4. 7. 5.
පස්වන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි මෙහෙණෝ උනු දොළොස්වස් ඇති, පිරිම්නියක්හු අතරට ගියක උපසපන් කරවති. ඔහු සිහිලස උණුසුම සාගිනි පවස නො සිහිය හැකියෝ වෙති. ඩැහැමැසි මදුරු වා හිරුරැස් දිග්දෑපහස ද දුබැසි දුවදනා වදන්මග ද සිරිරි පිළිබැඳි උපන් නො සිහිය හැකි බහල තියුණු රළු නො මිහිරි නො මනවඩන දිවිහරන වෙයිනුදු නො ඉවසන සුල්ලෝ වෙත්.
යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ උනු දොළොස්වස් ඇති, පිරිම්නියක්හු අතරට ගියක උපසපන් කරවූහු දැ”යි. ... සැබෑ ද මහණෙනි, මෙහෙණෝ උනුදොළොස් වස් ඇති, පිරිම්නියක්හු අතරට ගියක උපසපන් කරවත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ උනුදොළොස් වස් ඇති, පිරිම්නියක්හු අතරට ගියක උපසපන් කරවූහු ද? මහණෙනි, උනුදොළොස් වස් ඇති, පිරිම්නියක්හු අතරට ගියා සිහිලස උණුසුම සාගිනි පවස නො සිහිය හැකියා මැ වෙයි. ඩැහැමැසි මදුරු වා හිරුරැස් දිග්දෑ පහස ද දුබැසි දුවදනා වදන්මග ද සිරිරි පිළිබැඳි උපන් නො සිහිය හැකි බහල තියුණු රළු නො මිහිරි නො මනවඩන දිවිහරන වෙයිනුදු නො ඉවසන සුලුවූවා වෙයි. මහණෙනි, දොළොස්වස් ඇති පිරිම්නියක්හු අතරට ගියා සිහිලස උණුසුම සාගිනි පවස සිහිය හැකියා ද වෙයි. ඩැහැමැසි මදුරු වා හිරුරැස් දිග්දෑ පහස ද දුබැසි දුවදනා වදන්මග ද සිරිරි පිළිබැඳි උපන් නො සිහිය හැකි බහල තියුණු රළු නො මිහිරි නො මනවඩන දිවිහරන වෙයිනුදු ඉවසන සුලු වූවා ද වෙයි. මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් උනුදොළොස්වස් ඇති පිරිම්නියක්හු අතරට ගියක උපසපන් කරවා නම් පචිති වේ”යයි.
3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
ඌනද්වාදසවස්සා නම්: නො පත් දොළොස්වස් ඇතියා.
ගිහීගතා නම්: පිරිම්නියක්හු අතරට ගියා කියනු ලැබෙයි.
වුට්ඨාපෙය්‍ය: උපසපන් කරවයි.
උපසපන් කරවන්නෙමි යි ගණයා හෝ ඇජරක හෝ පයක් හෝ සිවුරක් හෝ සොයා නම් සීමාව හෝ සම්මත කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. ඥප්තියෙන් දුකුළා වෙයි. දෙකම් වදනින් දුකුළා වෙති. කම්වදන් පිරියතැ උවදෑ මෙහෙණට පචිති ඇවැත් වෙයි. ගණයාහට ද ඇජරට ද දුකුළා ඇවැත් වේ.
උනුදොළොස්වස් ඇතියා කෙරෙහි උනුදොළොස්වස් සන් ඇතියා උපසපන් කරවා නම් පචිති ඇවැත් වෙයි. උනුදොළොස් වස් ඇතියා කෙරෙහි විමති ඇතියා උපසපන් කරවා නම් දුකුළා ඇවැත් වෙයි. උනුදොළොස්වස් ඇතියා කෙරෙහි පිරිපුන් සන් ඇතියා උපසපන් කරවා නම් ඇවැත් නැති.
පිරිපුන් දොළොස්වස් ඇතියා කෙරෙහි උනුදොළොස්වස් සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. පිරිපුන් දොළොස්වස් ඇතියා කෙරෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. පිරිපුන් දොළොස්වස් ඇතියා කෙරෙහි පිරිපුන් සන් ඇතියා නම් ඇවැත් නැති.
උනුදොළොස්වස් ඇතියක පිරිපුන් සන් ඇතියා උපසපන් කරවා නම්, පිරිපුන් දොළොස්වස් ඇතියක පිරිපුන් සන් ඇතියා උපසපන් කරවා නම්, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
පස්වන සිකපද යි.
4. 7. 6.
සවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි මෙහෙණෝ පිරිපුන් දොළොස් වස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි නො හික්මුණු සිඛ ඇති, පිරිම්නියක්හු අතරට ගියක උපසපන් කරවති. ඔහු නො දැනුමැති අව්‍යක්තයෝ වෙති. කැපය හෝ නො කැපය හෝ නො දනිත්. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ...