4. 3. 4.
සතරවන සිකපදය
1. ශ්රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි මෙහෙණෝ මෙහෙණන් අතැ සිවුරු තබා හඳනය සහිත උතුරුසඟ සිවුරෙන් යුතු වැ දනවුසැරි සැරීමට යෙති. ඒ සිවුරු බොහෝ කල් බහා තබන ලද්දාහු හටගත් පුස් ඇතියාහු වෙති. ඒ සිවුරු මෙහෙණෝ වියළවත්. මෙහෙණෝ ඒ මෙහෙණන්ට “ආර්ය්යාවෙනි, හටගත් පුස් ඇති මේ සිවුරු කවරක්හුගේදැ”යි තෙල කරුණු කීහු. එකල්හි ඒ මෙහෙණෝ මහණුන්ට තෙල කරුණ ඇරොජූහු.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්. කෙසේ නම් මෙහෙණෝ මෙහෙණන් අතැ සිවුරු තබා හඳනය සහිත උතුරු සඟ සිවුරෙන් යුතු වැ දනවු සැරිසැරීමට ගියාහු දැ”යි. සැබෑද මහණෙනි, මෙහෙණෝ මෙහෙණන් අතැ සිවුරු තබා හඳනය සහිත උතුරු සඟ සිවුරෙන් යුතු වැ දනවු සැරිසැරීමට යෙද්දැ” යි. සැබැවැ භාග්යවතුන් වහන්ස, භාග්යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ මෙහෙණන් අතැ සිවුරු තබා හඳනය සහිත උතුරු සඟ සිවුරෙන් යුතු වැ දනවු සැරිසැරීමට ගියාහු ද? මහණෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් පස්දිනක් සිවුරු පිරිවැටුම ඉක්මවා නම් පචිති වේ” යයි.
3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මො තොමෝ මේ අර්ත්ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂුණී යි.
පඤ්චාහිකං සඞ්ඝාටිචාරං අතික්කාමෙය්ය: පස්වන දිනයෙහි සිවුරුපස නොම හඳී නම් නො මැ පොරවා නම් නො මැ වියළා නම් පස්වන දිනය ඉක්මවා නම් පචිති ඇවැත් වේ.
පස්දිනය ඉක්මගිය කල්හි ඉක්මගිය සන් ඇතියා නම් පචිති ඇවැත් වෙයි. පස්දිනය ඉක්මගිය කල්හි විමති ඇතියා නම් පචිති ඇවැත් වෙයි. පස්දිනය ඉක්මගිය කල්හි නො ඉක්මගිය සන් ඇතියා නම් පචිති ඇවැත් වේ.
පස් දිනය නො ඉක්මගිය කල්හි ඉක්මගිය සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. පස්දිනය නො ඉක්මගිය කල්හි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. පස්දිනය නො ඉක්මගිය කල්හි නො ඉක්මගිය සන් ඇතියා නම් ඇවැත් නැති.
පස්වන දිනයෙහි සිවුරු පස හඳී නම් හෝ පොරවා නම් හෝ වියළා නම් හෝ, ඇවැත් නැත. ගිලන් වූවාට ආපදායෙහි උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
සතරවන සිකපද යි.
4. 3. 5.
පස්වන සිකපදය
1. ශ්රාවස්තිනිදාන යි – එ සමයෙහි වනාහි එක්තරා මෙහෙණක් පිඬුපිණිස හැසිරැ තෙත් සිවුර විදහා වෙහෙරට පිවිසියා යැ. එක්තරා මෙහෙණක් ඒ සිවුර පෙරෙව ගමට පිඬුපිණිස පිවිසියා යැ. ඕ තොමෝ (වෙහෙරින්) නික්ම “ආර්ය්යාවෙනි මාගේ සිවුර දුටුවහු දැ” යි මෙහෙණන් පිළිවුසූ යැ. මෙහෙණෝ ඒ මෙහෙණට තෙල කරුණ ඇරොජූහු. ඉක්බිති ඒ මෙහෙණ ලමුකොට සිතයි; නුගුණ පවසයි, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණක් මාගේ සිවුර නො පිළිවිසැ පෙරවූ දැ” යි. එකල්හි ඒ මෙහෙණ මෙහෙණන්ට තෙල කරුණ ඇරොජූ යැ.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමුකොට සිතති නුගුණ පවසති දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණක් මෙහෙණකගේ සිවුරක් නො පිළිවිසැ පෙරවූ දැ”යි ... සැබෑද මහණෙනි, මෙහෙණක් මෙහෙණකගේ සිවුරක් නොපිළිවිසැ පෙරවූදැ යි. සැබැවැ භාග්යවතුන් වහන්ස. භාග්යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණක් මෙහෙණක ගේ සිවුරක් නො පිළිවිසැ පෙරවූ ද? මහණෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි. ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් යළි දියයුතු සිවුරක් ධරා නම් පචිති වේ” යයි.
3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්ත්ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂුණි යි.
චීවරසංකමනීය නම්: උපසපනකගේ සිවුරුපස අතුරෙන් එක්තරා සිවුරෙකි. ඇය විසින් නො දුන් හෝ ඇය නො පිළිවිසැ හෝ හඳී නම් හෝ පොරවා නම් හෝ පචිති ඇවැත් වේ.
උපසපනක කෙරෙහි උපසපන් සන් ඇතියා යළි දියයුතු සිවුරක් ධරා නම් පචිති ඇවැත් වෙයි. උපසපනක කෙරෙහි විමති ඇතියා යළි දිය යුතු සිවුරක් ධරා නම් පචිති ඇවැත් වෙයි. උපසපනක කෙරෙහි අනුපසපන් සන් ඇතියා යළි දියයුතු සිවුරක් ධරා නම් පචිති ඇවැත් වේ.
අනුපසපනකගේ යළි දියයුතු සිවුරක් ධරා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි උපසපන් සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි අනුපසපන් සන් ඇතියා නම් දුකුළා ඇවැත් වේ.
ඕ මැ දේ නම් හෝ ඇය පිළිවිසැ හෝ හඳී නම් පොරවා නම්, අසිඳගත් සිවුරු ඇතියාට (ඇවැත් නොවෙයි), නට සිවුරු ඇතියාට, ආපදායෙහි, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
පස්වන සිකපද යි.