සෙදමොචනගාථා
1. භික්ෂූන් හා ද භික්ෂුණීන් හා ද පොහෝ පවුරුණු ආදි සංවාස නැත්තෙක් වෙයි. ඔහු කෙරෙහි සමහර (අකැප) සම්හොගයෙක් නො ලැබේ. සහාගාරයෙය්යාවෙන් ද ඇවැත් නො වේ. මේ ප්රශ්නය විනයඥයන් විසින් සිතන ලදි. (මෙය ලදරු පුතු හා මවු මෙහෙණ සඳහා යැ.)
2. මහර්ෂි වූ බුදුරජුන් විසින් වියදම් නොකට යුතු වූ ද නො බෙදිය යුතු වූද ගරු බඩු පසෙක් වදාරණ ලදහ. ඒ බඩු වියදම් කරන්නාහට පරිභෝග කරන්නාහට ද ඇවැත් නො වේ. මේ ප්රශ්නය විඥයන් විසින් සිතන ලදි. (භයෙහි සෙනසුන් රැක්ම පිණිස නො ගරු බඩු වියදම් කොට වැළඳීම නිදොස් බව දක්වනු සඳහා යැ.)
3. (අවන්දිය) දශපුද්ගලයන් ද නො කියමි. එකොළොස් වර්ජනීය පුද්ගලයන් ද නො කියමි. වැඩිමහලු මහණහු වඳින්නහුට ඇවැත් වේ. මේ ප්රශ්නය විඥයන් විසින් සිතන ලදි. (සෙලු මහණ සඳහා යැ.)
4. උඛෙව්නීකම් කරණලදුයෙක් නො වෙයි. පිරිවෙස් වසන්නෙත් නො වෙයි. සඞ්ඝභේද කළේත් නො වෙයි. තීර්ත්ථකායතනයකට ගියේත් නො වෙයි. සමාන සංවාසක භූමියෙහි මැ සිටියේ ශික්ෂාවෙන් කෙසේ නම් අසමාන වන්නේ ද? මේ ප්රශ්නය විඥයින් විසින් සිතන ලදි. (කරනැවෑමි විරු මහණහු ක්ෂුර භාණ්ඩ පරිහරණය නොලැබීම සඳහා යැ.)
5. අර්ත්ථයෙන් යුක්ත වූ කුශලධර්මයන් පිළිවිසිමින් පිරිසට එළැඹෙන්නේත් වේ. හෙ ජීවත් වන්නේ නො වෙයි. මළේත් නො වෙයි. පිරිනිවියේත් නො වෙයි. බුදුවරයෝ ඒ පුඟුලා කවරෙකැයි වදාරත් ද? මේ ප්රශ්නය විඥයන් විසින් සිතන ලදි. (මෙය නිර්මිත බුදුන් සඳහා යැ.)
6. අකු ඇටයෙන් මත්තෙහි ද, නැබින් යට ද (මෙවුන් දමක් ගැණ) නො කියමි. ඒ දෙපස හැර මෙවුන්දම් හේතුවින් කෙසේ පරිජි වන්නේ ද? මේ ප්රශ්නය විඥයන් විසින් සිතන ලදි. (මෙය කවන්ධයා සඳහා යැ.)
7. මහණ තමා ඉල්වා ගත් උපකරණයෙන් නො දෙසූ කුටිවාස්තු ඇති පමණ ඉක්ම වූ උවදුරු සහිත වූ උපචාර, රහිත වු කිළියක් කෙරේ. (ඔහුට එයින්) ඇවැත් නො වේ. මේ ප්රශ්නය විඥයන් , විසින් සිතන ලදි. (මෙය තණ සෙවෙනි කළ කිළිය සඳහා යැ.)
8. මහණ තමා ඉල්වා ගත් උපකරණයෙන් දෙසන ලද කුටිවාස්තු ඇති ප්රමාණවත් වූ උවදුරු රහිත වූ උපචාර සහිත වූ කිළියක් කෙරේ. (මේ හේතුවෙන් ඔහුට) ඇවැත් වේ. මේ ප්රශ්නය විඥයන් විසින් සිතන ලදි. (මෙය ධනිය තෙරුන්ගේ කිළිය වැනි සියල්ල මැටිමුවා කිළිය සඳහා යැ.)
