4. 2. 3.
තෙවන සිකපදය
1. ශ්රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි භද්රාකාපිලානියගේ අතැවැසි මෙහෙණකගේ ඥාති පුරුෂයෙක් කිසියම් ඇවැසි කටයුත්තක් පිණිස ගමින් සැවැතට පැමිණියේ යැ. එකල්හි ඒ මෙහෙණ හුදෙකලා වූවා පිළිසන් පියසෙක්හි හුදෙකලා වූ පිරිම්නියක්හු සමග වෙතැ සිටීමත් සල්ලාප කිරීමත් භාග්යවතුන් විසින් ප්රතික්ෂේප කරන ලදැ යි හුදෙකලා වූවා හුදෙකලා වූ ඒ පිරිම්නියා සමග මැ එළිමහන්හි වෙතැ සිටීම ද කෙරෙයි. සල්ලාප ද කෙරෙයි.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්, “කෙසේ නම් මෙහෙණක් තොමෝ එළිමහන්හි හුදෙකලා වූවා හුදෙකලා වූ පිරිම්නියක්හු සමග වෙතැ සිටීමත් කළා ද සල්ලාපත් කළා දැයි ... සැබෑද මහණෙනි, මෙහෙණක් එළිමහන්හි හුදෙකලා වූවා හුදෙකලා වූ පිරිම්නියක්හු සමග වෙතැ සිටීමත් කෙරේද සල්ලාපත් කෙරේ දැයි. සැබැවැ භාග්යවතුන් වහන්ස භාග්යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණක් තොමෝ එළිමහන්හි හුදෙකලා වූවා හුදෙකලා වූ පිරිම්නියක්හු සමග වෙතැ සිටීමත් කළාද සල්ලාපත් කළා දැ යි ... මහණෙනි මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් එළිමහන්හි හුදෙකලා වූවා හුදෙකලා වූ පිරිම්නියක්හු සමග වෙතැ සිටී නම් හෝ සල්ලාප කෙරේ නම් හෝ පචිති වේ” යයි.
3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝතොමෝ මේ අර්ත්ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂුණි යි.
අජ්ඣොකාස නම්: බිතුයෙන් හෝ කවුළුවෙන් හෝ කළාලින් හෝ කඩතුරා පවුරෙන් හෝ රුකින් හෝ ටැඹින් හෝ කොතැලියෙන් හෝ යම් කිසිවකින් නො පිළිසන් වූ පියසෙක් වෙයි.
පුරිස නම්: මිනිස් පිරිම්නියෙකි, යක්ෂයෙක් නො වෙයි, ප්රේතයෙක් නො වෙයි. තිරිසන්ගියෙක් නො වෙයි. වෙතැ සිටින්නට සල්ලාප කරන්නට දැනුමැති ප්රතිබලයෙකි.
සද්ධිං: එක්වැ;
එකෙනෙකා: පිරිම්නියෙක් ද වෙයි. මෙහෙණක් ද වෙයි.
සන්තිට්ඨෙය්ය වා: පිරිම්නියක්හුගේ අත්පසැ සිටීනම් පචිත් ඇවැත් වෙයි.
සල්ලපෙය්ය වා: පිරිම්නියක්හුගේ අත්පසෙහි සිටියා සල්ලාප කෙරේ නම් පචිති ඇවැත් වෙයි.
අත්පස හැරැපියා වෙතැ සිටී නම් හෝ සල්ලාප කෙරේ නම් හෝ දුකුළා ඇවැත් වෙයි. යක්ෂයකු හෝ ප්රේතයකු හෝ පණ්ඩකයකු හෝ තිරිසන්ගිය මිනිස් සිරිරි ඇතියක්හු හෝ සමඟ වෙතැ සිටී නම් හෝ සල්ලාප කෙරේ නම් හෝ දුකුළා ඇවැත් වේ.
යම් කිසි දැනුමැති දෙවැන්නෙක් වේ නම්, නො රඹුරෙහි රිසි ඇතියා, අන්යවිහිත වැ වෙතැ සිටී නම් හෝ සල්ලාප කෙරේ නම් හෝ ඇවැත් නො වේ. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
තෙවන සිකපද යි.