6. 8. 10.
ඡන්දංඅදත්වාගමන ශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි සඞ්ඝයා කිසියම් කරුණෙකින් රැස් වූයේ වෙයි. සවග මහණහු සිවුරුකම් කරන්නෝ එකක්හට ඡන්දය දුන්හු. එකල්හි සඞ්ඝයා යමක්හු සඳහා රැස් වූයේ නම් ඒ කර්මය කරන්නෙමැ යි ඥප්තිය තැබී යැ. එකල්හි ඒ මහණ මෙපරිද්දෙන් මැ මොහු එකක් එකක්හට කර්ම කෙරෙති. තෙපි කවරක්හට කර්ම කරන්නහු දැයි ඡන්දය නො දී හුනස්නෙන් නැඟිට ගියේ යි.
2. යම් ඒ භික්ෂු කෙනෙක් අපිස් වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මහණෙක් සඟමැද විනිශ්චය කථාවක් පවත්නා කල්හි ඡන්දය නො දී හුනස්නෙන් නැඟිට ගියේ”දැ යි ... සැබෑ ද මහණ තෝ සඟමැද විනිශ්චයකථාවක් පවත්නා කල්හි ඡන්දය නො දී හුනස්නෙන් නැඟිට යෙහි දැ යි. සැබැවැ භාග්යවතුන් වහන්ස, භාග්යවත් බුදුහු ගැරහූහ ... කෙසේ නම් හිස් පුරුෂය, තෙපි සඟ මැද විනිශ්චය කථාවක් පවත්නා කල්හි ඡන්දය නො දී හුනස්නෙන් නැඟිට ගියහු ද? හිස් පුරුෂය, මෙය අප්රසන්නයන් ගේ ප්රසාදය පිණිස හො නො වෙයි ... මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
“යම් මහණෙක් සඟමැද විනිශ්චය කථාවක් පවත්නා කල්හි ඡන්දය නො දී හුනස්නෙන් නැඟිටැ බැහැරැ යන්නේ නම් පචිති වේ” යැ යි.
3. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්ත්ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂු යි.
සඞ්ඝේ විනිච්ඡයකථා නම්: වස්තුව ආරෝචනය කරන ලද්දේ හෝ විනිශ්චය නො කරන ලද්දේ හෝ වෙයි. ඥප්තිය තබන ලද හෝ කම්වදන් නො නිමියේ හෝ වෙයි.
ඡන්දං අදත්වා උට්ඨායාසනා පක්කමෙය්ය: කෙසේ මේ කර්මය කෝප්ය වන්නේ ද ව්යග්ර වන්නේ ද නො කරන්නේ දැ යි යේ නම් දුකුළා ඇවැත් වෙයි. පිරිසෙන් අත්පස හරනාහට දුකුළා ඇවැත් වෙයි. හළ කල්හි පචිත් ඇවැත් වේ.
4. දැහැමිකම්හි දැහැමිකම්සන් ඇතියේ ඡන්දය නො දී හුනස්නෙන් නැඟිට බැහැරැ යේ නම් පචිති ඇවැත් වෙයි. දැහැමිකම්හි විමති ඇතියේ ඡන්දය නො දී හුනස්නෙන් නැඟිට බැහැර යේ නම් දුකුළා ඇවැත් වෙයි. දැහැමිකම්හි නො දැහැමිකම්සන් ඇතියේ ඡන්දය නො දී හුනස්නෙන් නැඟිට බැහැරැ යේ නම් ඇවැත් නැති.
5. නො දැහැමිකම්හි දැහැමිකම් සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො දැහැමිකම්හි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො දැහැමිකම්හි නො දැහැමිකම් සන් ඇතියේ නම් ඇවැත් නැති.
6. සඞ්ඝයාගේ භණ්ඩනයෙක් හෝ කලහයෙක් හෝ විග්රහයෙක් හෝ විරුද්ධවාදයෙක් හෝ වන්නේ යැ යි යේ නම්, සඞ්ඝභේදය හෝ සඞ්ඝරාජිය හෝ වන්නේ යැ යි යේ නම්, අධර්මයෙන් හෝ ව්යග්රයෙන් හෝ කර්මාර්හ නොවනුවක්හට කර්ම කරන්නේ යැ යි හෝ යේ නම්, ගිලන් වැ හෝ යේ නම්, ගිලනක්හුගේ කළයුත්තෙකින් හෝ යේ නම්, මහවටනින් හෝ සුළුවටනින් හෝ පෙළෙනුයේ යේ නම් කර්මය කෝප්ය කරනු කැමැත්තක් නැතියේ යළි පෙරළා එන්නෙමැ යි යේ නම් (ඇවැත් නොවේ), උම්මත්තකයහට ආදිකම්මියහට ඇවැත් නැති.
දසවැනි ඡන්දංඅදත්වාගමන ශික්ෂාපද යි.
6. 8. 11.
දබ්බ ශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුහු රජගහ නුවරැ කලන්දකනිවාස නම් වේළුවන අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි වනාහි ආයුෂ්මත් දබ්බමල්ලපුත්ර සඞ්ඝයාහට සෙනසුනුදු පනවයි. බතුදු උදෙසයි. ඒ ආයුෂ්මත් තෙමේත් දුබල සිවුරු ඇතියේ වෙයි. එසමයෙහි වනාහි සඞ්ඝයාහට එක් සිවුරක් උපන්නේ වෙයි. එකල්හි සඞ්ඝයා ඒ සිවුර ආයුෂ්මත් දබ්බමල්ල පුත්රයහට දුන්නේ යැ. එකල්හි සවග මහණහු ලමු කොට සිතති නුගුණ පවසති දොස් පතුරුවත්: “භික්ෂූහු විශ්වස්ත පරිද්දෙන් සඞ්ඝික ලාභය පිරිනමති” යි.
2. යම් ඒ භික්ෂු කෙනෙක් අපිස්වූවාහු ... ඔහු ලමු කොට සිතති. නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු සමග්ර සඞ්ඝයා හා එක්වැ සිවුරු දී පසු වැ ගරහන බවට පැමිණියෝ දැ” යි ... සැබෑ ද මහණෙනි, තෙපි සමග්ර සඞ්ඝයා හා එක්වැ සිවුරු දී පසු වැ ගරහන බවට පැමිණෙවු දැ යි. සැබැවැ භාග්යවතුන් වහන්ස, භාග්යවත් බුදුහු ගැරහූහ. ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි සමග්ර සඞ්ඝයා හා එක් වැ සිවුරු දී පසු වැ ගරහන බවට පැමිණියහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි ... මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
“යම් මහණෙක් සමග්ර සඞ්ඝයා හා එක් වැ සිවුරු දී භික්ෂූහු විශ්වස්තපරිද්දෙන් සඞ්ඝිකලාභය පිරිණමත් යයි පසු වැ ගරහන බවට පැමිණේ නම් පචිති වේ” යයි.