6. 6. 9.
විකප්පන ශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි ආයුෂ්මත් උපනන්ද ශාක්යපුත්ර බෑයාගේ සද්ධිවිහාරික භික්ෂුහට තමා මැ සිවුරක් විකපා නොපසුදුරා පරිභොහ කෙරෙයි. එකල්හි ඒ මහණ මහණුන්හට තෙල කරුණ දැන්වී යැ: “ඇවැත්නි, මේ ආයුෂ්මත් උපනන්ද ශාක්යපුත්ර මාහට තමා මැ සිවුරක් විකපා නො පසුදුරා පරිභොහ කෙරේ” ය යි. යම් ඒ භික්ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති. නුගුණ පවසති. දොස් පතුරුවත්. “කෙසේ නම් ආයුෂ්මත් උපනන්ද ශාක්යපුත්ර මහණක්හට තමා මැ සිවුරක් විකපා නො පසුදුරා පරිභෝග කෙළේ” දැයි ... සැබෑ ද, උපනන්ද, තෙපි මහණක්හට තමා මැ සිවුරක් විකපා නො පසුදුරා පරිභොහ කරවු දැ යි. සැබැවැ භාග්යවතුන් වහන්ස, භාග්යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂය, තෙපි මහණක්හට තමා මැ සිවුරක් විකපා නො පසුදුරා පරිභොහ කළහු ද? හිස් පුරුෂය, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි ... මහණෙනි! මෙසේ මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් මහණක්හට හෝ මෙහෙණක්හට හෝ සික්මනුවක්හට හෝ හෙරණකුහට හෝ හෙරණකහට හෝ තෙමේ සිවුරක් විකපා නො පසුදුරා පරිභෝග කෙරේ නම් පචිති වේ” යයි.
2. යො පන: යම් යම්බඳු ... භික්ඛු ... මෙ තෙමේ මේ අර්ත්ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂු යි.
භික්ඛුස්ස: අන් මහණක්හට.
භික්ඛුනී නම්: දෙසඟුන් කෙරෙහි උපසපන් වූවා.
සික්ඛමානා නම්: දෙවසක් සදහම්හි හික්මුණු සික ඇත්තී.
සාමණේර නම්: දස සිකපද ඇතියේ.
සාමණෙරී නම්: දස සිකපද ඇත්තී.
සමං; තෙමේ විකපා
චීවර නම්: ස වැදෑරුම් සිවුරු අතුරෙන් එක්තරා විකපුන් පොහෝනා පැසුළු සිවුරක්.
විකප්පනා නම්: හමුයෙහි විකප්පනා යැ, නොහමුයෙහි විකප්පනා යි විකප්පනා දෙකෙකි.
සම්මුඛා විකප්පනා නම්: මේ සිවුර තොපට හෝ මෙනම් අතියහුට හෝ විකපමි.
පරම්මුඛා විකප්පනා නම්: මේ සිවුර විකපුන් සඳහා තොපට දෙමැ යි. කවරෙක් තාගේ මිතුරු හෝ දුටුමිතුරු හෝ වේ දැ යි ඔහු විසින් කිය යුත්තේ යි. මෙනම් ඇතියේ ද මෙනම් ඇතියේ දැ යි ඔහු විසින් කිය යුත්තේ යි. මම ඔවුනට දෙමි, ඔවුන් සතු වූව පරිභෝග හෝ කරව, දීම හෝ කරව, රිසියෙන්නක් හෝ කරව යි.
අපච්චුද්ධාරක නම්: ඔහුට නො දෙන ලද්ද හෝ ඔහුට අවිස්වසින් හෝ පරිභෝග කෙරේ නම් පචිති ඇවැත් වෙයි. නො කළ පසුදුරුණෙහි නො කළ පසුදුරුණු සන් ඇතියේ පරිභෝග කෙරේ නම් පචිති ඇවැත් වෙයි. නො කළ පසුදුරුණෙහි විමති ඇතියේ පරිභෝග කෙරේ නම් පචිති ඇවැත් වෙයි. නො කළ පසුදුරුණෙහි කළ පසුදුරුණු සන් ඇතියේ පරිභෝග කෙරේ නම් පචිති ඇවැත් වේ.
ඉටා නම් හෝ විසඳා නම් හෝ දුකුළා ඇවැත් වෙයි. කළ පසුදුරුණෙහි නො කළ පසුදුරුණු සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. කළ පසුදුරුණෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. කළ පසුදුරුණෙහි කළ පසුදුරුණු සන් ඇතියේ නම් ඇවැත් නැති.
හෙතෙමේ දෙයි හෝ, ඔහු කෙරෙහි විස්වස් කරමින් පරිභෝග කෙරෙයි හෝ ඇවැත් නො වේ. උම්මත්තකහට ආදිකම්මිකහට ඇවැත් නැති.
නවවැනි විකප්පනශික්ෂාපද යි.
6. 6. 10.
චීවරාපනිධාන ශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුහු සැවැත්නුවර ජේතවන නම්වූ, අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි සතළොස් වග මහණහු නො තැන්පත් කළ පිරිකර ඇතියේ වෙති. සවග මහණහු සතළොස්වග මහණුන්ගේ පා ද සිවුරු ද සඟවති. සතළොස් වග මහණහු සවග මහණුන්ට තෙල කීහු: “ඇවැත්නි, අපගේ පාත්ර ද සිවුරු ද දෙව” යි. සවග මහණෝ සිනා සෙති. ඔහු හඬත්. භික්ෂූහු මෙසේ කීහු: “ඇවැත්නි, තෙපි කුමකට හඬවු” දැ යි ඇවැත්නි, මේ සවග මහණෝ අපගේ පාත්ර ද සිවුරු ද සඟවති යයි.