6. 2. 8.
වේහාසකුටි ශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි සඟසතු වෙහෙරෙක්හි මතුමහලින් යුත් කිළියෙකැ දෙමහණ කෙනෙකි. එක් නමෙක් යටැ වෙසෙයි. එක් නමෙක් මතුයෙහි වෙසේ. මතුයෙහි වූ මහණ අටනියෙහි (ඇඳවත) සවිකළ පා ඇති ඇඳෙක යුහුසුලු වැ හුන්නේ යි. ඇඳපා වැටී යටැ හුන් මහණහුගේ මත්තෙහි වැතිරිණි. ඒ මහණ හඬ නැඟීය. භික්ෂූහු දිව අවුත් “ඇවැත්නි, තෙපි කුමට හඬ නැඟුවයි එ මහණහට කීහු. එකල්හි ඒ මහණ මහණුන්හට තෙල කරුණු සැලකෙළේ යි.
2. යම් ඒ භික්ෂු කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් මහණ සඟසතු වෙහෙරෙක්හි මතුමහලින් යුත් කිළියෙකැ අටනියෙහි සවිකළ පා ඇති ඇඳෙක යුහුසුලුව වැ හුන්නේ දැ යි … සැබෑ ද මහණ තෝ සඟසතු වෙහෙරෙක්හි මතුමහලින් යුත් කිළියෙකැ අටනියෙහි සවිකළ පා ඇති ඇඳෙකැ යුහුසුලු වැ හිඳිහි දැ යි. සැබැවැ භාග්යවතුන් වහන්ස, භාග්යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් හිස්පුරුෂය, තෝ සඟසතු වෙහෙරෙක්හි මතුමහලින් යුත් කිළියෙකැ අටනියෙහි සවිකළ පා ඇති ඇඳෙකැ යුහුසුලු වැ හුන්නෙහි ද? හිස් පුරුෂය, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි. … මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් සඟසතු වෙහෙරෙකැ මතුමහල් කිළියෙක්හි අටනියෙහි සවිකළ පා ඇති ඇඳෙකැ හෝ පුටුවෙකැ හෝ හිඳින්නේ නම් හෝ නිදන්නේ නම් හෝ පචිති ඇවැත් වේ” යයි.
3. යො පන: යමෙක්, යම් බඳුයෙක් … භික්ඛු: … මෙතෙම මේ අර්ත්ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂු යි.
සඞ්ඝික විහාර නම්: සඟනට දෙන ලද්දෙක් පරිත්යක්තයෙක් වෙයි.
වේහාසකුටි නම්: මැදුම් පිරිම්නියක්හුගේ හිස නො ගැටෙන තැනි.
ආහච්චපාදක නම්: ඇඳ අටනියෙහි විද සවිකොට තබන ලද්දේ වෙයි.
ආහච්චපාදක නම්: පුටුව අටනියෙහි විද සවිකොට තබන ලද්දේ වෙයි.
අභිනිසීදෙය්ය: එහි වැද හිඳිනේ නම් පචිති ඇවැත් වේ.
අභිනිපජෙජය්ය: එහි වැදහෝනේ නම් පචිති ඇවැත් වේ.
සඟසතුයෙහි සඟසතු සන් ඇතියේ මතුමහල් කිළියෙහි අටනියෙහි සවිකළ පා ඇති ඇඳෙකැ හෝ පුටුවෙකැ හෝ වැදහිඳී නම් හෝ වැදහොවී නම් හෝ පචිති ඇවැත් වේ. සඟසතුයෙහි විමති ඇතියේ … සඟසතුයෙහි පුඟුල්සන් ඇතියේ මතුමහල් කිළියෙහි අටනියෙහි සවිකළ පා ඇති ඇඳෙකැ හෝ පුටුවෙකැ හෝ වැදහිඳී නම් හෝ වැදහොවී නම් හෝ පචිති ඇවැත් වේ.
පුඟුල්සතුයෙහි පුඟුල්සතුසන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. පුඟුල්සතුයෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. පුඟුල්සතුයෙහි පුඟුල්සතුසන් ඇතියේ අනෙකක්හුගේ පුඟුල්සතුයෙහි නම් දුකුළා ඇවැත් වේ. තමාගේ පුඟුල්සතුයෙහි නම් ඇවැත් නැති.
මතුමහලක් නැති කිළියෙහි හිසගැටෙන කිළියෙහි යටැ පරිභෝග නො වේ නම් පුවරුවලින් තැනුණෙක් වේ නම් (ඇඳපුටුහි) පාමුදුන ඇණ ලන ලද වේ නම් එහි සිටියේ ගනී නම් හෝ (අනෙකක්) එල්වන්නේ නම් හෝ (ඇවැත් නැති) උම්මත්තකයහට ද ආදිකම්මිකයහට ද ඇවැත් නැති.
අටවැනි වේහාසකුටිශික්ෂාපද යි.
6. 2. 9.
මහල්ලක විහාර ශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුහු කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි වැඩවෙසෙති. එසමයෙහි ආයුෂ්මත් ඡන්නයන්ගේ උපස්ථායක වූ මහාමාත්රයෙක් ආයුෂ්මත් ඡන්නහට වෙහෙරක් කරවයි. එකල්හි ආයුෂ්මත් ඡන්න කළ නිමාම් ඇති වෙහෙර පුන පුනා සෙවෙනි කරැවී. පුන පුනා අලෙව් දෙවී. ඉතා බර වූ වෙහෙර ඇද වැටිණ. එකල්හි ඡන්න තෙමේ තණ ද දර ද ඇද රැස් කරනුයේ එක්තරා බමුණක්හුගේ යව කෙත වැනසී ය. එකල්හි ඒ බමුණු ලමු කොට සිතයි, නුගුණ පවසයි, දොස් පතුරුවයි: කෙසේ නම් පින්වත්හු අපගේ යව කෙත වැනැසූ දැ යි භික්ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරු වන ඒ බමුණක්හුගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු.