6. 5. 6.
චාරිත්ත ශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුහු රජගහ නුවරැ කලන්දක නිවාප නම් වූ වේළුවනයෙහි වැඩැ වෙසෙති. එසමයෙහි ආයුෂ්මත් උපනන්ද ශාක්යපුත්රයාගේ උපස්ථායක කුලය ආයුෂ්මත් උපනන්ද ශාක්යපුත්රයහට බතින් පැවැරී යැ. අන්ය භික්ෂූනුදු බතින් පැවැරී යැ. එසමයෙහි වනාහි ආයුෂ්මත් උපනන්ද ශාක්යපුත්ර පෙරබත්හි කුලයන් ඇසිරි කෙරෙයි. එකල්හි ඒ භික්ෂූහු ඒ මිනිසුනට මෙය කීහු; ‘ඇවැත්නි, බත් දෙව’ යි. ස්වාමීනි, ආර්ය්ය උපනන්ද වහන්දැ පැමිණෙන තාක් පොරොත්තු වනු මැනැවැ යි. දෙවන වට දු ඒ භික්ෂූහු ... තෙවන වට දු ඒ භික්ෂූහු ඒ මිනිසුනට මෙය කීහු. “ඇවැත්නි! බත් දෙවු, පෙරවරු ඉක්මැ යේ යැ යි ස්වාමීනි, ඇපි යම් හෙයෙකින් ආර්ය්ය උපනන්ද හිමිහු කරුණු කොට ගෙන බත කළමෝ ද? එහෙයින් ආර්ය්ය උපනන්ද වහන්දැ පැමිණෙන තාක් වහන්ස, පොරොත්තුවනු මැනැවැයි.
2. ඉක්බිති ආයුෂ්මත් උපනන්ද ශාක්යපුත්ර පෙරබත්හි කුලයන් ඇසිරි කොට දහවල්හි පැමිණියේ යැ. භික්ෂූහු සිත්සේ නො වැළඳූහු. යම් ඒ භික්ෂු කෙනෙක් අපිස් වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්; “කෙසේ නම් ආයුෂ්මත් උපනන්ද ශාක්යපුත්ර නිමතන ලදුයේ බොජුන් සහිත වූයේ මැ පෙරබත්හි කුලයන්හි හැසිරීමට පැමිණියේ” දැ යි ... සැබෑද උපනන්දයෙනි, තෙපි නිමතන ලදුයෙහි බොජුන් සහිත වූයෙහි මැ පෙරබත්හි කුලයන්හි හැසිරීමට පැමිණියෙහි දැ යි. සැබැවැ භාග්යවතුන් වහන්ස, භාග්යවත් බුදුහු ගැරහූ සේක ... කෙසේ නම් හිස් පුරුෂය! තෙපි නිමතන ලදුයෙහි බොජුන් සහිත වූයෙහි මැ පෙරබත්හි කුලයන්හි හැසිරීමට පැමිණියෙහි ද? හිස් පුරුෂය! මෙය අප්රසන්නගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි! මේ සිකපදය උදෙසවු.
යම් මහණෙක් පවරන ලදුයේ බොජුන් සහිත වූයේ මැ පෙරබත්හි කුලයන්හි හැසිරීමට පැමිණෙන්නේ නම් පචිති වේ ය යි.
මෙසේත් භාග්යවතුන් වහන්සේ විසින් භික්ෂූන්හට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
3. එසමයෙහි වනාහි ආයුෂ්මත් උපනන්ද ශාක්යපුත්රයාගේ උපස්ථායකකුලයෙක් සඞ්ඝයාගේ ප්රයෝජනය පිණිස “ආර්ය්ය උපනන්ද තෙරුනට දක්වා සඟනට දියයුතු” යැයි කෑ යුතු දැය එවී යැ. එසමයෙහි වනාහි ආයුෂ්මත් උපනන්ද ශාක්යපුත්ර ගමට පිඬු පිණිස පිවිසියේ වෙයි. එකල්හි ඒ මිනිස්සු ආරාමයට ගොස් “ස්වාමීනි, ආර්ය්ය උපනන්ද වහන්දැ කොහි” දැයි මහණුන් පිළිවිසියහ. ඇවැත්නි, තෙලෙ ආයුෂ්මත් උපනන්ද ශාක්යපුත්ර ගමට පිඬු පිණිස පිවිසියේ යි. ස්වාමීනි, මේ කෑයුතු දැය ආර්ය්ය උපනන්ද වහන්දෑහට දක්වා සඟනට දිය යුතු යි. තෙල කරුණ භාග්යවතුන්හට දැන්වූහ. එසේ නම් මහණෙනි, උපනන්ද පැමිණෙන තුරු පිළිගෙන තැන්පත් කොට තබවු.
