1. 2.
සඞ්ඝාදිශේෂ කාණ්ඩය
සිකපද පැණවීමෙහි කල් දන්නා වූ (සිකපද පැණවීමෙහි කරුණු) දක්නා වූ ඒ භාග්යවත් අර්හත් සම්යක් සම්බුද්ධයන් වහන්සේ විසින් උපක්රම කොට සුකුරු මුදන්නහු පිළිබඳ යම් සඟවෙසෙසෙක් පණවනලද ද එය කොතන්හි පණවන ලද ද කවරක්හු ඇරැබැ (පණවන ලද) ද කිනම් වස්තුවෙක්හි (පණවන ලද) ද එහි පඤ්ඤත්ති අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති සබ්බත්ථපඤ්ඤත්ති පදෙසපඤ්ඤත්ති සාධාරණ පඤ්ඤත්ති අසාධාරණපඤ්ඤත්ති ඒකතෝපඤ්ඤත්ති උභතෝපඤ්ඤත්ති ඇද්ද පස් වැදෑරුම් පාමොක් උදෙසීම් අතුරෙහි කොහි පිහිටියේ ද කොහි ඇතුළත් ද කිනම් උද්දේසයෙන් උදෙසීමට පැමිණේ ද සිවු වැදෑරුම් විපත්තීන් අතුරෙහි කිනම් විපත්තියෙක් ද සත්වැදෑරුම් ආපත්තිස්කන්ධයන් අතුරෙහි කිනම් ආපත්තිස්කන්ධයෙක් ද සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද සිවු වැදෑරුම් අධිකරණයන් අතුරෙහි කිනම් අධිකරණයෙක් ද සත්වැදෑරුම් ශමථයන් අතුරෙහි කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද එහි විනය කවරේ ද එහි අභිවිනය කවරේ ද එහි ප්රාතිමෝක්ෂය කිම එහි අධිප්රාතිමෝක්ෂය කිම විපත්ති කවර යැ සම්පත්ති කවරයැ ප්රතිපත්ති කවරයැ කෙතෙක් කරුණු පිණිස භාග්යවතුන් වහන්සේ විසින් උපක්රම කොට සුකුරු මුදන්නහු පිළිබඳ සඟවෙසෙස පණවන ලද ද, කවුරු හික්මෙද්ද කවුරු හික්මුණු සිඛ ඇතියෝ ද කොහි පිහිටියේ ද කවුරු දරද්ද කවරක්හුගේ වචනයෙක් ද කවරක්හු විසින් ගෙන එන ලද ද යත්:
1. සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්යවත් අර්හත් සම්යක්සම්බුද්ධයන් වහන්සේ විසින් උපක්රම කොට සුකුරු මුදන්නහු පිළිබඳ සඟවෙසෙස කොතන්හි පණවනලද ද යත්: සැවතෙහි දී පණවන ලදි.
කවරක්හු ඇරැබැ (පණවන ලද) ද යත්: ආයුෂ්මත් සෙය්යසක මහණහු ඇරැබ ය.
කිනම් වස්තුවෙක්හි ද යත්: ආයුෂ්මත් සෙය්යසක මහණ අතින් උපක්රම කොට සුකුරු මිදී ය, ඒ වස්තුවෙහි ය.
එහි පඤ්ඤත්ති අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති ඇද්ද යත්: පඤ්ඤත්ති එකෙක අනුපඤ්ඤත්ති එකෙක අනුප්පන්නපඤ්ඤත්ති එහි නැති.
සබ්බත්ථපඤ්ඤත්ති පදෙසපඤ්ඤත්ති ද යත්: සබ්බත්ථපඤ්ඤත්ති යි.
සාධාරණපඤ්ඤත්ති අසාධාරණපඤ්ඤත්ති ද යත්: අසාධාරණපඤ්ඤත්ති යැ.
ඒකතෝපඤ්ඤත්ති උභතෝපඤ්ඤත්ති ද යත්: ඒකතෝපඤ්ඤත්ති යි.
පස්වැදෑරුම් පාමොක් උදෙසීම් අතුරෙහි කොහි පිහිටියේ ද කොහි ඇතුළත් ද යත්: නිදානයෙහි පිහිටියේ ය. නිදානයෙහි ඇතුළත් යැ.
කිනම් උද්දේසයෙන් උදෙසීමට පැමිණේ ද යත්: තෙවන උද්දේසයෙන් උදෙසීමට පැමිණේ.
සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙහි කිනම් විපත්තියෙක් ද යත්: සීලවිපත්ති යි.
සත්වැදෑරුම් ආපත්තිස්කන්ධයන් අතුරෙහි කිනම් ආපත්තිස්කන්ධයෙක් ද යත්: සඞ්ඝාදිශේෂාපත්තිස්කන්ධ යි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි වචනයෙන් නොනගී.
සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙහි කිනම් අධිකරණයෙක් ද යත්: ආපත්තා ධිකරණ යි.
සත්වැදෑරුම් ශමථයන් අතුරෙහි කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්: සම්මුඛා විනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් දැයි දෙ ශමථයෙන් සන්හිඳේ.
එහි විනය කවරේ ද, එහි අභිවිනය කවරේ ද යත්: පඤ්ඤත්ති විනය යැ, පදභාජනය අභිවිනය යි.
එහි ප්රාතිමෝක්ෂය කිම, එහි අධිප්රාතිමෝක්ෂය කිම යත්: පඤ්ඤත්ති ප්රාතිමෝක්ෂ යැ, පදභාජනය අධිප්රාතිමෝක්ෂ යි.
විපත්ති කවර යත්: අසංවරය විපත්ති යි.
සම්පත්ති කවර යත්: සංවරය සම්පත්ති යි.
ප්රතිපත්ති කවර යත්: “දිවිහිම් කොට මෙබන්දක් නොකරන්නෙමි” යි දිවිපමණින් සමාදන් වැ සිකපදයන්හි හික්මෙයි.
කෙතෙක් කරුණු පිණිස භගවත්හු විසින් උපක්රම කොට සුකුරු මුදන්නහු පිළිබඳ සඟවෙසෙස පණවන ලදයැ යත්: දස කරුණක් පිණිස භගවත්හු විසින් උපක්රම කොට සුකුරු මුදන්නහු පිළිබඳ සඟවෙසෙස පණවන ලදි. සඞ්ඝයා ගේ මනාබව පිණිස යැ, සඞ්ඝයාගේ පහසුව පිණිස යැ, දුසිල් පුඟුලන් නිගැන්ම පිණිස යැ, ප්රියශීලභික්ෂූන්ගේ පහසු විහරණය පිණිස යැ, දිටුදැමියෙහි වින්දයුතු දුක්ගැහැට වැළැක්වීම පිණිස යැ. පරලෙව්හි වින්දයුතු දුක්ගැහැට නැසීම පිණිස යැ, නො පහන් වූවන් ගේ පැහැදීම පිණිස යැ, පහන් වූවන්ගේ වැඩියක් පැහැදීම පිණිස යැ. තුන්සසුන්හි පැවැත්ම පිණිස යැ. විනයට අනුග්රහ පිණිස යි.
කවුරු හික්මෙද්ද යත්: ශෛක්ෂයෝ ද කල්යාණ පෘථග්ජනයෝ ද හික්මෙත්.
කවුරු හික්මුණු සිඛ ඇත්තෝ ද යත්: රහත්හු හික්මුණු සිඛ ඇතියෝ යි.
කොහි පිහිටියේ ද යත්: ශික්ෂාකාමීන් කෙරෙහි පිහිටියේ යි.
කවුරු දරද්ද යත්: යම් කෙනකුන්ට විනය පෙළ අටුවා වන පොත් ද, ඔහු දරත්.
කවරුන්ගේ වචනයෙක් ද යත්: භාග්යවත් අර්හත් සම්යක්සම්බුද්ධයන් වහන්සේ ගේ වචනයි.
කවරක්හු විසින් ගෙන එනලද යැ යත්: පරපුරෙන් ගෙන එන ලදි. උපාලි ස්ථවිරය, දායක ස්ථවිරය, ... තාම්රපර්ණී නම් වූ හෙළදිවැ පැවසූහ.
2. සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්යවත් අර්හත් සම්යක්සම්බුද්ධයන් වහන්සේ විසින් මිනිස් මාගමක හා කාසසඟයට පැමිණෙන්නහු පිළිබඳ සඟවෙසෙස කොතන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදි.
කවරක්හු ඇරැබැ (පණවන ලද) යැ යත්: ආයුෂ්මත් උදායී මහණහු ඇරැබ යැ.
කිනම් වස්තුවෙක්හි ද යත්: ආයුෂ්මත් උදායි මහණ මාගමක හා කාසසඟයට පැමිණියේ ය, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි. වචනයෙන් නො නඟී. ...