1. 3.
නිස්සග්ගිය කාණ්ඩය
1. සිකපද පැණවීමෙහි කල් දක්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් (ඉටන් පොහෝනා) පාත්‍රයක් නො ඉටා නො විකපා එක දවසකුදු තබා ගන්නා මෙහෙණ පිළිබඳ නිසඟි පචිතිය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: සවගමෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: සවගමෙහෙණහු (නො ඉටා නො විකපා) පාත්‍ර රැස් කොට තබාගත්හ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කඨිනක සමුට්ඨානයෙහි යැ. …
2. අකාලචීවරයක් කාලචීවරයැ යි ඉටා බෙදවන මෙහෙණ පිළිබඳ නිසඟි පචිතිය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ අකාලචීවරය කාලචීවර යැයි ඉටා බෙදවූ යැ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟී. …
3. මෙහෙණක හා සමග සිවුරක් පෙරැළි කොට ගෙණ (පසුව) අසිඳගන්නා මෙහෙණ පිළිබඳ නිසගිපචිතිය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ මෙහෙණක හා සමග සිවුරක් පෙරැළි කොට ගෙණ (පසුව) අසිඳ ගත්තා යැ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟි. …
4. අනෙකක් විනවා (එය තබා) අනෙකක් විනවන මෙහෙණ පිළිබඳ නිසගි පවීතිය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ තොමෝ අනෙකක් විනවා (එය තබා) අනෙකක් විනවූ යැ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨානසයෙන් ම නඟි. …
5. අනෙකක් දන්වා (එය තබා) අනෙකක් දන්වන මෙහෙණ පිළිබඳ නිසගි පචිතිය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: ථුල්ලනන්‍දා මෙහෙණ අනෙකක් දන්වා (එය තබා) අනෙකක් දැන්වූ යැ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් ම නඟි. …
6. අනෙකක්හු පිණිස දුන් අනෙකක්හු උදෙසා දුන් සඟසතු පිරිකරින් අනෙකක් විනවන මෙහෙණ පිළිබඳ නිසඟි පචිතිය කොතැන්හි දී පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: බොහෝ මෙහෙණහු අනෙකක්හු පිණිස දුන් අනෙකක්හු උදෙසා දුන් සඟසතු පිරිකරින් අනෙකක් විනවූහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් ම නඟී. …
7. අනෙකක්හු පිණිස දුන් අනෙකක්හු උදෙසා දුන් සඟසතු පිරිකරින් තමන් ඉල්ලා ගත් දෙයින් අනෙකක් විනවන මෙහෙණ පිළිබඳ නිසඟි පචිතිය කොතැන්හි දී පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: බොහෝ මෙහෙණහු අනෙකක්හු පිණිස දුන් අනෙකක්හු උදෙසා දුන් සඟසතු පිරිකරින් තමන් විසින් ඉල්ලා ගත් දෙයින් අනෙකක්හු විනවූහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨානයෙන් ම නඟී. …
8. අනෙකක්හු පිණිස දුන් අනෙකක්හු උදෙසා දුන් ගණසතු පිරිකරින් අනෙකක් විනවන මෙහෙණ පිළිබඳ නිසඟි පචිතිය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: බොහෝ මෙහෙණහු අනෙකක්හු පිණිස දුන් අනෙකක්හු උදෙසා දුන් ගණසතු පිරිකරින් අනෙකක් විනවූහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් ම නඟී. …
9. අනෙකක්හු පිණිස දුන් අනෙකක්හු උදෙසා දුන් ගණසතු පිරිකරින් තමා ඉල්ලා ගත් දෙයින් අනෙකක් විනවන මෙහෙණ පිළිබඳ නිසඟි පචිතිය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: බොහෝ මෙහෙණහු අනෙකක්හු පිණිස දුන් අනෙකක්හු උදෙසා දුන් ගණසතු පිරිකරින් තමන් ඉල්ලා ගත් දෙයින් අනෙකක් විනවූහ, ඒ වස්තු යෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් ම නඟී. …