4. 7. 9.
නවවන සිකපදය
1. ශ්රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි මෙහෙණෝ උපසපන් කැරැවූ උවදෑ මෙහෙණ දෙවසක් උවටැන් නො කෙරෙති. ඔහු නො දැනුමැති අව්යක්තයෝ වෙති. කැපය හෝ නොකැපය හෝ නො දනිත්. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ උපසපන් කැරැවූ උවදෑ මෙහෙණ දෙවසක් උවැටන් නො කරවූහු දැ”යි ... සැබෑ ද මහණෙනි, මෙහෙණෝ උපසපන් කැරැවූ උවදෑ මෙහෙණ දෙවසක් උවැටන් නො කෙරෙත් දැ යි. සැබැවැ භාග්යවතුන් වහන්ස. භාග්යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ උපසපන් කැරැවූ උවදෑ මෙහෙණ දෙවසක් උවටැන් නො කළහු ද? මහණෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් උපසපන් කැරැවූ උවදෑ මෙහෙණ දෙවසක් උවටැන් නො කෙරේ නම් පචිති වේ”යයි.
2. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්ත්ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂුණි යි.
3. වුට්ඨාපිතං: උපසපන් කරවන ලද.
පවත්තිනී නම්: උවදෑ මෙහෙණ කියනු ලැබෙයි.
ද්වෙ වස්සානි: දෑවුරුද්දක්.
නානුඛන්ධෙය්ය: උවටැන් නො කරයි. දෙවසක් උවටැන් නො කරන්නෙමි යි ධුරනික්ෂේපය කළ කෙණෙහි පචිති ඇවැත් වේ.
උවැදෑ මෙහෙණ නො දැනුමැතියක හෝ ලජ්ජා නැතියක හෝ වේ නම්, ගිලන්වූවාට, ආපදායෙහි ඇවැත් නැත. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
නවවන සිකපද යි.
4. 7. 10.
දසවන සිකපදය
1. ශ්රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ සහජීවිනියක උපසපන් කරවා නො මැ ගෙනැ ගියා යැ. (ගෙනැ යන්නට) මෙරමාහට නො ඇණවූ යැ. සැමියා අල්වා ගත්තේ යැ. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති. දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්ය්යා ථුල්ලනන්දා තොමෝ සහජීවිනියක උපසපන් කරවා නො මැ ගෙනැ ගියා ද, මෙරමාහට නො ඇණවූ ද, සැමියා අල්වා ගත්තේ ද. ඉදින් මේ මෙහෙණ තොමෝ බැහැරට ගියා නම් සැමියා නො අල්වා ගන්නේ යැ”යි ... සැබෑ ද මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ සහජීවිනියක උපසපන් කරවා නො මැ ගෙනැ ගියා ද, මෙරමාහට නො ඇණවූ දැ යි. සැබැවැ භාග්යවතුන් වහන්ස. භාග්යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ සහජීවිනියක උපසපන් කරවා නො මැ ගෙනැ ගියා ද, මෙරමාහට නො ඇණවූ ද. සැමියා අල්වා ගත්තේ ද. මහණෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් සහජීවිනියක උපසපන් කරවා යටත් පිරිසෙයින් සපස් යොත්නකුදු නො මැ ගෙනැ යා නම් මෙරමාහට නො අණවා නම් පචිති වේ”ය යි.
2. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්ත්ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂුණී යි.