1. 3.
තෘතීය පාරාජිකය
1. එසමයෙහි භාග්යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති, එසමයෙහි වනාහි ථුල්ලනන්දා භික්ඛුනී තොමෝ සමග සඟහු විසින් උඛෙව්නීකම් කළ ගිජුපැටිකුලෙහි උපන් අරිට්ඨ මහණහු අනුව වැටෙයි. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් ආර්ය්යා ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ සමග සඟහු විසින් උඛෙව්නීකම් කළ ගිජුපැටිකුලෙහි උපන් අරිට්ඨ මහණහු අනුව වැටුනි දැයි ... සැබෑද මහණෙනි! ථුල්ලනන්දා මෙහෙණ සමග සඟහු විසින් කළ උඛෙව්නීකම් ඇති ගිජුපැටිකුලෙහි උපන් අරිට්ඨ මහණහු අනුව වැටේ දැ යි. සැබැව භාග්යවතුන් වහන්ස. භාග්යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්දා මෙහෙණ සමග සඟහු විසින් උඛෙව්නීකම් කළ ගිජුපැටිකුලෙහි උපන් අරිට්ඨ මහණහු අනුව වැටුණී ද? මහණෙනි මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද වනාහි මහණෙනි මේ සිකපදය මෙහෙණෝ උදෙසත්වා:
යම් මහණෙක් ධර්මයෙන් විනයෙන් ශාස්තෘශාසනයෙන් සමග සඟහු විසින් උඛෙව්නීකම් කළ අනදරබව ඇති පිළියම් රහිත වූ නො කළ සහායබව ඇති එ මහණහු අනුව වැටේ නම් මෙහෙණන් විසින් එ මෙහෙණ තොමෝ මෙසේ කිය යුතු වන්නී යැ. “ආර්ය්යාවෙනි තෙල මහණ තෙමේ වනාහි ධර්මයෙන් විනයෙන් ශාස්තෘශාසනයෙන් සමග සඟහු විසින් උඛෙව්නීකම් කරන ලද්දෙක. අනදරබව ඇතියෙකැ, පිළියම් නැතියෙකැ, නො කළ සහායබව ඇතියෙකි. ආර්ය්යාවෙනි තෙල මහණහු අනුවැ නහමක් වැටේව” යි. මෙසේත් මෙහෙණන් විසින් කියනු ලබන ඒ මෙහෙණ එසේ මැ දැඩි වැ වෑයම් කරන්නී නම් මෙහෙණන් විසින් එ මෙහෙණ එදිටු දුරැලනු පිණිස තුන් යළ තෙක් සමනුභාෂණකර්ම කළ යුත්තී යැ, එදිටු දුරැලනු පිණිස තුන් යළ තෙක් සමනුභාෂණකර්ම කරනු ලබන්නී එය දුරැලන්නී නම් තෙල දුරැලීම මැනැවි. ඉදින් නො දුරැලන්නී නම් මෝ තොමෝත් පරිජිවූවා සහවාසයට නො නිසි වූවා වෙයි ... උක්ඛිත්තානුවත්තිකා යැ.
2. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්ත්ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂුණි ය යි.
සමග්ග නම්: සමාන සංවාසක සඞ්ඝ තෙමෙ සමාන සීමායෙහි සිටියේ වෙයි.
උක්ඛිත්ත නම්: ඇවැත නො දැක්මෙහි හෝ පිළියම් නො කිරීමෙහි හෝ (ලමුදිට්හ) නො දුරැලීමෙහි හෝ උකෙච්නී කම් කරන ලද්දේ යි.
ධම්මෙන විනයෙන: යම් ධර්මයෙකින් යම් විනයෙකින්,
සත්ථුසාසනෙන: ජිනසාසනයෙන්, බුද්ධසාසනයෙන්.
අනාදර නම්: සඞ්ඝයා හෝ ගණයා හෝ පුද්ගලයා හෝ කර්මය හෝ නො ගනී.
අප්පතිකාර නම්: උඛෙව්නීකම් කරන ලදුයේ සඞ්ඝයාට ඇතුළත් නො කරන ලද්දේ යි.
අකතසහාය නම්: සමාන සංවාසක භික්ෂුහු සහායයෝ යැයි කියනු ලැබෙති. හේ ඔවුන් සමග නැති. එහෙයින් අකතසහාය යැයි කියනු ලැබේ.
තමනුවත්තෙය්ය: ඒ උඛෙව්නීකම් කළ මහණ තෙමේ යම්බඳු දෘෂ්ටි ඇතියෙක් යම්බඳු ඉවසීම් ඇතියෙක් යම්බඳු රුචි ඇතියෙක් වේ නම් ඒ මෙහෙණ තොමෝත් එබඳු දෘෂ්ටි ඇත්තී එබඳු ඉවසීම් ඇත්තී එබඳු රුචි ඇත්තී වෙයි.
සා භික්ඛුනී: යම් මෙහෙණක් උඛෙව්නීකම් කළ මහණහු අනුවැ වැටේ නම් ඒ මෙහෙණ යි.
භික්ඛුනීහි: අන් මෙහෙණන් විසින්; යම් මෙහෙණ කෙනෙක් දකිත් නම් යම් මෙහෙණ කෙනෙක් අසත් නම් ඔවුන් විසින් “ආර්ය්යාවෙනි තෙල මහණ තෙමේ වනාහි ධර්මයෙන් විනයෙන් ශාස්තෘශාසනයෙන් සමඟ සඟහු විසින් උඛෙව්නීකම් කරන ලද්දෙකැ, අනදරබව ඇතියෙකැ, පිළියම් නැතියෙකැ. නො කළ සහාය බව ඇතියෙකි. ආර්ය්යාවෙනි තෙල මහණහු අනුවැ නහමක් වැටේව” යි. කිය යුත්තී ය. දෙවනවටදු කිය යුත්තී යැ ... තෙවනවටදු කියයුත්තී යැ ... ඉදින් (එය) දුරැලන්නී නම් තෙල දුරැලීම මැනැවි. ඉදින් නො දුරැලන්නී නම් දුකුළා ඇවැත් වෙයි. අසා නො කියත් නම් දුකුළා ඇවැත් වෙයි. එ මෙහෙණ සඟ මැදට ඇදපියා කිය යුත්තී යැ. “ආර්ය්යාවෙනි තෙල මහණ තෙමේ වනාහි ධර්මයෙන් විනයෙන් ශාස්තෘශාසනයෙන් සමඟ සඟහු විසින් උඛෙව්නීකම් කරන ලද්දෙකැ, අනදර බව ඇතියෙකැ, පිළියම් නැතියෙකැ, නො කළ සහාය බව ඇතියෙකි. ආර්ය්යාවෙනි තෙල මහණහු අනුවැ නහමක් වැටේව” යි. දෙවනවටදු කිය යුත්තී යැ – තෙවනවටදු කිය යුත්තී යැ – ඉදින් දුරැලන්නී නම් තෙල දුරැලීම මැනැවි. ඉදින් නො දුරැලන්නී නම් දුකුළා ඇවැත් වෙයි. එ මෙහෙණ සමනුභාෂණකර්ම කළ යුත්තී යැ.