4. 2. 8.
අටවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි භද්‍රා කාපිලානියගේ අතැවැසි මෙහෙණක් තොමෝ භද්‍රා කාපිලානියට සකසා උවටැන් කෙරෙයි. භද්‍රා කාපිලානී තොමෝ මෙහෙණන්ට “ආර්‍ය්‍යාවෙනි, මේ මෙහෙණ මට සකසා උවටැන් කෙරෙයි. මැයට මම සිවුරක් දෙන්නෙමි”යි මෙය කිවු යැ. එකල්හි ඒ මෙහෙණ වරදවා ගන්නා ලදුයෙන් වරදවා දරන ලදුයෙන් මෙරමා ලමු කොට සිතවු යැ. ආර්‍ය්‍යාවෙනි, මම වනාහි ආර්‍ය්‍යාවහට සකසා උවටැන් නො කෙරෙම් ල, ආර්‍ය්‍යා තොමෝ මට සිවුරක් නො දෙන්නී ලැ යි.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණක් තොමෝ වරදවා ගන්නා ලදුයෙන් වරදවා දරන ලදුයෙන් මෙරමා ලමු කොට සිතවු”දැ යි ... සැබෑද මහණෙනි, මෙහෙණක් තොමෝ වරදවා ගන්නා ලදුයෙන් මෙරමා ලමු කොට සිතවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණක් තොමෝ වරදවා ගන්නා ලදුයෙන් වරදවා දරන ලදුයෙන් මෙරමා ලමු කොට සිතවු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මහණෙනි, මෙහෙණහු මේ සිකපදය මෙසේ උදෙසත්වා:
“යම් මෙහෙණක් වරදවා ගන්නා ලදුයෙන් වරදවා දරන ලදුයෙන් මෙරමා ලමු කොට සිතවා නම් පචිති වේ” යයි.
3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුණී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
දුග්ගහිතෙන: අන් පරිද්දෙකින් ගන්නා ලදුයෙන්,
දූපධාරිතෙන: අන් පරිද්දෙකින් දරන ලදුයෙන්.
පරං: උපසපනක ලමුකොට සිතවා නම් පචිති ඇවැත් වෙයි.
උපසපනක කෙරෙහි උපසපන්සන් ඇතියා ලමු කොට සිතවා නම් පචිති ඇවැත් වෙයි. උපසපනක කෙරෙහි විමති ඇතියා ලමු කොට සිතවා නම් පචිති ඇවැත් වෙයි. උපසපනක කෙරෙහි අනුපසපන්සන් ඇතියා ලමු කොට සිතවා නම් පචිති ඇවැත් වේ.
අනුපසපනක ලමු කොට සිතවා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි උපසපන්සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි අනුපසපන්සන් ඇතියා නම් දුකුළා ඇවැත් වේ.
උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
අටවන සිකපද යි.
4. 2. 9.
නවවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි මෙහෙණෝ තමාගේ බඩු නො දක්නාහු චණ්ඩකාලී මෙහෙණට “ආර්‍ය්‍යාවෙනි, අපගේ බඩු දක්නෙහි”දැ යි මෙය කීහු. චණ්ඩකාළී මෙහෙණ ලමු කොට සිතයි, නුගුණ පවසයි, දොස් පතුරුවයි: යම් ආර්‍ය්‍යා කෙනෙක් තමාගේ බඩු නො දක්නාහු ද, ඔහු මට “ආර්‍ය්‍යාවෙනි, අපගේ බඩු දක්නෙහි” දැ යි මෙසේ කීහු යැ. මම් මැ ඒකාන්තයෙන් සෙරකිම් වෙම් ද, මම් මැ ඒකාන්තයෙන් ලජ්ජා නැතියකිම් වෙම් ද, ඉදින් ආර්‍ය්‍යාවෙනි, තොපගේ බඩු ගනිම් නම් නො මෙහෙණකිම් වෙමි. බඹසරින් ගිලිහෙමි, නිරයෙහි උපදිමි. යමක් වනාහි අභූතයෙන් මා හට මෙසේ කිවු ද, ඕ තොමෝත් නො මෙහෙණක් වේවා, බඹසරින් ගිලිහේවා, නිරයෙහි උපදීවා යි.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍ය චණ්ඩකාළී තොමෝ තමාට ද මෙරමාට ද නිරයෙනුදු බඹසරිනුදු හැවූ”දැ යි ... සැබෑද මහණෙනි, චණ්ඩකාළී මෙහෙණ තමාට ද මෙරමාට ද නිරයෙනුදු බඹසරිනුදු හවා දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, චණ්ඩකාළී මෙහෙණ තමාට ද මෙරමාට ද නිරයෙනුදු බඹසරිනුදු හැවූ ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය මෙසේ උදෙසත්වා:
“යම් මෙහෙණක් තමාහට හෝ මෙරමා හට හෝ නිරයයෙන් හෝ බඹසරින් හෝ හවා නම් පචිති වේ” යයි.
3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
අත්තානං: තමා කෙරෙහි.
පරං: උපසපනකට නිරයයෙන් හෝ බඹසරින් හෝ හවා නම් පචිති ඇවැත් වේ.
උපසපනක කෙරෙහි උපසපන්සන් ඇතියා නිරයයෙන් හෝ බඹසරින් හෝ හවා නම් පචිති ඇවැත් වෙයි. උපසපනක කෙරෙහි විමති ඇතියා නිරයයෙන් හෝ බඹසරින් හෝ හවා නම් පචිති ඇවැත් වෙයි. උපසපනක කෙරෙහි අනුපසපන්සන් ඇතියා නිරයයෙන් හෝ බඹසරින් හෝ හවා නම් පචිති ඇවැත් වේ.