ප්‍රථම ශික්‍ෂාපදයි.
8. 6. 2.
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ අත ලොවමින් වළඳත් ...
“අත ලොවමින් නො වළඳන්නෙමි යි හික්මියයුතු යැ” යි.
2. අත ලොවමින් නො වැළැඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස අත ලොවමින් වළඳා නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට ... ආදිකම්මිකයහට ඇවැත් නැති.
ද්විතීය ශික්‍ෂාපද යි.
8. 6. 3.
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ පාත්‍රය ලොවමින් වළඳත් ...
“පාත්‍රය ලොවමින් නො වළඳන්නෙමි යි හික්මියැ යුතු” යි.
2. පාත්‍රය ලොවමින් නො වැළඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස පාත්‍රය ලොවමින් වළඳා නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, මඳ දැයෙහි, ඉතිරියෙහි එක් කොට ඇද ලෙවැ වළඳා නම්, අවැත් නැති. ආපදායෙහි, උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
තෘතීය ශික්‍ෂාපද යි.
8. 6. 4.
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ තොල් ලොවමින් වළඳත් ...
“තොල් ලොවමින් නො වළඳන්නෙමියි හික්මියැ යුතු” යි.
2. තොල් ලොවමින් නො වැළඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස තොල් ලොවමින් වළඳා නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට ... ආදිකම්මිකයහට ඇවැත් නැති.
චතුර්‍ත්‍ථ ශික්‍ෂාපද යි.