6. 8. 5.
තලසත්තික ශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් වූ අනේ පිඬු සිටුහුගේ අරම්හි වැඩවෙසෙත්. එසමයෙහි වනාහි සවග මහණහු කිපියෝ නොසියමන්වූවෝ සතළොස්වගැ මහණුන්හට තලසැත් නඟා දක්වති. ඔහු පුරුදු පහර එතියි හඟනාහු හඬති. භික්ෂූහු මෙසේ කීහු: “ඇවැත්නි, තෙපි කුමකට හඬවු” දැ යි ඇවැත්නි, මේ සවග මහණෝ කිපියෝ නොසියමන්වූවෝ අපහට තලසැත් නඟා දක්වන්නාහ යි.
2. යම් ඒ භික්ෂු කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු කිපියෝ නො සියමන් වූවෝ මහණුන්හට තලසැත් නඟා දැක්වූහු”දැයි ... සැබෑ ද මහණෙනි, තෙපි කිපියාහු නො සියමන් වූවාහු මහණුන්හට තලසැත් නඟා දක්වවු දැ යි. සැබැවැ භාග්යවතුන් වහන්ස, භාග්යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි කිපියාහු නොසියමන්වූවාහු මහණුන්හට තලසැත් නඟා දැක්වූවහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් කිපියේ නො සියමන් වූයේ මහණක්හට තලසැත් නඟන්නේ නම් පචිති වේ” යයි.
3. යො පන: යම්, යම්බඳු ... භික්ඛූ ... මෙතෙමේ මේ අර්ත්ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂු යි.
භික්ඛුස්ස: අන් මහණක්හට,
කුපිතෝ අනත්තමනෝ: නො සතුටු වූයේ ප්රතිඝයෙන් හැපුණු සිත් ඇතියේ හටගත් පිළඝුහුල් ඇතියේ,
තලසත්තිකං උග්ගිරෙය්ය: කය හෝ කය පිළිබද්දක් හෝ යටත් පිරිසෙයින් උපුල්පතකුදු නඟා දක්වා නම් පචිති ඇවැත් වේ.
උපසපනක්හු කෙරෙහි උපසපන්සන් ඇතියේ කිපියේ නො සියමන් වූයේ තලසැත් නඟා දක්වා නම් පචිති ඇවැත් වේ. උපසපනක්හු කෙරෙහි විමති ඇතියේ කිපියේ නොසියමන් වූයේ තලසැත් නඟා දක්වා නම් පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි අනුපසපන්සන් ඇතියේ කිපියේ නොසියමන් වූයේ තලසැත් නඟා දක්වා නම් පචිති ඇවැත් වේ.
අනුපසපනක්හට කිපියේ නොසියමන්වූයේ තලසැත් නඟා දක්වා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි උපසපන්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි අනුපසපන්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ.
කිසිවකු විසිනුදු වෙහෙසනු ලබන්නේ මිදෙනු කැමැති වැ තල සැත් නඟා දක්වා නම් ඇවැත් නැත, උම්මත්තකහට ආදිකම්මිකහට ඇවැත් නැති.
පස්වැනි තලසත්තික ශික්ෂාපද යි.