චතුර්‍ත්‍ථ ශික්‍ෂාපද යි.
8. 6. 5.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු භගු ජනපදයෙහි සුංසුමාර ගිරියෙහි භෙසකලාවන නම් මුව වෙනෙහි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි භික්‍ෂූහු කොකනද පහයෙහි ඉඳුල් සහිත අතින් පැන්මලාව පිළිගනිත්. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස්පතුරුවත්: කෙසේ නම් ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ කාමභෝගී ගිහියන් මෙන් ඉඳුල් සහිත අතින් පැන්මලාව පිළිගත්තු දැ යි.
2. භික්‍ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්තිශබ්දය) ඇසූහු මැ යි. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් භික්‍ෂූහු ඉඳුල් සහිත අතින් පැන්මලාව පිළිත්තු” දැ යි ... සැබෑද මහණෙනි, භික්‍ෂූහු ඉඳුල් සහිත අතින් පැන්මලාව පිළිගනිද්දැයි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ඒ හිස් පුරුෂයෝ ඉඳුල් සහිත අතින් පැන්මලාව පිළිගත්තු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද වනාහි මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“ඉඳුල් සහිත අතින් පැන්මලාව නො පිළිගන්නෙමි යි හික්මියැ යුතු” යි.
3. ඉඳුල් සහිත අතින් පැන්මලාව නො පිළිගත යුතු යි. යමෙක් අනාදරිය පිණිස ඉඳුල් සහිත අතින් පැන්මලාව පිළිගනී නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, දොවන්නෙමි යි හෝ දොවවන්නෙමි යි හෝ පිළිගනී නම් ඇවැත් නැති. ආපදායෙහි, උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
පඤ්චම ශික්‍ෂාපද යි.
8. 6. 6.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු භගු ජනපදයෙහි සුංසුමාරගිරියෙහි භෙසකලාවන නම් මුවවෙනෙහි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි භික්‍ෂූහු කොකනද පහයෙහි බත්හුළු සහිත පාදෙවූ දිය ඇතුළුගෙහි දමත්. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත් “කෙසේ නම් ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ කාමභෝගී ගිහියන් මෙන් බත්හුළු සහිත පාදෙවූ දිය ඇතුළුගෙහි දැමූහු” දැ යි.