4. 3. 3.
තෙවන සිකපදය
1. ශ්රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි එක්තරා මෙහෙණකගේ මාඇඟි සිවුරු පිළියෙන් සිවුරෙක් නො මනා කොට කරන ලද්දේ නො මනා කොට ගෙත්තම් කරන ලද්දේ වෙයි. ථුල්ලනන්දා භික්ෂුණී එ මෙහෙණට මෙය කිවුයැ. “ආර්ය්යාවෙනි, තොපගේ මේ සිවුරු පිළිය සොඳුරු එහෙත් සිවුර නො මනා කොට කරන ලද්දේ නො මනා කොට ගෙත්තම් කරන ලද්දේ මැ”යි. ආර්ය්යාවෙනි, ගෙත්තම් හරනෙමි. ගෙත්තම් කෙරෙහි දැ යි. එසේ යැ ආර්ය්යාවෙනි, ගෙත්තම් කරන්නෙමි යි. එකල්හි ඒ මෙහෙණ ඒ සිවුර ගෙත්තම් හැරැ ථුල්ලනන්දා භික්ෂුණියට දුනු යැ. ථුල්ලනන්දා භික්ෂුණී “ගෙත්තම් කරන්නෙමි ගෙත්තම් කරන්නෙමි” යි නොම ගෙත්තම් කරයි. ගෙත්තම් කරැවීම පිණිස වෑයම් නො කරයි. එකල්හි ඒ මෙහෙණ මෙහෙණන්ට තෙල කරුණ ඇරොජූ යැ.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්ය්යා ථුල්ලනන්දා තොමෝ මෙහෙණකගේ සිවුරක් ගෙත්තම් හරවා නො මැ ගෙත්තම් කළා ද? ගෙත්තම් කැරැවීම පිණිස වෑයම් නො කළා”දැ යි ... සැබෑද මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණී මෙහෙණකගේ සිවුරක් ගෙත්තම් හරවා නොමැ ගෙත්තම් කෙරේ ද? ගෙත්තම් කැරැවීම පිණිස වෑයම් නො කෙරේ දැ යි. සැබැවැ භාග්යවතුන් වහන්ස. භාග්යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණී මෙහෙණකගේ සිවුරක් ගෙත්තම් හරවා නොමැ ගෙත්තම් කළා ද? ගෙත්තම් කැරැවීම පිණිස වෑයම් නො කළා ද? මහණෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් මෙහෙණකගේ සිවුරක් ගෙත්තම් හැරැ හෝ ගෙත්තම් හරවා හෝ පසුවැ අනතුරක් නැත්තී සිවුදිනක් පස්දිනක් තබා නො මැ ගෙත්තම් කෙරේ නම් ගෙත්තම් කැරැවීම පිණිස වෑයම් නො කෙරේ නම් පචිති වේ”යැ යි.
3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්ත්ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂුණි යි.
භික්ඛුනියා: අන් මෙහෙණකගේ.
චීවර නම්: සවැදෑරුම් සිවුරු අතුරෙන් එක්තරා සිවුරෙකි.
විසිබ්බෙත්වා: තොමෝ ගෙත්තම් හැරැ.
විසිබ්බාපෙත්වා: මෙරමා ලවා ගෙත්තම් හරවා.
සා පච්ඡා අනන්තරායිකිනී: අනතුරක් නැති කල්හි.
නේව සිබ්බෙය්ය: තොමෝ ගෙත්තම් නො කරන්නේ යැ.
න සිබ්බාපනාය උස්සුක්කං කරෙය්ය: මෙරමාහට නො අණවන්නේ යැ.
අඤ්ඤත්ර චතූහපඤ්චාහං: සිවු දිනක් පස් දිනක් තබා නො මැ ගෙත්තම් කරන්නෙමි. ගෙත්තම් කැරැවීම පිණිස වෑයම් නො කරන්නෙ මි යි ධුරනික්ෂේපය කළ කෙණෙහි පචිති ඇවැත් වේ.
උපසපනක කෙරෙහි උපසපන් සන් ඇතියා සිවුරක් ගෙත්තම් හැරැ හෝ ගෙත්තම් හරවා හෝ ඕ තොමෝ පසුවැ අනතුරක් නැත්තී සිවු දිනක් පස් දිනක් තබා නොමැ ගෙත්තම් කෙරේ නම් ගෙත්තම් කැරැවීම පිණිස වෑයම් නො කෙරේ නම් පචිති ඇවැත් වෙයි. උපසපනක කෙරෙහි විමති ඇතියා සිවුරක් ගෙත්තම් හැරැ හෝ ගෙත්තම් හරවා හෝ ඕ තොමෝ පසු වැ අනතුරක් නැත්තී සිවුදිනක් පස්දිනක් තබා නො මැ ගෙත්තම් කෙරේ නම් ගෙත්තම් කැරැවීම පිණිස වෑයම් නො කෙරේ නම් පචිති ඇවැත් වෙයි. උපසපනක කෙරෙහි අනුපසපන් සන් ඇතියා සිවුරක් ගෙත්තම් හැරැ හෝ ගෙත්තම් හරවා හෝ ඕ තොමෝ පසු වැ අනතුරක් නැත්තී සිවුදිනක් පස්දිනක් තබා නො මැ ගෙත්තම් කෙරේ නම් ගෙත්තම් කැරැවීම පිණිස වෑයම් නො කෙරේ නම් පචිති ඇවැත් වේ.
අන් පිරිකරක් ගෙත්තම් හැරැ හෝ ගෙත්තම් හරවා හෝ ඕ තොමෝ පසු වැ අනතුරක් නැත්තී සිවුදිනක් පස්දිනක් තබා නො මැ ගෙත්තම් කෙරේ නම් ගෙත්තම් කැරැවීම පිණිස වෑයම් නො කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනකගේ සිවුරක් හෝ අන්පිරිකරක් හෝ ගෙත්තම් හැරැ හෝ ගෙත්තම් හරවා හෝ ඕ තොමෝ පසු වැ අනතුරක් නැත්තී සිවු දිනක් පස් දිනක් තබා නො මැ ගෙත්තම් කෙරේ නම් ගෙත්තම් කැරැවීම පිණිස වෑයම් නො කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි උපසපන් සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි අනුපසපන් සන් ඇතියා නම් දුකුළා ඇවත් වේ.
අනතුරක් ඇති කල්හි, සොයා නො ලබා නම්, කරන්නී සිවු දිනක් පස් දිනක් ඉක්මවා නම්, ඇවැත් නැත. ගිලන්වූවාට, ආපදායෙහි, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
තෙවන සිකපද යි.