7. අධිකරණසමථ
ආර්ය්යාවෙනි මේ සප්ත අධිකරණසමථධර්මයෝ උදෙසීමට පැමිණෙත්.
1. උපනුපන් (විවාදාදී) අධිකරණයන්ගේ ශමනය පිණිස ව්යුපශමය පිණිස සම්මුඛාවිනය දියයුත්තේ යැ. සතිවිනය දියයුත්තේ යැ, අමූළ්හවිනය දියයුත්තේ යැ. ප්රතිඥායෙන් කරවිය යුතුයැ, යේභුය්යසිකායැ, තස්සපාපිය්යසිකා යැ, තිණවත්ථාරක යි.
2. ආර්ය්යාවරුනි සප්ත අධිකරණසමථ ධර්මයෝ උදෙසන ලදහ. එහිලා ආර්ය්යාවන් පුළුවුස්මි. කිම පිරිසුදු වවුද? දෙවනවට ද පුළුවුස්මි, කිම පිරිසුදු වවුද? තෙවනවට ද පුළුවුස්මි, කිම පිරිසුදුවවු ද? මෙහිලා ආර්ය්යාවෝ පරිශුද්ධයහ. එහෙයින් තූෂ්ණීම්භූතයහ. තෙල කරුණ මෙසේ දරමි යි.
අධිකරණසමථයෝ නිමියාහුයි.
3. ආර්ය්යාවෙනි නිදානය උදෙසන ලදී. අෂ්ට පාරාජික ධර්මයෝ උදෙසන ලදහ, සතළොස් සඟවෙසෙස් දහම්හු උදෙසන ලදහ. තිස් නිසැඟි පචිති දහම්හු උදෙසන ලදහ. එකසියසසැටක් පචිති දහම්හු උදෙසන ලදහ. අට පිළිදෙස්නී දහම්හු උදෙසන ලදහ. සේඛිය දහම්හු උදෙසන ලදහ. සත් අධිකරණ සමථ දහම්හු උදෙසන ලදහ. ඒ භාග්යවතුන් වහන්සේගේ සූත්ර සංඛ්යාත භික්ෂුණී විභඞ්ගයෙහි ආවාවූ භික්ෂුණීවිභඞ්ගට ඇතුළත් වූ මෙතෙක් ශික්ෂාවෝ අඩමසක් පාසා උදෙසීමට පැමිණෙත්. සමඟ වූ සතුටුවන විවාද නො කරන හැමදෙනා විසින් මැ මෙහිලා හික්මිය යුතු යි.
භික්ෂුණී විභඞ්ගය නිමි.
පාචිත්තියපාළි නිමියා යැ.