4. 5. 10.
දසවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මෙහෙණෝ තිරශ්චීන විද්‍යා හදාරවත්. මිනිස්සු ලමුකොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේනම් මෙහෙණෝ ගිහීකාමභෝගිනියන් මෙන් තිරශ්චීනවිද්‍යා හැදෑරැවූහු දැ යි.
2. භික්‍ෂුණීහු ලමු කොට සිතන, නුගුණ පවසන, දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ති ශබ්දය) ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මෙහෙණෝ තිරශ්චීන විද්‍යා හැදෑරැවූහු දැ” යි. … ‘සැබෑද මහණෙනි, සවග මෙහෙණෝ තිරශ්චීන විද්‍යා හදාරවත් දැ’යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, සවග මෙහෙණෝ තිරශ්චීන විද්‍යා හැදෑරැවූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සික පදය උදෙසත්වා:
“යම් මෙහෙණක් තිරශ්චීන විද්‍යා හදාරවා නම් පචිති වේ” යයි.
3. යා පන: යම්, යම් බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
තිරච්ඡානවිජ්ජා නම්: අවැඩින් යුත් බැහැරි යම්කිසි විද්‍යාවකි.
වාචෙය්‍ය: පදයෙන් හදාරවා නම් පෙදෙහි පෙදෙහි පචිති ඇවැත් වෙයි. අකුරින් හදාරවා නම් අකුරෙහි අකුරෙහි පචිති ඇවැත් වේ.
ලිවීම හදාරවා නම්, දැරීම හදාරවා නම්, ආරක්‍ෂාව පිණිස මන්ත්‍ර හදාරවා නම් ඇවැත් නො වේ. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
දසවන සිකපද යි.
පඤ්චම චිත්තාගාර වර්‍ග යි.
එහි උද්දානය:
රාජාගාර යැ ආසන්‍දි යැ සුත්ත යැ ගිහි (වෙය්‍යාවච්ච) යැ වූපසමය යැ (ආහාර) දාන යැ චීවර යැ ආවස්ථ යැ පරියාපුණ්න යැ වාචන යැ යි.