4. 4.
1. එයට (දිනකට) වඩා මඟී ආදීන් සඳහා සකස් කළ ආවස්ථ පිණ්ඩය වළඳන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: “බුදින්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි පචිති ඇවැත් වේ.
2. ගණ බොජුන් වළඳන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: “බුදින්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි පචිති ඇවැත් වේ.
3. පරම්පරභෝජනය වළඳන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: “බුදින්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි පචිති ඇවැත් වේ.
4. දෙතුන් පයක් පුරා පූ පිළිගෙණ ඊට වඩා පිළිගන්නා මහණ දෙ ඇවැතකට පැමිණෙයි: පිළිගණී නම් පියෝහි දුකුළා වෙයි, පිළිගත් කල්හි පචිති ඇවැත් වේ.
5. වළඳා නිමවූ පැවරූ මහණ අයිරිත් නො කළ කෑ යුතු දැයක් හෝ බිදිය යුතු දැයක් හෝ වළඳන්නේ නම් දෙ ඇවැතකට පැමිණෙයි: “කන්නෙමි” යි “බුදින්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි පචිති ඇවැත් වේ.
6. වළඳා නිමවූ පැවරූ මහණක්හු අයිරිත් නො කළ කෑයුතු දැයින් හෝ බිදිය යුතු දැයින් හෝ එළවා පවරණ මහණ දෙ ඇවැතකට පැමිණෙයි: ඔහුගේ වචනයෙන් “කන්නෙමි, බුදින්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, බොජුන් පිරියතැ පචිති ඇවැත් වේ.
7. විකාලයෙහි කෑ යුතු දැයක් හෝ බිදිය යුතු දැයක් හෝ වළඳන මහණ දෙ ඇවැත කට පැමිණෙයි: “කන්නෙමි” “බුදින්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි පචිති ඇවැත් වේ.
8. පිළිගෙණ එකරැයකුදු තබන ලද කෑ යුතු දැයක් හෝ බිදිය යුතු දැයක් හෝ වළඳන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: “කන්නෙමි, බුදින්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි පචිති ඇවැත් වේ.
9. පිණි බොජුන් තමා පිණිස විනවා වළඳන මහණ දෙ ඇවැතකට පැමිණෙයි. “බුදින්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි පචිති ඇවැත් වේ.
10. නුදුන් අහරක් මුවදොරට එළවන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: “බුදින්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි පචිති ඇවැත් වේ.
සිවුවැනි භෝජන වර්‍ග යි.
4. 5.
1. නග්න තවුසකුට හෝ පිරිවැජියකුට හෝ පිරිවැජියකට හෝ කෑ යුතු දැයක් හෝ බිදිය යුතු දැයක් හෝ සියතින් දෙන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: දේ නම් පියෝහි දුකුළා වෙයි, දුන් කල්හි පචිති ඇවැත් වේ.
2. මහණක්හට “ඇවත, එනු මැනව, ගමකට හෝ නියම්ගමකට හෝ පිඬු පිණිස පිවිසෙන්නෙමු” කියා ඒ මහණහට (යම් කිසි අහරක්) දෙවා හෝ නො දෙවා හෝ නඟා යවන මහණ දෙඇවතකට පැමිණෙයි: නඟා යවා නම් පියෝහි දුකුළා වෙයි, නඟා යැවූ කල්හි පචිති ඇවැත් වේ.