4. 1. 9.
නවවන සිකපදය
1. ශ්රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි එක්තරා බමුණක්හුගේ යව කෙතෙක් මෙහෙණවරක් ඇසිරි කොට වෙයි. මෙහෙණෝ මල ද මූ ද කසළ ද ඉඳුල් ද නිල්වන් ගොයමෙහි දමාපියති. එකල්හි ඒ බමුණු ලමු කොට සිතයි, නුගුණ පවසයි, දොස් පතුරුව යි. “කෙසේ නම් මෙහෙණෝ අපගේ යවකෙත දූෂණය කළාහු”දැ යි.
2. භික්ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ බමුණාගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු මැයි. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහුද ලමු කොට සිතති. නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ මල ද මූ ද ඉඳුල් ද නිල්වන් ගොයමෙහි දමාපූහු දැ”යි ... සැබෑද මහණෙනි, මෙහෙණෝ මල ද මූ ද කසළ ද ඉඳුල් ද නිල්වන් ගොයමෙහි දමා දැ යි. සැබැවැ භාග්යවතුන් වහන්ස. භාග්යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ මල ද මූ ද කසළ ද ඉඳුල් ද නිල්වන් ගොයමෙහි දමාපූහු ද? මහණෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් මල හෝ මූ හෝ කසළ හෝ ඉඳුල් හෝ නිල්වන් ගොයමෙහි දමාපියා නම් හෝ දමවාපියා නම් හෝ පචිති වේ” යයි.
3. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝතොමෝ මේ අර්ත්ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂුණී යි.
උච්චාර නම්: ගූථ ය කියනු ලැබෙයි.
පස්සාව නම්: මූත්ර කියනු ලැබෙයි.
සඞ්කාර නම්: කසළ කියනු ලැබෙයි.
විඝාස නම්: සප හෝ ඇට හෝ ඉඳුල්දිය හෝ යැ.
හරිත නම්: යම් දැයෙක් මිනිසුන්ගේ උපභෝග පරිභෝගයට රෝප ය කරන ලදද (ඒ) පූර්වාන්න යැ අපරාන්න යැ යි.
ඡඩ්ඩෙය්ය: තොමෝ දමාපියා නම් පචිති ඇවැත් වෙයි.
ඡඩ්ඩාපෙය්ය: මෙරමාහට අණවා නම් දුකුළා ඇවැත් වෙයි. වරක් අණවන ලද්දී බොහෝ වරකුදු දමාපියා නම් පචිති ඇවැත් වේ.
නිල්වනෙහි නිල්වන් සන් ඇතියා දමාපියා නම් හෝ දමවාපියා නම් හෝ පචිති ඇවැත් වෙයි. නිල්වනෙහි විමති ඇතියා දමාපියා නම් හෝ දමවාපියා නම් හෝ පචිති ඇවැත් වෙයි. නිල්වනෙහි නො නිල්වන් සන් ඇතියා දමාපියා නම් හෝ දමවාපියා නම් හෝ පචිති ඇවැත් වේ.
නො නිල්වනෙහි නිල්වන් සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. නො නිල්වනෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. නො නිල්වනෙහි නො නිල්වන් සන් ඇතියා නම් ඇවැත් නැති.
හැරැ දමන ලද කෙතෙහි දමාපියා නම්, හිමියන් පිළිවිසැ දමාපියා නම් ඇවැත් නොවේ, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
නවවන සිකපද යි.
4. 1. 10.
දසවන සිකපදය
1. එසමයෙහි භාග්යවත් බුදුහු රජගහ නුවරැ වේළුවන නම් කලන්දක නිවාපයෙහි වැඩැ වෙසෙති. එසමයෙහි වනාහි රජගහ නුවරැ ගිරග නැටුමෙක් වෙයි. සවග මෙහෙණෝ ගිරග නැටුම දකිනු පිණිස ගියහ. මිනිස්සු ලමු කොට සිතති. නුගුණ පවසති. දොස් පතුරුවත්. “කෙසේ නම් මෙහෙණෝ ගෘහී කාමභෝගිනීන් මෙන් නැටුම් ද ගැයුම් ද වැයුම් ද දකිනු පිණිස ආවාහු දැ”යි.