9. කායික වූ කිසියම් ප්රයෝගයකුත් නො කරන්නේ ය. වචනයෙන් අනුන්ට කිසිවකුත් නො කියන්නේ ය. (එහෙත්) ගරුක වූ පරිජි ඇවතට පැමිණෙන්නේ ය. මේ ප්රශ්නය විඥයන් විසින් සිතන ලදි. (මෙය වජ්ජපටිච්ඡාදක මෙහෙණ සඳහා යැ).
10. සත්පුරුෂ තෙමේ කයින් ද, වචනයෙන් ද පවක් නො කරන්නේ ය. සිතිනුදු කිසි පවක් නො කරන්නේ ය. නසන ලද හෙතෙමේ කුමක් හෙයින් මොනවට නසන ලද්දේ වන්නේ ද, මේ ප්රශ්නය විඥයන් විසින් සිතන ලදි. (මෙය පණ්ඩකාදි එකොළොස් අභව්ය පුද්ගලයන් සඳහා යැ).
11. කිසියම් මිනිසක්හු සමඟ කථා නො කරන්නේ කිසි වචනයක් මෙරමාහට නො බණන්නේ ද වෙයි. එහෙත් කායද්වාරික නො වූ වාග්ද්වාරික ඇවැතකට පැමිණෙන්නේ ය. ම ප්රශ්නය විඥයන් විසින් සිතන ලදි. (මෙය පොහෝගෙයි සාපත්තික වැ තුෂ්ණිම්භූත වන මහණහු සඳහා යැ).
12. බුදුරජුන් විසින් වර්ණනා කරණ ලද (පණවන ලද) සඟවෙසෙස් සිකපදයෝ සතරෙක් වන්නාහ. ඒ සියල්ලට එක් පියොවින් අවදනේ ය. මේ ප්රශ්නය විඥයන් විසින් සිතන ලදි. (මෙය අරුණෝද්ගමනයෙහි අන් ගමකට ඇතුළත් නදියක පරතෙරට පැමිණි මෙහෙණහු සඳහා යැ)
13. දෙදෙනෙක් එක් එක් පක්ෂයෙන් උපසපන් වූහ. ඒ දෙදෙනාගේ අතින් යමෙක් සිවුරක් පිළිගන්නේ නම්, (ඔහුට) වෙන් වෙන් ඇවැත් වන්නේ ය. මේ මේ ප්රශ්නය විඥයන් විසින් සිතන ලදි. (මෙය ඒකතෝ උපසම්පන්න මෙහෙණන් දෙදෙනකු සඳහා යැ).
14. සතර දෙනෙක් (ඔවුනොවුන්ට) විධාන කොට ගෙණ ගරු බඩුවක් සොරා ගත්හ. (ඔවුනතුරෙන්) තිදෙනෙක් පරිජි වූහ. එකෙක් පරිජි නො වීය. මේ ප්රශ්නය විඥයන් විසින් (මෙය සාහත්ථික ආණත්තික භේදයෙන් කියන ලදි.)
15. ස්ත්රියක් තොමෝත් ඇතුළු ගෙයි වන්නී ය. මහණෙක් තෙමේත් ගෙයින් පිටත වන්නේ ය. ඒ ගෙයි සිදුරෙක් නැත. (එසේ කල්හි) මෙවුන්දම් හේතුවෙන් කෙසේ පරිජි වන්නේ ද, මේ ප්රශ්නය විඥයන් විසින් සිතන ලදි. (මේ ගෙය පිළියෙන් කළ බැවිනි.)
16. තෙල් යැ, මී යැ, උක්පැණි යැ, ගිතෙල් යැ, යන මේ ද්රව්යයන් තෙමේ පිළිගෙන තබන්නේ ය. සත් දින ඉකුත් නො වූ කල්හි ම ප්රයෝජනයක් ඇති කල්හි වළඳන්නහුට ඇවැත් වේ. මේ ප්රශ්නය විඥයන් විසින් සිතන ලදි. (මෙය ලිඟු පෙරැළි වූවන් සඳහා යැ.)
17. නිසඟි පචිති ඇවැතට ද, ශුද්ධ පචිති ඇවැතට ද එකවට පැමිණෙන්නේ වන්නේ ය. මේ ප්රශ්නය විඥයන් විසින් සිතන ලදි. (මෙය සඟසතු සිවුරුවලින් එකවර දෙකක් ගන්නා මහණ සඳහා යැ).