කෙතෙක් කරුණු පිණිස භගවත්හු විසින් උපක්රම කොට සුකුරු මුදන්නහු පිළිබඳ සඟවෙසෙස පණවන ලදයැ යත්: දස කරුණක් පිණිස භගවත්හු විසින් උපක්රම කොට සුකුරු මුදන්නහු පිළිබඳ සඟවෙසෙස පණවන ලදි. සඞ්ඝයා ගේ මනාබව පිණිස යැ, සඞ්ඝයාගේ පහසුව පිණිස යැ, දුසිල් පුඟුලන් නිගැන්ම පිණිස යැ, ප්රියශීලභික්ෂූන්ගේ පහසු විහරණය පිණිස යැ, දිටුදැමියෙහි වින්දයුතු දුක්ගැහැට වැළැක්වීම පිණිස යැ. පරලෙව්හි වින්දයුතු දුක්ගැහැට නැසීම පිණිස යැ, නො පහන් වූවන් ගේ පැහැදීම පිණිස යැ, පහන් වූවන්ගේ වැඩියක් පැහැදීම පිණිස යැ. තුන්සසුන්හි පැවැත්ම පිණිස යැ. විනයට අනුග්රහ පිණිස යි.
කවුරු හික්මෙද්ද යත්: ශෛක්ෂයෝ ද කල්යාණ පෘථග්ජනයෝ ද හික්මෙත්.
කවුරු හික්මුණු සිඛ ඇත්තෝ ද යත්: රහත්හු හික්මුණු සිඛ ඇතියෝ යි.
කොහි පිහිටියේ ද යත්: ශික්ෂාකාමීන් කෙරෙහි පිහිටියේ යි.
කවුරු දරද්ද යත්: යම් කෙනකුන්ට විනය පෙළ අටුවා වන පොත් ද, ඔහු දරත්.
කවරුන්ගේ වචනයෙක් ද යත්: භාග්යවත් අර්හත් සම්යක්සම්බුද්ධයන් වහන්සේ ගේ වචනයි.
කවරක්හු විසින් ගෙන එනලද යැ යත්: පරපුරෙන් ගෙන එන ලදි. උපාලි ස්ථවිරය, දායක ස්ථවිරය, ... තාම්රපර්ණී නම් වූ හෙළදිවැ පැවසූහ.
2. සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්යවත් අර්හත් සම්යක්සම්බුද්ධයන් වහන්සේ විසින් මිනිස් මාගමක හා කාසසඟයට පැමිණෙන්නහු පිළිබඳ සඟවෙසෙස කොතන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදි.
කවරක්හු ඇරැබැ (පණවන ලද) යැ යත්: ආයුෂ්මත් උදායී මහණහු ඇරැබ යැ.
කිනම් වස්තුවෙක්හි ද යත්: ආයුෂ්මත් උදායි මහණ මාගමක හා කාසසඟයට පැමිණියේ ය, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි. වචනයෙන් නො නඟී. ...
3. මිනිස්මාගමකට (වසමඟ පසමඟ පිළිබඳ) තුළුල් තෙපුල් කියන්නහු පිළිබඳ සඟවෙසෙස කොතන්හි පණවන ලදයැ යත්: සැවතෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරැබැ (පණවන ලද) යැ යත්: ආයුෂ්මත් උදායී මහණහු ඇරැබ යැ.
කිනම් වස්තුවෙක්හි ද යත්: ආයුෂ්මත් උදායි මහණ මාගමකට තුළුල් තෙපුල් කීය. ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකැ.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි තුන් සමුට්ඨානයෙකින් නඟියි: කිසි විටෙක කයින් ද සිතින් ද නඟියි වචනයෙන් නො නඟී. කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නඟියි කයින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
4. මිනිස් මාගමක සමීපයෙහි තමහට මෙවුන්දමින් මෙහෙ කිරීමේ අනුසස් කියන්නහු පිළිබඳ සඟවෙසෙස කොතන්හි පණවන ලදයැ යත්: සැවතෙහි දී පණවන ලදි.
කවරක්හු ඇරැබැ යැ යත්: ආයුෂ්මත් උදායී මහණහු ඇරැබයැ.
කිනම් වස්තුවෙක්හි ද යත්: ආයුෂ්මත් උදායී මහණ මාගමක සමීපයෙහි තමහට මෙවුන්දමින් මෙහෙකිරීමේ අනුසස් කීයැ. ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි තුන් සමුට්ඨානයකින් නඟියි: කිසි විටෙක කයින් ද සිතින් ද නඟියි වචනයෙන් නො නඟී. කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නඟියි. කයින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
5. (ස්ත්රී පුරුෂයන්ගේ කෙලෙස් පිළිබඳ හසුන් ගෙන යනු එනු කරණ) සසුරුතු සඟ වෙසෙස කොතැන්හි පණවනලද යැ යත්: සැවතෙහි දී පණවන ලදි.
කවරක්හු ඇරැබ යැ යත්: ආයුෂ්මත් උදායී තෙරුන් ඇරැබ යැ.
කිනම් වස්තුවෙක්හි ද යත්: ආයුෂ්මත් උදායී මහණ ස්ත්රීපුරුෂයන්ගේ කෙලෙස් පිළිබඳ හසුන් ගෙන යනුඑනුවට පැමිණියේ යැ. ඒ වස්තුවෙහි යැ.
පඤ්ඤත්ති එකෙකැ අනුපඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයින් නඟියි: කිසිවිටෙක කයින් නඟියි වචනයෙන් නො නඟියි සිතින් නො නඟී. කිසිවිටෙක වචනයෙන් නඟියි කයින් නො නඟියි සිතින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක කයින් ද සිතින් ද නඟියි. වචනයෙන් නො නඟී. කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නඟියි, කයින් නො නඟී. කිසිවිටෙක කයින් ද වවන යෙන් ද සිතින් ද නඟී. ...
6. තමා ඉල්වාගත් උපකරණයෙන් කිළියක් කරවන්නහු පිළිබඳ සඟ වෙසෙස කොතන්හි පණවන ලද යැ යත්: අළව්පුරයෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරැබැ යැ යත්: අළව්පුරවැසි භික්ෂූන් ඇරැබැ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: අළව්පුරවැසි භික්ෂූහු තමන් ඉල්වාගත් උපකරණයෙන් කුටි කරවූහ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකැ.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතරෙහි සමුට්ඨාන සයින් නඟියි. ...