4. 4. 7.
සත්වන සිකපදය
1. ශ්රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි මෙහෙණෝ සැක සහිතැ යි සම්මත වූ ප්රතිභය සහිත වූ රටතුළැ ගැල් සාත්තු නැතියාහු චාරිකායෙහි හැසිරෙත්. ධූර්තයෝ දූෂණය කෙරෙත්. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති දොස් පතුරුවත්, “කෙසේ නම් මෙහෙණෝ සැකසහිතැ යි සම්මත වූ ප්රතිභය සහිත වූ රටතුළැ ගැල්සාත්තු නැතියාහු චාරිකාවෙහි හැසිරුණාහු දැ” යි. … හැබෑද මහණෙනි, මෙහෙණෝ සැකසහිතැ යි සම්මත වූ ප්රතිභය සහිත වූ රටතුළැ ගැල් සාත්තු නැතියාහු හැසිරුණාහු දැ යි. සැබැව භාග්යවතුන් වහන්ස. භාග්යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ සැකසහිතැ යි සම්මත වූ ප්රතිභය සහිත වූ රටතුළැ ගැල්සාත්තු නැතියාහු චාරිකාවෙහි හැසිරුණාහු ද? මහණෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් තොමෝ සැක සහිතැ යි සම්මත වූ ප්රතිභය සහිත වූ රට තුළැ ගැල් සාත්තු නැතියා චාරිකායෙහි හැසිරේ නම් පචිති වේ” ය යි.
2. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්ත්ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂුණී යි.
අන්තොරට්ඨෙ: යමක්හුගේ රටෙහි වෙසේ නම් ඔහුගේ රටෙහි යැ.
සාසඞ්ක නම්: එ මඟෙහි සොරුන් වුසූ තැනෙක් පැනෙයි. අහර කිස කළ තැනෙක් පැනෙයි. සිටි තැනෙක් පැනෙයි, හුන් තැනෙක් පැනෙයි. හොත් තැනෙක් පැනේ.
සප්පටිභය නම්: ඒ මඟෙහි සොරුන් විසින් නසන ලද මිනිස්සු පැනෙති. වොලෝ ගන්නා ලද්දාහු පැනෙති. කොළන ලද්දාහු පැනෙති.
අසත්ථිකා නම්: ගැල් සාත්තුව හැර.
චාරිකං චරෙය්ය: කුකුළු ගමන් ඇති ගමෙහි නම් ගමතුරෙහි ගමතුරෙහි පචිති ඇවැත් වෙයි. නො ගම වු අරන්හි අඩයොත්නෙහි අඩයොත්නෙහි පචිති ඇවැත් වේ.
ගැල් සාත්තුව සමග යේ නම් ක්ෂේම වූ ප්රතිභය රහිත වූ ගමෙහි යේ නම් ඇවැත් නැත. ආපදායෙහි උම්මත්තිකාවට … ආදිකම්මිකාවට ඇවැත් නැති.
සත්වන සිකපද යි.
4. 4. 8.
අටවන සිකපදය
1. ශ්රාවස්තිනිදාන යි – එසමයෙහි මෙහෙණෝ සැක සහිතයැයි සම්මත වූ ප්රතිභය සහිත වූ රටින් පිටතැ ගැල් සාත්තු නැතියාහු චාරිකාවෙහි හැසිරෙත්. ධූර්තයෝ දූෂණය කෙරෙත්. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ සැක සහිතයැයි සම්මත වූ ප්රතිභය සහිත වූ රටින් පිටතැ ගැල් සාත්තු නැතියාහු චාරිකාවෙහි හැසිරුණාහු දැ”යි, … සැබෑද මහණෙනි, මෙහෙණෝ සැක සහිතයැයි සම්මත වූ ප්රතිභය සහිත වූ රටින් පිටතැ ගැල් සාත්තු නැතියාහු චාරිකාවෙහි හැසිරෙත් දැ යි. සැබැව භාග්යවතුන් වහන්ස. භාග්යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ සැක සහිතයැ යි සම්මත වූ ප්රතිභය සහිත වූ රටින් පිටතැ ගැල් සාත්තු නැතියාහු චාරිකාවෙහි හැසිරුණාහු ද? මහණෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි. … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසෙත්වා:
“යම් මෙහෙණක් තොමෝ වනාහි සැක සහිතැ යි සම්මත වූ ප්රතිභය සහිත වූ රටින් පිටතැ ගැල් සාත්තු නැතියා චාරිකාවෙහි හැසිරේ නම් පචිති වේ” ය යි.