පුච්ඡාවිභාගය
1. “තොප විසින් කුමක් දක්නාලද ද” යනු කවර පිළිවිසීමෙක් ද, “තොප විසින් කෙසේ, දක්නා ලද ද” යනු කවර පිළිවිසීමෙක් ද, “තොප විසින් කවර දා දක්නා ලද ද” යනු කවර පිළිවිසීමෙක් ද “තොප විසින් කො තන්හි දක්නා ලද ද” යනු කවර පිළිවිසීමෙක් ද යත්:
2. “තොප විසින් කුමක් දක්නාලද ද” යනු: වස්තුපෘච්ඡා යැ වීපත්තිපෘච්ඡා යැ ආපත්තිපෘච්ඡා යැ අජ්ඣාචාරපෘච්ඡා යි.
වස්තුපෘච්ඡා නම්; අට පරිජි පිළිබඳ (වරදට හේතු වූ) වස්තුපෘච්ඡා යැ, තෙවීසි සඟ වෙසෙසුන් පිළිබඳ වස්තුපෘච්ඡා යැ, දෙ අනියත පිළිබඳ වස්තුපෘච්ඡා යැ, දෙසාළිස් නිසඟි පිළිබඳ වස්තුපෘච්ඡා යැ, එක්සිය අටාසූවක් පචිති පිළිබඳ වස්තුපෘච්ඡා යැ, දොළොස් පිළිදෙස්නීන් පිළිබඳ වස්තුපෘච්ඡා යැ, දුකුළා පිළිබඳ වස්තුපෘච්ඡා යැ, දුබැසි පිළිබඳ වස්තුපෘච්ඡා යි.
විපත්තිපෘච්ඡා නම්: ශීලවීපත්තිපෘච්ඡා යැ, ආචාරවිපත්තිපෘච්ඡා යැ, දෘෂ්ටිවීපත්තිපෘව්ඡා යැ, ආජීවවිපත්තිපෘච්ඡා යි.
ආපත්තිපෘච්ඡා නම් පාරාජිකාපත්තිපෘච්ඡා යැ, සඞ්ඝයාදිසේසාපත්තිපෘච්ඡා යැ. ථුල්ලච්චයාපත්තිපෘච්ඡා යැ, පාචිත්තියාපත්තිපෘච්ඡා යැ, පාටිදේසනීයාපත්තිපෘච්ඡා යැ. දුක්කටාපත්තිපෘච්ඡා යැ, දුඛභාසිතාපත්තිපෘච්ඡා යි.
අජ්ඣාචාරපෘච්ඡා නම් (මෙවුන්දම් සෙවීම පිණිස) ද්වයංද්වයසමාපත්තිපෘච්ඡා යි.
3. “තොප විසින් කෙසේ දක්නාලද ද” යනු: ලිඞ්ගපෘච්ඡා යැ, ඊර්ය්යාපථපෘච්ඡා යැ, ආකාරපෘච්ඡා යැ, විප්රකාරපෘච්ඡයා යි.
ලිඞ්ගපෘච්ඡා නම්: දිගුබව හෝ ලුහුඬුබව හෝ කළුබව හෝ එළලුබව හෝ යැ.
ඊර්ය්යාපථපෘච්ඡා නම්: යන්නහු හෝ සිටියහු හෝ හුන්නහු හෝ හොත්තහු හෝ යැ.
ආකාරපෘච්ඡා නම්: ගිහිලිඞ්ගයෙහි හෝ තිත්ථියලිඞ්ගයෙහි හෝ පබ්බජිත ලිඞ්ගයෙහි හෝ යැ.
විප්රකාරපෘච්ඡා නම්: යන්නහු හෝ සිටියහු හෝ හුන්නහු හෝ හොත්තහු හෝ යි.
4. “තොප විසින් කවරදා දක්නා ලද ද” යනු: කාලපෘච්ඡා යැ, සමයපෘච්ඡා යැ, දිවසපෘච්ඡා යැ, ඍතුපෘච්ඡා යි.
කාලපෘච්ඡා නම්: පූර්වාහ්ණකාලයෙහි හෝ මද්ධ්යාහ්නකාලයෙහි හෝ සායාහ්නකාලයෙහි හෝ යැ.
සමයපෘච්ඡා නම් පූර්වාහ්ණකාලයෙහි හෝ මද්ධ්යාහ්නසමයෙහි හෝ සායාහ්නසමයෙහි හෝ යැ.
දිවසපෘච්ඡා නම්: පෙරබතැ හෝ පසුබතැ හෝ රාත්රිය හෝ දාවල හෝ අවපස හෝ පුරපස හෝ යැ.
ඍතුපෘච්ඡා නම්: හේමන්තයෙහි හෝ ගිම්හානයෙහි හෝ වස්සානයෙහි හෝ යි.
5. “තොප විසින් කොතන්හි දක්නාලද ද” යනු: ස්ථානපෘච්ඡා යැ, භූමිපෘච්ඡා යැ, අවකාශපෘච්ඡා යැ, ප්රදේශපෘච්ඡා යි.
ස්ථානපෘච්ඡා නම් බිමැ හෝ පොළොවෙහි හෝ දෙරණෙහි හෝ මිහිපිට හෝ යැ.
භූමිපෘච්ඡා නම්: බිමැ හෝ පොළොවෙහි හෝ පව්වෙහි හෝ පහණෙහි හෝ පහයෙහි හෝ යැ.
අවකාශපෘච්ඡා නම්: පූර්වදිග අවකාශයෙහි හෝ පශ්චිමදිග අවකාශයෙහි හෝ උත්තරදිග අවකාශයෙහි හෝ දක්ෂිණදිග අවකාශයෙහි හෝ යැ.
ප්රදේශපෘච්ඡා නම්: පෙරදිග පෙදෙසැ හෝ පැසුළුදිග පෙදෙසැ හෝ උතුරුදිග පෙදෙසැ හෝ දකුණුදිග පෙදෙසැ හෝ යි.
මහාසංග්රාමය නිමි.
එහි නාමාවලිය:
1. වස්තු යැ නිදාන යැ ආකාර යැ පුබ්බාපර යැ කතාකත යැ කම්ම යැ අධිකරණ යැ සමථ යැ ඡන්දගාමී යැ.
2. දෝසගාමී යැ මෝහගාමී යැ භයගාමී යැ සඤ්ඤාපනීය යැ නිජ්ඣාපනීය යැ පෙක්ඛනීය යැ පසාදනීය යැ ලද්ධපක්ඛ යැ බහුස්සුත යැ ථේරතර යැ.
3. අසම්පත්ත යැ සම්පත්ත යැ ධම්ම - විනය සත්ථුසාසන යැ යන මෙයින් ද මහාසඞ්ග්රාමය හැඳින් වේ.