3. 9.
දුතියදුට්ඨදෝසශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුහු රජගහනුවර සමීපයෙහි වූ කලන්දකනිවාප නම් වේළුවනයෙහි වාසය කෙරෙති. තවද එසමයෙහි මෙත්තියභුම්මජක නම් භික්ෂූහු ගිජුකුළුපව්වෙහි සිට බස්නාහු එළියක සමග මෙවුන්දම්හි හැසිරෙණ එළුවකු දැක මෙසේ කීහු. “ඇවැත්නි, අපි දැන් මේ එළුවා දබ්බමල්යපුත්ර යයි නම් කරම්හ. මේ එළිය මෙත්තියා නම් භික්ෂුණිය කරම්හ. අපි මෙසේ ව්යවහාර කරම්හ. ඇවැත්නි, පෙර අපි දබ්බමල්යපුත්රහට ශ්රැතයෙන් චෝදනා කළම්හ. දැන් වැළිත් අප විසින් ‘මෙත්තියා මෙහෙණ සමග මෙවුන්දම්හි හැසිරෙණුයේ තමන් ම දක්නා ලද්දේ ය’යි. ඔහු ඒ එළුවා ‘දබ්බමල්යපුත්ර’යි නම් කළහ. ඒ එළිය ‘මෙත්තියා’ නම් භික්ෂුණිය කළහ. ඔහු භික්ෂූන්ට ආරෝචනය කළහ. ‘ඇවැත්නි, අපි පෙර දබ්බමල්යපුත්රහට ශ්රැතයෙන් කීම්හ. දැන් වැළිත් අප විසින් මෙත්තියා භික්ෂුණිය සමග මෙවුන්දම්හි හැසිරෙණුයේ තමන් ම දක්නා ලද්දේය’යි. භික්ෂූහු මෙසේ කීහු, ‘ඇවැත්නි, නහමක් මෙසේ කියවු. ආයුෂ්මත් දබ්බමල්යපුත්රයෝ මෙසේ නො කරන්නාහ’යි.
2. ඉක්බිති ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට මෙපවත් දැන්වූහ. ඉක්බිති භාග්යවතුන් වහන්සේ මේ නිදානයෙහි මෙකරුණෙහි භික්ෂුසඞ්ඝයා රැස් කරවා ආයුෂ්මත් දබ්බමල්යපුත්රයන් පුළුවුත් සේක. ‘දබ්බය, යම්සේ මේ භික්ෂූහු කීහු ද තෙපි මෙබන්දක් කළහු සිහි කරවු දැ?’යි. යම්සේ භාග්යවතුන් වහන්සේ මා දන්නා සේක් නම් (එසෙයින් දතයුතු වෙමි) යි, බුදුහු දෙවන වට ද ... බුදුහු තෙවන වට ද ආයුෂ්මත් දබ්බමල්යපුත්රයන්ට මෙය වදාළහ. “දබ්බය, යම්සේ මේ භික්ෂූහු කීහු ද තෙපි මෙබන්දක් කළහු සිහි කරවු දැ? යි. යම්සේ භාග්යවතුන් වහන්සේ දන්නා සේක් ද ‘එසෙයින් දතයුතු වෙමි’යි. දබ්බය, පණ්ඩිතයෝ මෙසේ (පර ප්රත්යයෙන්) නිරවුල් නො කෙරෙති. ඉදින් තා විසින් කරණ ලද නම් කරණ ලදැ යි කියව. ඉදින් තා විසින් නො කරණ ලද නම් නො කරණ ලදැ යි කියව”යි. ‘ස්වාමීනි, මම යම් කලෙක උපන්නෙම් ද එතැන් පටන් සිහිනෙනුදු මෙවුන්දම් සෙවියෙම් නො දන්මි. නිදි වැරුයෙම් කැලමැ’යි. ඉක්බිති භාග්යවතුන් වහන්සේ භික්ෂූන් ඇමැතූ සේක. ‘එසේ වී නම් මහණෙනි, මේ භික්ෂූන් විමසව’යි. මෙය වදාරා භාග්යවතුන් වහන්සේ හුනස්නෙන් නැගී විහාරයට පිවිසි සේක.
3. ඉක්බිති ඒ භික්ෂූහු මෙත්තියභුම්මජක භික්ෂූන් විමසූහ. කිමෙක් ද “ඇවැත්නි, තෙපි ආයුෂ්මත් දබ්බමල්යපුත්රයන්ට අන්යභාගීය අධිකරණයක්හුගේ ඒකදේශලේශමාත්රයක් ගෙන පරිජිඇවැතින් චෝදනා කරවු දැ?”යි. ‘එසේය ඇවැත්නි’යි. යම් අපිස් මහණ කෙනෙක් වෙත් නම් ඔහු අවමන් කෙරෙති, අයුණු කියති, දොස් පහළ කෙරෙත්. ‘කෙසේ නම් මෙත්තියභුම්මජක භික්ෂූහු ආයුෂ්මත් දබ්බමල්යපුත්රයන්ට අන්යභාගීය අධිකරණයක්හුගේ ඒකදේශලේශමාත්රයක් ගෙන පරිජිඇවැතින් චෝදනා කෙරෙත් දැ’යි. ඉක්බිති ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට මෙපවත් දැන්වූහ. ‘සැබෑවෙක් ද මහණෙනි, තෙපි දබ්බමල්යපුත්රයට අන්යභාගීය අධිකරණයක්හුගේ ඒකදේශලේශමාත්රයක් ගෙන පරිජිඇවැතින් චෝදනා කරවු දැ?’යි. ‘සැබව භාග්යවතුන් වහන්සැ’යි. භාග්යවත් බුදුහු වෙසෙසින් ගැරහූහ. ‘කෙසේ නම් සිස්පුරුෂයෙනි, තෙපි දබ්බමල්යපුත්රහට අන්යභාගීය අධිකරණයක්හුගේ ඒකදේශලේශමාත්රයක් ගෙන පරිජිඇවැතින් චෝදනා කරවු ද, සිස් පුරුෂයෙනි, තෙල නො පහන් වූවන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි. ... තවද මහණෙනි, මෙසේත් මේ ශික්ෂාපදය උදෙසවු.
‘යම් මහණෙක් දූෂිත වූයේ නො සතුටුසිත් ඇත්තේ ‘මොහු මෙසස්නෙන් නෙරනෙම් නම් යෙහෙකැ’යි අන්යභාගීය අධිකරණයක්හුගේ ඒකදේශලේශමාත්රයක් ගෙණ මහණක්හට පරිජිඇවතින් චෝදනා කරන්නේ නම්, එයින් පසුකලෙක විචාරනු ලබන්නේ හෝ නො විචාරණු ලබන්නේ හෝ ඒ අධිකරණය අන්යභාගියද වේ නම් ඒකදේශ වූ ලේශමාත්රයක් ගන්නා ලද්දේ නම් ‘චෝදක මහණ තෙමේත් දෝෂයෙහි පිහිටා නම් සඟවෙසෙස් වේය’යි.
4. යො පන යනු: යමෙක් යම්බඳුයෙක් ...
භික්ඛු යනු: ... මේ තෙමේ මේ අර්ත්ථයෙහි භික්ඛු යයි අදහස් කරණ ලද්දේ ය.
භික්ඛුං යනු: අන් මහණක්හට.
දුට්ඨො දෝසෝ යනු: කිපියේ නො සතුටුසිත් ඇත්තේ නො පහන් වූයේ කොවින් මැඬුණු සිත් ඇත්තේ හටගත් (පිළිඝු) හුල් ඇත්තේ.