6. 6. 5.
භිංසාපනක ශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුහු සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි සවග මහණහු සතළොස්වග මහණුන් බිය ගන්වති. ඔහු බිය ගන්වනු ලබන්නාහු හඬති. භික්ෂූහු මෙසේ කීහු: “කුමකට ඇවැත්නි, තෙපි හඬවු” දැ යි. ඇවැත්නි, මේ සවග මහණහු අප බිය ගන්වති යි. යම් ඒ භික්ෂු කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණෝ මහණක්හු බිය ගැන්වූහු” දැ යි ... සැබෑද? මහණෙනි, තෙපි මහණක්හු බිය ගන්වහු දැ යි. සැබැවැ භාග්යවතුන් වහන්ස, භාග්යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි තෙපි මහණක්හු බිය ගැන්වූවහු ද, හිස් පුරුෂයෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි. ... මෙසේත් මහණෙනි, මේ සිකපදය උදෙසවු:
යම් මහණෙක් මහණක්හු බිය ගන්වා නම් පචිති වේ ය යි.
2. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙම මේ අර්ත්ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂු යි. භික්ඛුං: අන් මහණක්හු:
හිංසාපෙය්ය: උපසපනෙක් උපසපනක්හු බිය ගන්වනු කැමැත්තේ රූපයක් හෝ ශබ්දයක් හෝ ගන්ධයක් හෝ රසයක් හෝ ස්ප්රෂ්ටව්යයක් හෝ එළවයි. හේ බිය වේ නම් හෝ නො බිය වේ නම් හෝ පචිති ඇවැත් වෙයි. සොරකතරක් හෝ වල්කතරක් හෝ නොමිනිස් කතරක් හෝ කියයි. හේ බිය වේ නම් හෝ නො බිය වේ නම් හෝ පචිති ඇවැත් වේ.
උපසපනක්හු කෙරෙහි උපසපන් සන් ඇතියේ බියගන්වා නම් පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි විමති ඇතියේ බියගන්වා නම් පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි අනුපසපන් සන් ඇතියේ බියගන්වා නම් පචිති ඇවැත් වේ.
අනුපසපනක්හු බියගන්වනු කැමැත්තේ රූපයක් හෝ ශබ්දයක් හෝ ගන්ධයක් හෝ රසයක් හෝ ස්ප්රෂ්ටව්යයක් හෝ එළවයි. හේ බිය වේ නම් හෝ නො බිය වේ නම් හෝ දුකුළා ඇවැත් වෙයි. සොරකතරක් හෝ වල්කතරක් හෝ නොමිනිස් කතරක් හෝ කියා ද හේ බිය වේ නම් හෝ නො බිය වේ නම් හෝ දුකුළා ඇවැත් වේ.
අනුපසපනක්හු කෙරෙහි උපසපන් සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි අනුපසපන් සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ.
6. නො බියගන්වනු කැමැත්තේ රූපයක් හෝ ශබ්දයක් හෝ ගන්ධයක් හෝ රසයක් හෝ ස්ප්රෂ්ටව්යයක් හෝ එළවා නම්, සොරකතරක් හෝ වල් කතරක් හෝ නො මිනිස් කතරක් හෝ කියා නම්, ඇවැත් නො වේ. උම්මත්තකහට ආදිකම්මිකහට ඇවැත් නැති.
පස්වැනි හිංසාපනකශික්ෂාපද යි.
6. 6. 6.
ජෝති ශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුහු භග්ග ජනවියෙහි සුංසුමාරගිරි නම් නුවරැ මිගදාය නම් වූ භේසකලාවනයෙහි වැඩැවෙසෙති. එසමයෙහි භික්ෂූහු හිමත්කල්හි එක්තරා මහත් බෙණය සහිත දරකඩකට ගිනි දල්වා තැපූහු. ඒ බෙණෙහි දු කළුනයෙක් ගින්නෙන් තැවුණේ නික්මැ මහණුන් ලුහුබැඳී යැ. භික්ෂූහු තන්හි තන්හි දිවූහු. යම් ඒ භික්ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරවත්: “කෙසේ නම් භික්ෂූහු ගිනි දල්වා තැපූහු” දැ යි ... සැබෑද මහණෙනි, භික්ෂූහු ගිනි දල්වා තපිත් දැ යි, සැබැවැ භාග්යවතුන් වහන්ස, භාග්යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි ඒ හිස් පුරුෂයෝ ගිනි දල්වා තැපූහු ද, මහණෙනි, මෙය අප්රසන්නගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ මහණෙනි, මේ සිකපදය උදෙසවු:
යම් මහණෙක් තපිනු කැමැත්තේ ගිනි දල්වා නම් හෝ දල්වවා නම් හෝ පචිති වේ ය යි.
මෙසේත් භාග්යවතුන් වහන්සේ විසින් භික්ෂූන්හට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.