4. 1. 6.
සවන සිකපදය
1. ශ්රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි ආරෝහන්ත නම් මහාමාත්රයෙක් මහණුන් කෙරෙහි පැවිදි වූයේ වෙයි. ඔහුගේ පැරැණි අඹු මෙහෙණන් කෙරෙහි පැවිදි වූවා වෙයි. එසමයෙහි වනාහි ඒ මහණ තෙමේ එ මෙහෙණ වැළතෙහි බත්කිස කෙරෙයි. එකල්හි ඒ මෙහෙණ වළඳන ඒ මහණහට පැනින් ද තල්වැටින් පවන් සැළීමෙන් ද (උවටැන් කරමින්) වෙතැ සිට (පැවිදි සිරිත) ඉක්මවා (පස්කම් සැපමුසු) වදන් බෙණෙයි. එකල්හි ඒ මහණ තෙමේ එ මෙහෙණහට “බුහුන, මෙබන්දක් නහමක් කරව, මෙය නො කැපයැ”යි අප්රසාදය පළ කළේ යැ. පෙරැ තෝ මට මෙසේත් මෙසේත් කෙරෙහි, දැන් මෙවිචරකුත් නො ඉවසහි යැ යි පැන්තලිය හිසමතැ වත් කොට තල්වැටින් පහර දුන්නා යැ.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණක් මහණක්හට පහර දුන්නාදැ”යි ... සැබෑද මහණෙනි, මෙහෙණක් මහණක්හට පහර දුන්නා දැ යි. සැබැවැ භාග්යවතුන් වහන්ස. භාග්යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි මෙහෙණක් මහණක්හට පහරදුන්නාද මහණෙනි මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි. ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් වළඳන මහණක්හට පැනින් හෝ තල්වැටින් හෝ යුතු වැ වෙතැ එළැඹැ සිටී නම් පචිති වේ”යයි.
3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝතොමෝ මේ අර්ත්ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂුණි යි.
භික්ඛුස්ස: උපසපනක්හට.
භුඤ්ජන්තස්ස: පස් බොජුනෙන් එක්තරා බොජුනක් වළඳන්නාහට.
පානීය නම්: යම්කිසි පියයුතු දැයක්.
විධූපන නම්: යම්කිසි විජනියක්.
උපතිට්ඨෙය්ය: අත්පසැ සිටී නම් පචිත් ඇවැත් වෙයි.
උපසපනක්හු කෙරෙහි උපසපන් සන් ඇතියා පැනින් හෝ විජනියෙන් හෝ යුතු වැ වෙතැ සිටී නම් පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි විමති ඇතියා පැනින් හෝ විජනියෙන් හෝ යුතු වැ වෙතැ සිටී නම් පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි අනුපසපන්සන් ඇතියා පැනින් හෝ විජනියෙන් හෝ යුතු වැ වෙතැ සිටී නම් පචිති ඇවැත් වේ.
අත්පස හැරැපියා වෙතැ සිටී නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු වෙතැ සිටී නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක් කෙරෙහි උපසපන්සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි අනුපසපන්සන් ඇතියා නම් දුකුළා ඇවැත් වේ.
දේ නම්, දෙවා නම්, අනුපසපනක්හු අණවා නම්, ඇවැත් නැත. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
සවන සිකපද යි.
4. 1. 7.
සත්වන සිකපදය
1. ශ්රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි මෙහෙණෝ අස්වනු කල්හි අමු ධාන්යය විනවා නුවරට ගෙන එති. (නුවරැ) දොරටුතන්හි ආර්ය්යාවෙනි, කොටසක් දෙවුයැ යි හිරිහැර කොට මුදාලූහ. එකල්හි ඒ මෙහෙණෝ මෙහෙණවරට ගොස් මෙහෙණන්ට තෙල කරුණ ඇරොජූහු.