4. 7. 1.
පළමු සිකපදය
1. එසමයෙහි භාග්යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එ සමයෙහි වනාහි මෙහෙණෝ ගැබිනිය උපසපන් කරවත්. ඕතොමෝ පිඬු පිණිස හැසිරෙයි. මිනිස්සු මෙසේ කීහු: ආර්ය්යාවට පිඬු දෙවු, ආර්ය්යා තොමෝ ගැබ්බර ඇත්තී යැ. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ ගැබිනියක උපසපන් කරවූහු දැ”යි. භික්ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ති ශබ්දය) ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ ගැබිනියක උපසපන් කරවූහු දැ”යි ... සැබෑ ද මහණෙනි, මෙහෙණෝ ගැබිනියක උපසපන් කරවත් දැ”යි. සැබැවැ භාග්යවතුන් වහන්ස. භාග්යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ ගැබිනියක උපසපන් කරවූහු ද? මහණෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් ගැබිනියක උපසපන් කරවා නම් පචිති වේ”යයි.
2. යා පන: යම්, යම් බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්ත්ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂුණි යි.
ගබ්භිනී නම්: පිළිසිඳගත් දරු ඇත්තී කියනු ලැබේ.
වුට්ඨාපෙය්ය: උපසපන් කරවන්නේ යැ.
උපසපන් කරවන්නෙමි යි ගණයා හෝ ඇජරියක හෝ පාත්රය හෝ සිවුරක් හෝ සොයා නම්, සීමාව හෝ සම්මත කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. ඥප්තියෙන් දුකුළා වෙයි. දෙකම් වදනින් දුකුළා වෙති. කම්වදන් පිරියෙතැ උවදෑ මෙහෙණට පචිති ඇවැත් වෙයි. ගණයාහට ද ඇජර මෙහෙණට ද දුකුළා ඇවැත් වේ.
ගැබිනිය කෙරෙහි ගැබිනිසන් ඇතියා උපසපන් කරවා නම් පචිති ඇවැත් වෙයි. ගැබිනිය කෙරෙහි විමති ඇතියා උපසපන් කරවා නම් දුකුළා ඇවැත් වෙයි. ගැබිනිය කෙරෙහි නො ගැබිනි සන් ඇතියා උපසපන් කරවා නම් ඇවැත් නැති.
නො ගැබිනිය කෙරෙහි ගැබිනිසන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. නො ගැබිනිය කෙරෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. නො ගැබිනිය කෙරෙහි නො ගැබිනිසන් ඇතියා නම් ඇවැත් නැති.
6. ගැබිනිය නො ගැබිනි සන් ඇතියා උපසපන් කරවා නම්, නො ගැබිනිය නො ගැබිනි සන් ඇතියා උපසපන් කරවා නම්, ඇවැත් නැත. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
පළමු සිකපද යි.
4. 7. 2.
දෙවන සිකපදය
1. ශ්රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි මෙහෙණෝ කිරිපොවන්නිය උපසපන් කරවති. ඕතොමෝ පිඬු පිණිස හැසිරෙයි. මිනිස්සු මෙසේ කීහු: ‘ආර්ය්යාවට පිඬු දෙවු, ආර්ය්යා තොමෝ දෙවැන්නකු ඇත්තී’යැ යි. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ කිරිපොවන්නියක උපසපන් කරවූහු දැ”යි. භික්ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ති ශබ්දය) ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ කිරිපොවන්නිය උපසපන් කරවූහු දැ”යි ... සැබෑ ද මහණෙනි, මෙහෙණෝ කිරිපොවන්නිය උපසපන් කරවත් දැ”යි. සැබැවැ භාග්යවතුන් වහන්ස. භාග්යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ කිරිපොවන්නිය උපසපන් කරවූහු ද? මහණෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් කිරි පොවන්නිය උපසපන් කරවා නම් පචිති වේ”යයි.
2. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්ත්ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂුණි යි.
පායන්තී නම්: මව හෝ වෙයි, කිරිමව හෝ වෙයි.
වුට්ඨාපෙය්ය: උපසපන් කරවයි.
උපසපන් කරවන්නෙමි යි ගණයා හෝ ඇජරක හෝ පයක් හෝ සිවුරක් හෝ සොයා නම්, සීමාව හෝ සම්මත කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. ඥප්තියෙන් දුකුළා වෙයි. දෙකම් වදනින් දුකුළා වෙති. කම්වදන් පිරියතැ උවදෑ මෙහෙණට පචිති ඇවැත් වෙයි. ගණයාහට ද ඇජර මෙහෙණට ද දුකුළා ඇවැත් වේ.
කිරිපොවන්නිය කෙරෙහි කිරිපොවන්නී සන් ඇතියා උපසපන් කරවා නම් පචිති ඇවැත් වෙයි. කිරිපොවන්නිය කෙරෙහි විමති ඇතියා උපසපන් කරවා නම් දුකුළා ඇවැත් වෙයි. කිරිපොවන්නිය කෙරෙහි කිරිනොපොවන්නීසන් ඇතියා උපසපන් කරවා නම් ඇවැත් නැති.