4. 7. 10.
දසවන සිකපදය
1. ශ්රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ සහජීවිනියක උපසපන් කරවා නො මැ ගෙනැ ගියා යැ. (ගෙනැ යන්නට) මෙරමාහට නො ඇණවූ යැ. සැමියා අල්වා ගත්තේ යැ. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති. දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්ය්යා ථුල්ලනන්දා තොමෝ සහජීවිනියක උපසපන් කරවා නො මැ ගෙනැ ගියා ද, මෙරමාහට නො ඇණවූ ද, සැමියා අල්වා ගත්තේ ද. ඉදින් මේ මෙහෙණ තොමෝ බැහැරට ගියා නම් සැමියා නො අල්වා ගන්නේ යැ”යි ... සැබෑ ද මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ සහජීවිනියක උපසපන් කරවා නො මැ ගෙනැ ගියා ද, මෙරමාහට නො ඇණවූ දැ යි. සැබැවැ භාග්යවතුන් වහන්ස. භාග්යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ සහජීවිනියක උපසපන් කරවා නො මැ ගෙනැ ගියා ද, මෙරමාහට නො ඇණවූ ද. සැමියා අල්වා ගත්තේ ද. මහණෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් සහජීවිනියක උපසපන් කරවා යටත් පිරිසෙයින් සපස් යොත්නකුදු නො මැ ගෙනැ යා නම් මෙරමාහට නො අණවා නම් පචිති වේ”ය යි.
2. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්ත්ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂුණී යි.
සහජීවිනී නම්; සද්ධිවිහාරිනී කියනු ලැබෙයි.
වුට්ඨාපෙත්වා: උපසපන් කරවා,
නේව වූපකාසෙය්ය: තොමෝ නො මැ ගෙනැ යයි.
න වූපකාසාපෙය්ය: මෙරමාහට නො අණවයි.
යටත්පිරිසෙයින් සපස් යොත්නකුදු නො මැ ගෙනැ යන්නෙමි, මෙරමාහට නො අණවන්නෙමි යි ධුර නික්ෂෙපය කළ කෙණෙහි පචිති ඇවැත් වේ.
අනතුරක් ඇති කල්හි සොයා දෙවන මෙහෙණක නො ලබා නම් ඇවැත් නැත. ගිලන් වූවාට, ආපදායෙහි, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
දසවන සිකපද යි.
සත්වැනි ගබ්භිනී වර්ග යි.
එහි උද්දානය:
ගබ්භිනී යැ, පායන්තී යැ ඡධම්ම යැ අසම්මත යැ ඌනද්වාදස යැ පරිපුණ්ණ (ද්වාදස) යැ සඞ්ඝ යැ සහජීවිනී යැ වුට්ඨාපිත යැ ඡපඤ්ච යෝජන යැ යි.