1. 3.
අනියත කාණ්ඩය
සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් පළමුවන අනියත සිකපදය කොතැන්හි පණවන ලද ද, ... කවරක්හු විසින් ගෙන එන ලද ද යත්:
1. සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් පළමුවන අනියත සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදි.
කවරක්හු ඇරබැ යැ යත්: ආයුෂ්මත් උදායී මහණහු ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උදායී මහණ හුදෙකලා වූයේ රහසිගත වූයේ හුදෙකලා වූ මාගමක හා මෛථූනසේවනයට යෝග්‍ය වූ පිළිසන් අස්නෙකැ හින, ඒ වස්තුයෙහි යැ.
එහි පඤ්ඤත්ති අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති ඇද්ද යත්: පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති එහි නැති.
සබ්බත්‍ථපඤ්ඤත්ති පදෙසපඤ්ඤත්ති ද යත්: සබ්බත්‍ථපඤ්ඤත්ති යැ.
සාධාරණ පඤ්ඤත්ති අසාධාරණ පඤ්ඤත්ති ද යත්: අසාධාරණ පඤ්ඤත්ති යි.
ඒකතෝපඤ්ඤත්ති උභතෝපඤ්ඤත්ති ද යත්: ඒකතෝපඤ්ඤත්ති යි.
පස්වැදෑරුම් පාමොක් උදෙසීම් අතුරෙහි කොහි පිහිටියේ ද, කොහි ඇතුළද් ද යත්: නිදානයෙහි පිහිටියේ යැ. නිදානයෙහි ඇතුළති.
කිනම් උද්දේසයෙන් උදෙසීමට පැමිණේ ද යත්: සතරවන උද්දේසයෙන් උදෙසීමට පැමිණේ.
සිවු වැදෑරුම් විපත්තීන් අතුරෙහි කිනම් විපත්තියෙක් ද යත්: කිසිවිටෙක සීල විපත්ති යැ. කිසිවිටෙක ආචාරවිපත්ති යි.
සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙහි කිනම් ආපත්තිස්කන්‍ධයෙක් ද යත්: කිසිවිටෙක පාරාජිකාපත්තිස්කන්‍ධ යැ, කිසිවිටෙක සඞ්ඝාදිසේසාපත්තිස්කන්‍ධ යැ, කිසිවිටෙක පාචිත්තියාපත්තිස්කන්‍ධ යි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි. වචනයෙන් නො නඟී.
සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙහි කිනම් අධිකරණයෙක් ද යත්: ආපත්තාධි කරණ යැ.
සත්වැදෑරුම් ශමථයන් අතුරෙහි කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්: තුන් ශමථයෙන් සන්හිඳෙයි: කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් ද සන්හිඳේ.
එහි විනය කවරේ ද, එහි අභිවිනය කවරේ ද යත්: පඤ්ඤත්තිය විනය යැ, පදභාජනය අභිවිනය යි.
එහි ප්‍රාතිමෝක්‍ෂය කිම, එහි අධිප්‍රාතිමෝක්‍ෂය කිමයැ යත්: පඤ්ඤත්තිය ප්‍රාති මෝක්‍ෂයැ. පදභාජනය අධිප්‍රාතිමෝක්‍ෂ යි.
විපත්ති කවර යත්: අසංවරය විපත්ති යි.
සම්පත්ති කවර යත්: සංවරය සම්පත්ති යි.
ප්‍රතිපත්ති කවර යත්: “දිවිහිම් කොට මෙබන්දක් නො කරන්නෙමි” යි දිවි පමණින් සමාදන් වැ සිකපදයන්හි හික්මෙයි.
