6. 2. 6.
අනුපඛජ්ජ ශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි සවගමහණහු පෙරටු වැ ගොස් උතුම් සෙනසුන් වළහා සිටිත්. තෙරහු භික්ෂූන් (වසගින්) නැගිටුවාලති. එකල්හි සවගමහණුන්හට “කවර උපායෙකින් ඇපි මෙහි මැ වසන්නෙමු දෝ හෝ යි” මෙ සිත විය. එකල්හි සවගමහණහු ‘යමක්හට ගැහැට වන්නේ නම් හේ බැහැරැ යන්නේ’ යැ යි ස්ථවිර භික්ෂූන් අතුරෙහි පිවිස ශයනය කෙරෙත්.
2. යම් ඒ භික්ෂු කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් සවගමහණහු ස්ථවිර භික්ෂූන් අතුරෙහි පිවිස ශයනය කළාහු දැ යි … සැබෑ ද මහණෙනි, තෙපි ස්ථවිර භික්ෂූන් අතුරෙහි පිවිස ශයනය කරන්නාහු දැ යි සැබැවැ භාග්යවතුන් වහන්ස. භාග්යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් හිස්පුරුෂයෙනි, තෙපි ස්ථවිර භික්ෂූන් අතුරෙහි පිවිස ශයනය කළාහු දැ යි. හිස් පුරුෂයෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි. … මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් සඟසතු වෙහෙරෙක්හි දැනැ දැනැ පළමු පැමිණි මහණහු අතුරෙහි පිවිස ‘යමක්හට ගැහැට වන්නේ නම් හේ බැහැරැ යන්නේ’ යැ යි අනෙකක් නො වැ මෙය මැ කරුණු කොට ගෙන ශයනය කරන්නේ නම් පචිති වේ” යයි.
3. යො පන: යම්, යම්බඳු … භික්ඛු: … මෙතෙම මේ අර්ත්ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂු යි.
සඞ්ඝික විහාර නම්: සඟනට දෙන ලද්දෙක් පරිත්යක්තයෙක් වෙයි.
ජානාති නම්: වැඩිහිටියෙකැයි දනී, ගිලනෙකැයි දනී, සඟහු විසින් දෙන ලද්දෙකැයි දනී.
අනුපඛජ්ජ: අතුරෙහි පිවිස. සෙය්යං කප්පෙය්ය: ඇඳෙක හෝ පුටුවෙකැ හෝ පිවිසෙන්නහුගේ හෝ නික්මෙන්නහුගේ හෝ උවසර සෙනසුනක් අතුරා නම් හෝ අතුරුවා නම් හෝ දුකුළා ඇවැත් වේ. අතුරෙහි හිඳී නම් හෝ අතුරෙහි නිදා නම් හෝ පචිති ඇවැත් වෙයි.
ඒතදෙව පච්චයං කරිත්වා අනඤ්ඤං: අතුරෙහි පිවිස හොවින්නට අන් කිසිදු කරුණෙක් නැති.
සඟසතුයෙහි සඟසතුසන් ඇතියේ අතුරෙහි පිවිස ශයනය කෙරේ නම් පචිති ඇවැත් වේ. සඟසතුයෙහි විමති ඇතියේ අතුරෙහි පිවිස ශයනය කෙරේ නම් පචිති ඇවැත් වේ. සඟසතුයෙහි පුඟුල්සතුසන් ඇතියේ අතුරෙහි පිවිස ශයනය කෙරේ නම් පචිති ඇවැත් වේ.
ඇඳෙක හෝ පුටුවෙකැ හෝ පිවිසෙන්නහුගේ හෝ නික්මෙන්නහුගේ හෝ උවසර තබා සෙනසුනක් අතුරා නම් හෝ අතුරුවා නම් හෝ දුකුළා ඇවැත් වේ. අතුරෙහි හිඳී නම් හෝ අතුරෙහි නිදා නම් හෝ දුකුළා ඇවැත් වේ. වෙහෙරැ උවසරෙහි හෝ උවටැන්හල්හි හෝ මඬුවෙක්හි හෝ රුක්මුලෙකැ හෝ එළිමහනෙකැ හෝ සෙනසුනක් අතුරා නම් හෝ අතුරුවා නම් හෝ දුකුළා ඇවැත් වේ. අතුරෙහි හිඳී නම් හෝ අතුරෙහි නිදා නම් හෝ දුකුළා ඇවත් වේ.
පුඟුල්සතුයෙහි සඟසතුසන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. පුඟුල්සතුයෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. පුඟුල්සතුයෙහි පුඟුල්සතුසන් ඇතියේ අනෙකක්හුගේ පුඟුල්සතුයෙහි නම් දුකුළා ඇවැත් වේ. තමාගේ පුඟුල්සතුයෙහි නම් ඇවැත් නැති.
ගිලන් වැ පිවිසේ නම්, ශීතයෙන් හෝ උෂ්ණයෙන් හෝ පීඩිත වැ පිවිසේ නම්, ඇවැත් නැත. ආපදාවෙහි ද උම්මත්තකයහට ද ආදිකම්මිකයාහට ද ඇවැත් නැති.
සවැනි අනුපඛජ්ජශික්ෂාපදය යි.