අචේලක වර්ගය
6. 5. 1.
අචේලක ශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුහු විසල් පුර මහවෙනෙහි කුළාර හල්හි වැඩැවෙසෙති, එසමයෙහි වනාහි සඟනට කැවිලි බහුල වූයේ වෙයි, එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්යවතුන් වහන්සේට තෙල කරුණ සැලකළහ. එසේ වී නම් ආනන්දයෙනි, ඉඳුල් කන්නවුනට කැවුම් දෙව යි. එසේ යැ වහන්සැ යි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්යවතුන්ට පිළිවදන් දී ඉඳුල් කන්නවුන් පිළිවෙළින් හිඳුවා එක් එක් කැවුමක් දෙන්නාහු එක්තරා පිරිවැජියකට එකෙකැ යි හඟිමින් දෙ කැවුමක් දුන්හ. අවට පිරිවැජිනියෝ එපිරිවැජිනියට මෙය කීහු. “තෙල මහණ තීගේ සොර සැමි දැ”යි තෙල මහණ මාගේ සොර සැමි නො වෙයි, එකෙකැ යි හඟිමින් දෙ කැවුමක් දුන් වනැ යි. දෙවනවට ද ... තෙවනවට ද ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ එක් එක් කැවුමක් දෙන්නෝ එ මැ පිරිවැජිනියට එකෙකැ යි හඟිමින් දෙ කැවුමක් දුන්හ, අවට පිරිවැජිනියෝ එපිරිවැජිනියට මෙය කීහු: “තෙල මහණ තීගේ සොරසැමි දැ”යි තෙල මහණ මාගේ සොරසැමි නො වෙයි, එකෙකැ යි හඟිමින් දෙ කැවුමක් දුන් වනැ යි. සොරසැමි යැ නො සොරසැමි” යැ යි ඩබර කළහ.
2. එක්තරා ආජීවකයෙක් ද දන් වළඳන තැනට ගියේ ය. එක්තරා මහණෙක් බොහෝ වූ ගිතෙලින් බත් හනා මහත් පිඬුවක් ඒ ආජීවකයාට දුන්නේ යැ. එකල්හි ඒ ආජීවක තෙමේ ඒ බත් පිඬුව රැගෙන ගියේ යි. එක්තරා ආජීවකයෙක් ඒ ආජීවකයාට මෙය කී යැ. “ඇවැත්නි, තා විසින් පිඬු කොයින් ලබන ලද” දැ යි ඇවැත්නි, ඒ මුඬුගැහැවි මහණගොයුම්හුගේ දන් වළඳනා තෙනින් ලදිමි, උවසුවෝ ඒ ආජීවකයන්ගේ මේ කථාසල්ලාපය ඇසූහු, එකල්හි ඒ උවසුවෝ භාග්යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹ භාග්යවතුන් වැඳ එකත් පසෙකැ හුන්හු. එකත් පසෙකැ හුන් ඒ උවසුවෝ භාග්යවතුන්හට මෙය කීහු. “ස්වාමීනි, මේ අන්තොටුවෝ බුදුනට ගරහනු කැමැතියෝ දහමට ගරහනු කැමැතියෝ සඟනට ගරහනු කැමැතියෝ යි. ස්වාමීනි, ආර්ය්යයෝ අන්තොටුවනට සියතින් යමක් නො දෙන්නහු නම් මැනැවැ යි. එකල්හි භාග්යවතුන් වහන්සේ දැහැමි කථායෙන් ඒ උවසුවනට (දෙලෝවැඩ) මොනවට දැක්වූ සේක. (කුසල්දහම්හි) සමාදන් කරවූ සේක. මොනවට තෙද ගැන්වූ සේක, මොනවට සතුටු කරවූ සේකි. එකල්හි ඒ උවසුවෝ භාග්යවතුන් විසින් දැහැමි කථායෙන් මොනවට දක්වන ලදුවෝ මොනවට සමාදන් කරවන ලදුවෝ මොනවට තෙද ගන්වන ලදුවෝ මොනවට සතුටු කරවන ලදුවෝ හුනස්නෙන් නැගිට භාග්යවතුන් සකසා වැඳ පැදකුණු කොට ගියහ.
3. ඉක්බිති භාග්යවතුන් වහන්සේ මෙකරුණෙහි ලා මෙ අවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමතූ සේක. එසේ වී නම් මහණෙනි, කරුණු දසයක් පිණිස මහණුන්හට සිකපද පනවන්නෙමි. සඟුන්ගේ මනා පිළිගැනුම, සඟුන්ගේ පහසුබව ... සසුන් පැවැත්ම, විනයට රුකුල් දීම පිණිස යැ. මෙසේත් මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් නිවටක්හට හෝ පිරිවැජියකුට හෝ පිරිවැජියකට හෝ සියතින් කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ දෙන්නේ නම් පචිති වේ” යයි.
4. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙම මේ අර්ත්ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂු යි; අචේලක නම්: යම් කිසි පිරිවැජිබවට පැමිණි නිරිවතෙකි. පරිබ්බාජික නම් මහණ ද හෙරණ ද තබා යම් කිසි පිරිවැජිබවට පැමිණියෙකි. පරිබ්බාජිකා නම්: මෙහෙණ ද සික්මනුව ද හෙරැණිය ද තබා යම් කිසි පිරිවැජිබවට පැමිණියකි. ඛාදනීය නම්: පස් බොජුන් දැහැටු පැන් තබා අවශේෂය ඛාදනීය නම් වෙයි.
භෝජනීය නම්: බත් යැ කොමුපිඬු යැ අත්සුණු යැ දියමස් යැ ගොඩ මස් යැ යන පස්බොජුනි. දදෙය්ය: කයින් හෝ කයපිළිබද්දෙන් හෝ නිසැගියෙන් හෝ දේ නම් පචිති ඇවැත් වේ.
තීර්ත්ථකයා කෙරෙහි තීර්ත්ථකසංඥා ඇතියේ සියතින් කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ දේ නම් පචිති ඇවැත් වෙයි. තීර්ත්ථකයා කෙරෙහි විමති ඇතියේ සියතින් කෑයුතු දැයක් හෝ බිදිය යුතු දැයක් හෝ දේ නම් පචිති ඇවැත් වෙයි. තීර්ත්ථකයා කෙරෙහි අතීර්ත්ථකසංඥා ඇතියේ සියතින් කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ දේ නම් පචිති ඇවැත් වේ.
දැහැටු පැන් දේ නම් දුකුළා ඇවැත් වෙයි. අතීර්ත්ථකයා කෙරෙහි තීර්ත්ථකසංඥා ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අතීර්ත්ථකයා කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අතීර්ත්ථකයා කෙරෙහි අතීර්ත්ථකසංඥා ඇතියේ නම් ඇවැත් නැති.
දෙවා නම් නො දේ නම් වෙතැ තබා දේ නම් බැහැරී ගැල්වීමක් දේ නම් ඇවැත් නැත, උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
අචේලක ශික්ෂාපදය නිමි.