4. 7. 6.
සවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි මෙහෙණෝ පිරිපුන් දොළොස් වස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි නො හික්මුණු සිඛ ඇති, පිරිම්නියක්හු අතරට ගියක උපසපන් කරවති. ඔහු නො දැනුමැති අව්‍යක්තයෝ වෙති. කැපය හෝ නො කැපය හෝ නො දනිත්. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ...
ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ පිරිපුන් දොළොස්වස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි නො හික්මුණු සිඛ ඇති පිරිම්නියක්හු අතරට ගියක උපසපන් කරවූහු දැ”යි. ... සැබෑ ද මහණෙනි, මෙහෙණෝ පිරිපුන් දොළොස්වස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි නො හික්මුණු සිඛ ඇති පිරිම්නියක්හු අතරට ගියක උපසපන් කරවත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ පිරිපුන් දොළොස්වස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි නො හික්මුණු සිඛ ඇති පිරිම්නියක්හු අතරට ගියක උපසපන් කරවූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... ගරහා දැහැමි කථා කොට මහණුන් ඇමතූ සේක. ‘මහණෙනි, පිරිපුන් දොළොස්වස් ඇති පිරිම්නියක්හු අතරට ගියකට දෙවසක් සැවැදෑරුම් දහම්හි ශික්‍ෂාසම්මුතිය දෙන්නට අනුදනිමි’යි. මෙසේ ද වනාහි මහණෙනි, දියයුතු යැ. ඒ පිරිපුන් දොළොස්වස් ඇති පිරිම්නියක්හු අතරට ගියක විසින් සඞ්ඝයා වෙත එළැඹ උතුරුසඟසිවුර එකස් කොට මෙහෙණන්ගේ පා වැඳ උළුලුයෙන් හිඳ ඇඳිලි බැඳ මෙසේ කියයුතු වන්නේ යැ: ආර්‍ය්‍යාවෙනි, මෙ නම් ඇති ආර්‍ය්‍යාව කෙරෙහි වූ පිරිපුන් දොළොස් වස් ඇති පිරිම්නියක්හු අතරට ගියා වූ මෙ නම් ඇති මම සඞ්ඝයාගෙන් දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්‍ෂාසම්මුතිය යදිමි යි. දෙවන වටදු යැදිය යුතුයැ. තෙවනවට දු යැදිය යුතුයැ. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මෙහෙණක විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ යි.
2. ආර්‍ය්‍යාවෙනි, සඞ්ඝ තෙමේ මවදන් අසාවා. මෙනම් ඇති ආර්‍ය්‍යාව කෙරෙහි වූ පිරිපුන් දොළොස් වස් ඇති පිරිම්නියක්හු අතරට ගියා වූ මෙ නම් ඇති මෝ තොමෝ සඞ්ඝයාගෙන් දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්‍ෂා සම්මුතිය යදියි. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම් පිරිපුන් දොළොස්වස් ඇති පිරිම්නියක්හු අතරට ගියා වූ මෙ නම් ඇත්තියට දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්‍ෂා සම්මුතිය දෙන්නේ යැ. මේ ඥප්ති යැ.
ආර්‍ය්‍යාවෙනි, සඞ්ඝ තෙමේ මවදන් අසාවා. මෙනම් ඇති ආර්‍ය්‍යාව කෙරෙහි වූ පිරිපුන් දොළොස්වස් ඇති පිරිම්නියක්හු අතරට ගියා වූ මෙ නම් ඇති මෝතොමෝ සඞ්ඝයාගෙන් දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්‍ෂා සම්මුතිය යදියි. සඞ්ඝ තෙමේ පිරිපුන් දොළොස්වස් ඇති පිරිම්නියක්හු අතරට ගියා වූ මෙ නම් ඇත්තියට දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්‍ෂාසම්මුතිය දෙයි. පිරිපුන් දොළොස්වස් ඇති පිරිම්නියක්හු අතරට ගියා වූ මෙ නම් ඇත්තියට දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්‍ෂා සම්මුතිය දීම යම් ආර්‍ය්‍යාවකට රුස්නේ නම් ඕතොමෝ නිහඬවන්නී යැ. යමකට නො රුස්නේ නම් ඕතොමෝ කියන්නී යැ. සඞ්ඝයා විසින් පිරිපුන් දොළොස්වස් ඇති පිරිම්නියක්හු අතරට ගියා වූ මෙ නම් ඇත්තියට දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්‍ෂාසම්මුතිය දෙන ලද්දී යැ. සඞ්ඝයාට රුස්නේ යැ. එහෙයින් නිහඬයහ. මෙය මෙසේ දරමියි.