4. 4. 6.
සවන සිකපදය
1. ශ්රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි චණ්ඩකාළී භික්ෂුණී ගැහැවියකු හා ද ගැහැවිපුතකු හා ද හැනුනී වෙසෙයි. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත් “කෙසේ නම් ආර්ය්යා චණ්ඩකාළි ගැහැවියකු හා ද ගැහැවිපුතකු හා ද හැනුනී වුසූ දැ” යි. … සැබෑද මහණෙනි, චණ්ඩකාළි භික්ෂුණී ගැහැවියකු හා ද ගැහැවිපුතකු හා ද හැනුනී වෙසේ දැ යි. සැබැව භාග්යවතුන් වහන්ස. භාග්යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, චණ්ඩකාළි භික්ෂුණී ගැහැවියකු හා ද ගැහැවිපුතකු හා ද හැනුනී වුසූ ද? මහණෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සික පදය උදෙසත්වා:
“යම් මෙහෙණක් ගැහැවියකු සමග හෝ ගැහැවිපුතකු සමග හෝ හැනුනී වෙසේ නම් ඒ මෙහෙණ තොමෝ මෙහෙණන් විසින් මෙසේ කියයුතු වන්නී යැ.: “ආර්ය්යාවෙනි, ගැහැවියකු හා ද ගැහැවිපුතකු හා ද හැනුනී නහමක් වසව. ආර්ය්යාවෙනි, වෙන්වව, සඞ්ඝයා බුහුනගේ විවේකය මැ වර්ණනා කෙරේ යැ” යි. මෙසේ ද ඒ මෙහෙණ තොමෝ මෙහෙණන් විසින් කියනු ලබන්නී එසේ මැ දැඩිවැ ගනී නම් ඒ මෙහෙණ තොමෝ මෙහෙණන් විසින් එය දුරලනු පිණිස තුන්යළ තෙක් සමනුභාෂණ කළ යුත්තී යැ. තුන් යළ තෙක් සමනුභාෂණය කරනු ලබන්නී එය දුරැලා නම් මෙසේ තෙල දුරැලීම මැනවි. ඉදින් නො දුරැලා නම් පචිති වේ” ය යි.
2. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්ත්ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂුණී යි.
සංසට්ඨා නම්: අනුලොම් නො වූ කායිකවාචසික ප්රයෝගයෙන් හැනුනී යැ.
ගහපති නම්: යම් කිසිවෙක් ගෙයි වෙසේ නම් හේ යැ.
ගහපතිපුත්ත නම්: යම් කිසි දරුබෑ කෙනෙක්.
සා භික්ඛුනී: ගිහියන් හා හැනීසිටි යම් ඒ මෙහෙණක් තොමෝ යැ.
භික්ඛුනීහි: අන් මෙහෙණන් විසිනි.
යම් මෙහෙණ කෙනෙක් දකිත් ද යම් මෙහෙණ කෙනෙක් අසත් ද ඔවුන් විසින් කිය යුතුයැ. ආර්ය්යාවෙනි, ගැහැවියකු හා ද ගැහැවිපුතකු හා ද හැනුනී නහමක් වසව. ආර්ය්යාවෙනි, වෙන්වව, සඞ්ඝයා බුහුනගේ විවේකය මැ වර්ණනා කෙරේ යැ යි. දෙවනවට දු කිය යුත්තී යැ ... තෙවනවට දු කිය යුත්තී යැ. ඉදින් දුරැලා නම් මෙසේ තෙල දුරැලීම මැනැවි. ඉදින් නො දුරැලා නම් දුකුළා ඇවැත් වෙයි. අසා නො කියත් නම් දුකුළා ඇවැත් වෙයි. ඒ මෙහෙණ සඟමැදට දු ඇද කිය යුත්තී යැ. ආර්ය්යාවෙනි, ගැහැවියකු හා ද ගැහැවිපුතකු හා ද හැනුනී නහමක් වසව. ආර්ය්යාවෙනි, වෙන් වව. සඞ්ඝයා බුහුනගේ විවේකය මැ වර්ණනා කෙරේ යැ යි. දෙවනවට දු කිය යුත්තී යැ. … තෙවනවට දු කිය යුත්තීයැ. ඉදින් දුරැලා නම් මෙසේ තෙල දුරැලීම මැනවි. ඉදින් නො දුරැලා නම් දුකුළා ඇවැත් වේ. ඒ මෙහෙණ සමනුභාෂණය කළ යුත්තී යැ. මෙසේ ද මහණෙනි, සමනුභාෂණය කළ යුත්තී යැ. ව්යක්ත වූ ප්රතිබල වූ මෙහෙණක විසින් සඞ්ඝයා දැන්විය යුත්තේ යි.
ආර්ය්යාවෙනි, සඞ්ඝයා මවදන් අසාවා, මේ මෙනම් ඇති මෙහෙණ ගැහැවියා ද ගැහැවිපුතු ද සමඟ හැනීගියා වාසය කෙරෙයි. ඕතොමෝ ඒ වස්තුව නො දුරැලයි. ඉදින් සඟනට පැමිණිකල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ මෙනම් ඇති මෙහෙණහට ඒ වස්තුහුගේ දුරැලීම පිණිස සමනුභාෂණය කරන්නේ යැ. මේ ඥප්ති යි.