කෙතෙක් කරුණු පිණිස භගවත්හු විසින් පළමු වන අනියතසිකපදය පණවන ලදයැ යත්: දස කරුණක් පිණිස භගවත්හු විසින් පළමුවන අනියත සිකපදය පණවන ලදි. සඞ්ඝයාගේ මනා බව පිණිස යැ, සඞ්ඝයාගේ පහසුව පිණිස යැ, දුසිල් පුඟුලන් නිගැන්ම පිණිස යැ, ප්‍රියශීල භික්‍ෂූන්ගේ පහසු විහරණය පිණිස යැ, දිටුදැමියෙහි වින්ද යුතු දුක්ගැහැට වැළැක්ම පිණිස යැ, පරලෙව්හි වින්ද යුතු දුක්ගැහැට නැසීම පිණිස යැ, නො පහන්වූවන්ගේ පැහැදීම පිණිස යැ, පහන්වූවන් ගේ වැඩියක් පැහැදීම පිණිස යැ, තුන්සසුන්හි පැවැත්ම පිණිස යැ, විනයට අනුග්‍රහ පිණිස යි.
කවුරු හික්මෙද් ද යත්: ශෛක්‍ෂයෝ ද කලායාණපෘථග්ජනයෝ ද හික්මෙත්.
කවුරු හික්මුණු සිඛ ඇතියෝ ද යත්: රහත්හු හික්මුණු සිඛ ඇතියෝ යි.
කවුරුන් කෙරෙහි පිහිටියේ ද යත්: ශික්‍ෂාකාමීන් කෙරෙහි පිහිටියේ යි.
කවුරු දරද්ද යත්: යම් කෙනකුන්ට විනය පෙළ අටුවා වනපොත් ද, ඔහු දරත්. කවුරුන්ගේ වචනයෙක් ද යත්: භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේ වචන යි.
කවුරුන් විසින් ගෙන එන ලද ද යත්: පරපුරෙන් ගෙන එන ලදි.
උපාලිස්ථවිරය, දාසකස්ථවිරය, ... තාම්‍රපර්ණී නම් වූ හෙළදිවැ පැවසූහ.
2. සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් දෙවැනි අනියත සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි.
කවරක්හු ඇරැබැ යැ යත්: ආයුෂ්මත් උදායී මහණහු ඇරැබැ යැ.
කිනම් වස්තුයෙක්හි යැ යත්: ආයුෂ්මත් උදායී මහණ එකලා වූයේ රහසිගත වූයේ එකලා වූ මාගමක හා හින, ඒ වස්තුයෙහි යැ.
එහි පඤ්ඤත්ති අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති ඇද්ද යත්: පඤ්ඤත්ති එකෙකැ. අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති එහි නැති.
සබ්බත්‍ථපඤ්ඤත්ති පදෙසපඤ්ඤත්ති ද යත්: සබ්බත්‍ථපඤ්ඤත්ති යැ.
සාධාරණපඤ්ඤත්ති අසාධාරණපඤ්ඤත්ති ද යත්: අසාධාරණපඤ්ඤත්ති යි.
ඒකතෝ පඤ්ඤත්ති උභතෝ පඤ්ඤත්ති ද යත්: ඒකතෝ පඤ්ඤත්ති යි.
පස්වැදෑරුම් පාමොක් උදෙසීම් අතුරෙහි කොහි පිහිටියේ ද, කොහි ඇතුළත් ද යත්: නිදානයෙහි පිහිටියේ යැ. නිදානයෙහි ඇතුළති.
කිනම් උද්දේසයෙන් උදෙසීමට පැමිණේ ද යත්: සතරවන උද්දේසයෙන් උදෙසීමට පැමිණෙයි.
සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙහි කිනම් විපත්තියෙකැ යත්: කිසිවිටෙක සීල විපත්ති යැ. කිසිවිටෙක ආචාරවිපත්ති යි.
සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙහි කිනම් ආපත්තිස්කන්‍ධයෙක් ද යත්: කිසිවිටෙක සඞ්ඝාදිශේෂාපත්තිස්කන්‍ධ යැ, කිසිවිටෙක පාචිත්තියාපත්තිස්කන්‍ධ යි.