4. ඉක්බිති ආයුෂ්මත් උපනන්ද ශාක්යපුත්ර පෙරබත්හි කුලයන්හි හැසිරීම භාග්යවතුන් විසින් ප්රතික්ෂේප කරණ ලදැ යි පසුබත්හි කුලයන් ඇසිරි කොට දහවල්හි පෙරළා පැමිණියේ යි. කෑ යුතු දැය පෙරළා ගෙනැ ගියහ. යම් ඒ භික්ෂු කෙනෙක් අපිස් වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්. “කෙසේ නම් ආයුෂ්මත් උපනන්ද ශාක්යපුත්ර පසුබත්හි කුලයන්හි හැසිරීමට පැමිණියේ” දැ යි ... සැබෑද උපනන්ද, තෙපි පසුබත්හි කුලයන්හි හැසිරීමට පැමිණියවු දැ යි, සැබැවැ භාග්යවතුන් වහන්ස! භාග්යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂය, තෝ පසුබත්හි කුලයන්හි හැසිරීමට පැමිණියෙහි ද? හිස් පුරුෂය! මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි! මේ සිකපදය උදෙසවු.
යම් මහණෙක් නිමතන ලදුයේ බොජුන් සහිත වූයේ මැ පෙරබත්හි හෝ පසු බත්හි කුලයන්හි හැසිරීමට පැමිණේ නම් පචිති වේ යැ යි.
මෙසේත් භාග්යවතුන් විසින් මේ සිකපදය භික්ෂූන්හට පනවන ලද්දේ වෙයි.
5. එසමයෙහි භික්ෂූහු සිවුරු දෙන සමයෙහි කුකුස් කරන්නාහු කුලයන් ඇසිරි නො කෙරෙති. මඳ සිවුරෙක් උපදී. තෙල කරුණ භාග්යවතුන්හට දැන්වූහ ... “මහණෙනි! සිවුරු දෙන සමයෙහි කුලයන් ඇසිරි කරන්නට අනුදනිමි.” මෙසේ ද මහණෙනි! මේ සිකපදය උදෙසවු.
යම් මහණෙක් නිමන්ත්රණ ලදුයේ බොජුන් සහිත වූයේ මැ සුදුසු සමය තබා පෙරබත්හි හෝ පසුබත්හි කුලයන්හි හැසිරීමට පැමිණේ නම් පචිති වේ. එහි මේ සුදුසු සමය යි, සිවුරු දෙන සමය යැ, මේ එහි සුදුසු සමය යි.
මෙසේ භාග්යවතුන් විසින් මේ සිකපදය භික්ෂූන්හට පනවන ලද්දේ වෙයි.
6. එසමයෙහි භික්ෂූහු සිවුරුකම් කෙරෙති. හිදියෙනුදු හුයෙනුදු සැතිනුදු ප්රයෝජන වෙයි. භික්ෂූහු කුකුසනුවෝ කුලයන් ඇසිරි නො කෙරෙති. තෙල කරුණ භාග්යවතුන්හට දැන්වූහ ... “මහණෙනි! සිවුරු කරන සමයෙහි කුලයන් ඇසිරි කරන්නට අනුදනිමි.” මෙසේ ද මහණෙනි! මේ සිකපදය උදෙසවු.
යම් මහණෙක් නිමන්ත්රණ ලදුයේ බොජුන් සහිත වූයේ මැ සුදුසු සමය තබා පෙර බත්හි හෝ පසුබත්හි කුලයන්හි හැසිරීමට පැමිණේ නම් පචිති වේ. එහි මේ සුදුසු සමය යි. සිවුරු දෙන සමය යැ සිවුරු කරන සමය යැ. මේ එහි සුදුසු සමය යි.
මෙසේත් භාග්යවතුන් විසින් මේ සිකපදය භික්ෂූන්හට පනවන ලද්දේ වෙයි.