච්ඡ යැ, මංස යැ, ඛීර යැ, දධි යැ, යි විනවැ ගැනීමෙන් (නඟින) මෙහෙණ පිළිබඳ පිළිදෙස්නී අට සිඛයෝ සම්බුද්ධයන් වහන්සේ විසින් පවසන ලදහ.
භික්‍ෂු විභඞ්ගයෙහි යම් ශික්‍ෂාපද කෙනෙක් විස්තර කරණ ලද්දාහු ද, ඒ ශික්‍ෂාපදයෝ භික්‍ෂුණි විභඞ්ගයෙහි සංක්‍ෂිප්තයහ.
පළමුවන කත්‍ථපඤ්ඤත්තිවාරය නිමියේ යි.